ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් තරගයේ සිව් වැනි දිනයේ දී කඩුලු 6ක් අතැතිව ලකුණු 154ක ඉලක්කයක් කරා ගිය අගනුවර ක්‍රීඩකයන්ගේ ඉනිමට ලකුණු 25ක් පමණක් එක් වෙද්දී තරගය ජයග්‍රහණය කිරීමට දඹුලු ක්‍රීඩකයෝ අද (7) සමත් වෙනවා.
ඒ අනුව ඔවුන් National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව 2 වැනි වරටත් දිනා ගත්තා. ඔවුන් මීට පෙර 2023 වසරේ දී ද ශූරයන් බවට පත් වූණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දඹුල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 222ක් ලබා සිටිය දී ඉනිම අත් හිටු වනවා. ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ ක්‍රීඩකයන්ට තම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 146ක් පමණයි.
ඒ අනුව ලකුණු 76ක් ඉදිරියෙන් සිටිමින් නැවත පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ තම 2 වැනි ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 222ක් ලබා ගන්නවා. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 299ක් හඹා යෑමට පිටියට පිවිසි කොළඹ කණ්ඩායමට එවර ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 179ක් පමණයි.
තරගය අද ආරම්භ වෙද්දී අගනුවර කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 154ක් ලබා සිටි අතර ඔවුන්ට ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වූයේ ලකුණු 145ක් පමණයි. එම ලකුණු සංඛ්‍යාව පහසුවෙන් ම පසු කරතැයි සිතූව ද මොහොමඩ් ශිරාස් සහ නිසල අබේරත්න එක් ව ඔවුන්ගේ බලාපොරොත්තු විනාශ කර දැමුවා.
එම ඉනිම විනාශ කිරීමේ දී මොහොමඩ් ශිරාස් ලකුණු 38කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව නිසල අබේරත්න ලකුණු 23කට කඩුලු 2ක් ද, ධනංජය ද සිල්වා, කවිඳු පතිරත්න සහ අකිල දනංජය කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ අවසන් දිනය වූ අද දවස ආරම්භ වෙද්දී නායක චරිත් අසලංක නොදැවී ලකුණු 29ක් ලබා සිටි අතර අද ඔහු ඉනිමේ දැවී ගිය පළමු ක්‍රීඩකයා බවට පත් වූවා. ඒ වෙද්දී ඔහු පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව කොළඹ ඉනිමේ ඉතිරි කඩුලු 5 ලකුණු 13ක් තුළ දවා ගැනීමට දඹුලු ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඊට ගොදුරු වූවන් බවට පත් වෙන්නේ ශාරුජන් ශන්මුගනාදන් (8), දුශාන් හේමන්ත (0), කවිජ ගමගේ (2) ප්‍රභාත් ජයසූරිය (5) සහ ප්‍රමෝද් මදුශාන් (5) වන අතර ඉනිම අවසන් වෙද්දී චමෝද් බට්ටගේ ලකුණක් ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- දඹුල්ල – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 222 (70.0)පවන් රත්නායක 39, විශාද් රන්දික 23, සොනාල් දිනූෂ 51, අංජල බණ්ඩාර 40, ධනංජය ලක්ෂාන් 2/42, ජනිත් ලියනගේ 2/18, ප්‍රභාත් ජයසූරිය 4/54
- කොළඹ – පළමු ඉනිමසියලුම දෙනා දැවී 146 (5.3) ශාරුජන් ශන්මුගනාදන් 44, චරිත් අසලංක 27, කවිජ ගමගේ 25, කවිඳු පතිරත්න 5/51, අකිල දනංජය 3/17
- දඹුල්ල දෙවැනි – ඉනිම සියලුම දෙනා දැවී 222 (71.4) නිශාන් මදුශ්ක 43, විශාද් රන්දික 21, අංජල බණ්ඩාර 32, අකිල දනංජය නොදැවී 53, ප්‍රමෝද් මදුශාන් 2/48, චමෝද් බට්ටගේ 4/55, ප්‍රභාත් ජයසූරිය 3/16
- කොළඹ – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 179 (50.2) ධනංජය ලක්ෂාන් 84, නුවනිඳු ප්‍රනාන්දු 23, චරිත් අසලංක 35, මොහොමඩ් ශිරාස් 4/38, නිසල අබේරත්න 2/23
දඹුල්ල කණ්ඩායම ලකුණු 119ක ජයක්.
- තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – චමෝද් බට්ටගේ (කොළඹ)
- තරගාවලියේ දක්ෂතම පිතිකරු – සදීර සමරවික්‍රම (ගාල්ල)
- තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා – කවිඳු පතිරත්න (දඹුල්ල)
- අවසන් මහා තරගයේ වීරයා – කවිඳු පතිරත්න (දඹුල්ල)
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















