මැලේසියාව සහ කෙන්යාව අවසන් සටනට

188

රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ සිව්කොන් දැල්පන්දු තරගාවලියේ සාර්ථක තෙවන දිනය ඊයේ (10) දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී නිමාවිය. ඊයේ දිනයේදී මැලේසියානු කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූ අතර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමද කෙන්යානු කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.

මැලේසියාව අපරාජිතව පෙරමුණ ගනී

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ සිව්කොන්….

ඒ අනුව මෙවර සිව්කොන් දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට ප්‍රබල මැලේසියාව සහ කෙන්යාව සමත් විය.

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තරගය

තරගයේ පළමු කාර්තුවේ ආරම්භයේ සිටම දැඩි ආක්‍රමණකාරී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලැබුණු අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගෙන එම කාර්තුව තුළ ලකුණු 11ක් රැස්කර ගැනීමට සමත්වූ අතර ප්‍රබල මැලේසියානු කණ්ඩායම ලකුණු 09ක් රැස්කර ගැනීමට සමත් විය.

පළමු කාර්තුව :  ශ්‍රී ලංකාව 11 –  09 මැලේසියාව

දෙවන කාර්තුව තුළදී මැලේසියානු කණ්ඩායමේ ආරක්ෂණ ක්‍රීඩා විලාසය හමුවේ මදක් පසුබැසීමට සිදුවූ ශ්‍රී ලංකා කණ්ඩායම එම කාර්තුව තුළද ලකුණු 11 රැස්කර ගැනීමට සමත් විය. මැලේසියානු කණ්ඩායම තම දෙවන කාර්තුව තුළ ලකුණු 13ක් රැස් කරමින් ලකුණු තත්වය සම කිරීමට සමත් විය.

දෙවන කාර්තුව :  ශ්‍රී ලංකාව 22 –  22 මැලේසියාව

තම කණ්ඩායමේ ආරක්ෂක වළල්ල තවදුරටත් ශක්තිමත් කර ගනිමින් තරගයේ තෙවන කාර්තුව ආරම්භ කළ මැලේසියානු කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 08ක් පමණි. දැඩි ආරක්ෂක ක්‍රීඩා රටාවක් මෙන්ම ආක්‍රමණශීලී තරග රටාවක නිරත වූ මැලේසියානු ක්‍රීඩිකාවන් එම කාර්තුව තුළ ලකුණු 12ක් රැස් කරමින් තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය.

තෙවන කාර්තුව :  ශ්‍රී ලංකාව 30 –  34 මැලේසියාව

කෙන්යාව හා මැලේසියාව ශ්‍රී ලංකා කණ්ඩායම් පරාජය කරයි

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන සිව්කොන් දැල්පන්දු……

මැලේසියානු කණ්ඩායමට වඩා ලකුණු 04ක් පිටුපසින් සිටිමින් යම් පීඩනයක් සහිතව තරගයේ අවසන් කාර්තුව ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩිකාවන් මැලේසියානු ආරක්ෂණ වළල්ල හමුවේ මෙවරද අඩපණ වූ අතර එම කාර්තුව තුළ ලකුණු 09කින් සෑහීමකට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. පෙර කාර්තුවේ මෙන්ම අවසන් කාර්තුවේ ද සාර්ථක වූ මැලේසියානු ක්‍රීඩිකාවන් තම ලකුණු පුවරුවට ලකුණු 13ක් එක් කිරීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය :  ශ්‍රී ලංකාව 39 – 47  මැලේසියාව

ඒ අනුව මෙවර සිව්කොන් දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට මැලේසියානු දැල්පන්දු කණ්ඩායම සමත් විය.  


කෙන්යාව සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර තරගය

තරගයේ පළමු කාර්තුවේ සිටම මනා ලෙස ක්‍රීඩාවේ නියැලුණු කෙන්යානු ක්‍රීඩිකාවන්, ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂක පවුර අපහසුතාවයට පත්කරමින් ලකුණු රැස් කිරීමෙහි නිරත විය. පළමු කාර්තුව තුළ කෙන්යානු කණ්ඩායම ලකුණු 21ක් රැස් කළ අතර ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් ලකුණු 07ක් රැස් කිරීමට සමත් විය.

පළමු කාර්තුව :  කෙන්යාව 21 – 07  ශ්‍රී ලංකා යොවුන්

ඉතා දැඩි ආරක්ෂණ වළල්ලක් දියත් කරමින් දෙවන කාර්තුව ක්‍රීඩා කළ කෙන්යානු ක්‍රීඩිකාවන් එම කාර්තුව තුළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට ලකුණු 02ක් පමණක් රැස් කිරීමට අවස්ථාවන් ලබාදුන් අතර ඔවුන්ගේ ලකුණු පුවරුව තවත් ලකුණු 22කින් ඉහළ දැමීමටද හැකිවිය.

දෙවන කාර්තුව :  කෙන්යාව 43 – 09  ශ්‍රී ලංකා යොවුන්

ආසියානු යොවුන් තරගාවලියට යන ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය හා තේරීම් කමිටුව විසින් ජපානයේ පැවැත්වෙන….

තරගයේ තෙවන කාර්තුව තුළද කෙන්යානු ආරක්ෂක වළල්ල හමුවේ පසුබැසීමට සිදුවූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට එම කාර්තුවේදී රැස්කර ගත හැකි වූයේ ලකුණු 05ක් පමණි. කෙන්යානු ක්‍රීඩිකාවන් එම කාර්තුව තුළ ලකුණු 20ක් රැස් කරමින් තවදුරටත් තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය.

තෙවන කාර්තුව :  කෙන්යාව 63 – 14  ශ්‍රී ලංකා යොවුන්

කෙන්යානු කණ්ඩායමට වඩා ලකුණු 49ක් පිටුපසින් සිටිමින් තරගයේ අවසන් කාර්තුව ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් එම කාර්තුවේදී ලකුණු 09ක් රැස්කළ අතර කෙන්යානු ක්‍රීඩිකාවන් තවත් ලකුණු 20කින් තම ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය :  කෙන්යාව 83 – 23 ශ්‍රී ලංකා යොවුන්

ඒ අනුව කෙන්යානු දැල්පන්දු කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

මැලේසියානු දැල්පන්දු කණ්ඩායම මෙම තරගාවලිය තුළ මේ වනවිට අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති අතර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ කෙන්යානු කණ්ඩායමද පරාජයට පත්වී ඇත්තේ මැලේසියානු කණ්ඩායම හමුවේ පමණි. ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම සමඟ පැවති තරගය පමණක් ජයග්‍රහණය කළ අතර ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමට මෙවර තරගාවලියේ එකදු තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට නොහැකි විය.

සිව්කොන් දැල්පන්දු සංග්‍රාමයකට ශ්‍රී ලංකාවෙන් සත්කාරකත්වය

ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායම, ශ්‍රී ලංකා යොවුන් දැල් පන්දු කණ්ඩායම…..

තරගාවලියේ අවසන් දිනය වන හෙට (12) දින ප.ව. 3.00 ට තෙවන ස්ථානය සඳහා වන තරගය ලෙස ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම තරග වැදීමට නියමිතය. මැලේසියාව සහ කෙන්යාව අතර පැවැත්වෙන මෙවර සිව්කොන් දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගය ප.ව. 5.00 ට ආරම්භ කිරීමට නියමිතය. සියලුම තරග කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

එම තරග වල සජීව විකාශයන් ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ නැරඹිය හැක.

                          >> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<