“තරගාවලිය පවත්වන්න කිසිම අවස්ථාවක් නැහැ”

56

එළඹෙන ජුනි මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එංගලන්ත සංචාරය දින නියමයක් නොමැතිව කල් දැමීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් බලධාරීන් ඊයේ (24) තීරණය කර තිබේ.

ඩිල්රුවන්ගෙන් වෙනස් ආකාරයේ පරිත්‍යාගයක්

ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවට ද වසංගතයක් වෙමින් පැතිර යන Covid-19 වයිරසය නිසාවෙන් දිවයින පුරා උද්ගතව…..

මෙම තරගාවලිය සඳහා ටෙස්ට් තරග තුනක් ඇතුලත්ව තිබූ අතර එහි පළමු තරගය ජුනි 4-8 දක්වා ඕවල් පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබුණි. දෙවැනි සහ තෙවැනි තරගය එග්බස්ටන් හිදී සහ ලෝඩ්ස් පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබුණි.

මේ දිනවල පැතිර යන Covid-19 වසංගත තත්වය නිසා ලොව පුරා ගමනාගමනය සීමා කර තිබෙන අතර රටවල් රැසක් මුළුමනින්ම සිය ගුවන් ගමන් නතර කර ඇත. එසේම මෙවැනි වසංගත තත්වයක් පැතිර යන මොහොතක ජනතාව එක් රැස්කර ගැනීම ඉතාමත් භයානක තත්වයක් ද වන නිසාවෙන් දෙරටේම ක්‍රිකට් බලධාරීන් එක්ව මෙම තීරණය ලබා ගත් බව කොදෙව් ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ජොනී ග්‍රේව් මහතා පැවසීය.

“දැනට ලෝකයේ පවතින තත්වය බැලුවහම මේ ක්‍රිකට් තරගාවලිය පවත්වන්න කිසිම අවස්ථාවක් නැහැ. අපි මේ තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළා. වගේම මේ තරගාවලිය නැවත පවත්වන්නේ කවදාද, පැවැත්වීමට හැකි වන්නේ කුමන තත්වයන් යටතේ ද යන්න අපි ඉදිරියේ දී එංගලන්ත ක්‍රිකට් බලධාරීන් එක්ක කතා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.” යැයි මාධ්‍ය නිවේදනයක් හරහා ග්‍රේව් මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වා ඇත.

ක්‍රිකට් මහගෙදරට තවදුරටත් බාලගිරි දෝ‍ෂය

මෙතෙක් කලක් පැවති අවදානම් සහගත තත්වයෙහි කිසිඳු වෙනසක් දැකගත නොහැකි නිසාවෙන් ජූලි මස 01 වනදා…..

“දැනට පවතින තත්වය අනුව ජුනි මාසයේ දී කොහොමටත් මේ තරග පවත්වන්න  බැහැ. අපිට ජූලි ඉඳන් සැප්තැම්බර් අවසන් වෙනකන් දැනට නිදහස් කාලයක් තියෙන්නේ, ඒක නිසා ඉදිරි තත්වය බලලා අපිට මේ තරගාවලිය ඒ කාලය සඳහා එහාට දාගෙන පවත්වන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ කොහොම වුනත් අපි ක්‍රීඩකයින්ගේ මෙන්ම ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.” යැයි ඒ මහතා අවසන් ලෙස එහි පවසා තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<