T20 පිටියට කණ කොකා හඬයි

SLC Major Club T20 Tournament 2022

7448

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැත්විමට නියමිතව තිබූ තරග 6 ම එකම පන්දුවක් හෝ නොදමා අතහැර දැමීමට සිදුවුනා. ඒ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්. 

තරගාවලියේ 10 දිනය වූ අද දිනය වන විට කාණ්ඩ හතර යටතේ තරග 60ක් නිමා වී ඇති අතර ඉන් තරග 26ක් ම වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන්ව තිබෙනවා. ඒ අතරින් C කාණ්ඩය නියෝජනය කරන Colts CC, Negombo SC සහ Kandy Customs CC කණ්ඩායම්වලට සහ B කාණ්ඩය නියෝජනය කරන Nugegoda SWC සහ Ragama CC කණ්ඩායම්වලට තරග 4 බැගින් අහිමිව තිබෙනවා.

එසේ වූවත් මේ වන විට තරගාවලියේ එම කාණ්ඩවල තරග අවසන්ව ඇති අතර ඒ අතරින් අවසන් පූර්ව වටය නියෝජනය කිරීම සඳහා B කාණ්ඩයෙන් BRC කණ්ඩායම සහ C කාණ්ඩයෙන් Panadura SC කණ්ඩායම සුදුසුකම් ලබා සිටිනවා. ඔවුන් අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය ජුනි මස 04 වැනිදා පෙරවරුවේ පැවැත්විමට නියමිතයි.

තරගාවලියේ පළමු වටය අවසන් වීමට තවත් දින දෙකක් පමණක් ඉතිරිව ඇති අතර එම දින දෙකේ දී A සහ D කාණ්ඩවල තරග පැවැත්වීමට නියමිතයි. මේ වන විට එම කාණ්ඩ දෙකේ ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගැනීමට පිළිවෙළින් SSC කණ්ඩායම සහ Moors SC කණ්ඩායම සමත්ව සිටිනවා.

අද පැවැත්වීමට නියමිතව තිබූ තරග :

BRC සහ NCC අතර තරගය – Colts ක්‍රීඩා පිටියේ දී 

Kandy Customs CC සහ Police SC අතර තරගය – මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී

Colts CC සහ Tamil Union C & AC අතර තරගය – මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ දී

Sebastianites C & AC සහ Negombo CC අතර තරගය – Colts ක්‍රීඩා පිටියේ දී

Chilaw Marions CC සහ Panadura SC අතර තරගය – මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ දී 

Nugegoda SWC සහ Ragama SC අතර තරගය – මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී

තරගාවලියේ 11 වැනි දිනය හෙට (ජුනි 01) ක්‍රියාත්මක වීමට නියමිතයි. දිනෙන් දින උණුසුම් වන තරගාවලියේ අලුත්ම තතු විත්ති දැන ගන්න රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<