Home Sinhala තිරිමාන්න සහ දිමුත්ගේ වාර්තාගත සබඳතාවයෙන් ශ්‍රී ලංකාව පෙරමුණේ

තිරිමාන්න සහ දිමුත්ගේ වාර්තාගත සබඳතාවයෙන් ශ්‍රී ලංකාව පෙරමුණේ

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

229

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ දී ආරම්භ වුනු අතර පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 291ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල මට්ටමක පසුවනවා.

එහි දී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න පළමු කඩුල්ල සඳහා ලකුණු 209 සුපිරි සබඳතාවයක් ගොඩනැංවූ අතර ඔවුන් දෙදෙනාම ශතක ලබා ගනිමින් දස්කම් අතරට පිවිසියා.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා වුනු දිමුත් සහ තිරිමාන්න පළමු කඩුල්ල සඳහා ගොඩනැංවූ ලකුණු 209 සබඳතාවය ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ටෙස්ට් තරගයක් තුල දැනට ගොඩනංවා තිබෙන හොඳම සබඳතාවය වුනා. 

එසේම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට නොකඩවා ටෙස්ට් ඉනිම් තුනක දී ලකුණු 100කට වඩා වැඩි ආරම්භක සබඳතාවයන් ලබා ගත් පළමු සහ එකම ශ්‍රී ලාංකික පිතිකරුවන් දෙදෙනා බවට මොවුන් දෙදෙනා පත් වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

තවද ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම එකම ඉනිමක ශතක ලබා ගත්තේ වසර 17කට පමණ පසුව වීම විශේෂත්වයක් වුනු අතර, මීට පෙර එවැනි ආකාරයේ දස්කමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්වා තිබුණේ මාවන් අතපත්තු සහ සනත් ජයසූරිය පමණයි.

  • සනත් සහ මාවන් – පාකිස්තානයට එරෙහිව 2000 දී – අස්ගිරිය
  • සනත් සහ මාවන් – සිම්බාබ්වේට එරෙහිව 2004 දී – හරාරේ
  • තිරිමාන්න සහ දිමුත් – බංග්ලාදේශයට එරෙහිව – 2021* – පල්ලෙකැලේ

>>Bangladesh tour of Sri Lanka 2021 | 2nd Test – Day 1<<

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 12 වැනි ටෙස්ට් ශතකය ලබා ගත් නායක කරුණාරත්න පන්දු 190ක් සඳහා මුහුණ දෙමින් 4 පහර 15ක් සමඟ ලකුණු 118ක් ලබා ගැනීමට සමත් වුනු අතර දිමුත් පළමු ටෙස්ට් තරගයේ දී ද ලකුණු 244ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළා.

2011 වසරේ දී ජාතික ටෙස්ට් කණ්ඩායමේ වරම් දිනා ගත් තිරිමාන්නට මේ වසර ඉතාමත් සාර්ථක වසරක් බවට පරිවර්තනය කර ගැනීමට හැකි වුන අතර ඔහු අද දිනයේ දී සිය තෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කරගත්තා. බංග්ලාදේශයට එරෙහිව තිරිමාන්න ලබා ගත් දෙවැනි ටෙස්ට් ශතකය මෙය වන අතර අනෙක් ශතකය ඔහු ලබා ගත්තේ මේ වසර ආරම්භයේ දී අවසන් වුනු එංගලන්ත තරගාවලියේ දීයි.

දිමුත්ගේ දැවී යාමට පසුව තිරිමාන්න සමඟින් පිටියේ එක්වූ ඕෂද ප්‍රනාන්දු තරගයේ පළමු දිනය අවසන් වන විට දෙවැනි කඩුල්ල සඳහා නොදැවුණු ලකුණු 82*ක සබඳතාවයක් ගොඩනංවා තිබෙනවා. නොදැවී ක්‍රීඩා කරමින් සිටින තිරිමාන්න 4 පහර 14ක් එල්ල කරමින් පන්දු 253ක දී ලකුණු 131*ක් ලබාගෙන සිටින අතර ඕෂද ප්‍රනාන්දු ලකුණු 40*ක් ලබාගෙන අනෙක් අන්තය ආරක්ෂා කරගනිමින් පන්දුවට පහර දෙමින් සිටියා.

දිනයේ සාර්ථක වූ එකම පන්දු යවන්නා වුනු වමතින් වේගපන්දු යවන Shoriful Islam සිය මංගල ටෙස්ට් කඩුල්ල දවා ගනිමින් දිමුත්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුනා.

දෙවන ටෙස්ට් තරගය ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – Dimuth Karunaratne (නායක), Lahiru Thirimanne, Oshada Fernando, Angelo Mathews, Dhananjaya de Silva, Pathum Nissanka, Niroshan Dickwella, Ramesh Mendis, Suranga Lakmal, Vishwa Fernando, Praveen Jayawickrama

බංග්ලාදේශය – Tamim Iqbal, Saif Hassan, Najmul Hossain Shanto, Mominul Haque (නායක), Mushfiqur Rahim, Liton Das (wk), Mehidy Hasan Miraz, Taijul Islam, Taskin Ahmed, Shoriful Islam, Abu Jayed

පල්ලෙකැලේ දී පැවති පළමු ටෙස්ට් තරගයට පසුව මේ තරගයට කණ්ඩායම් දෙකම පැමිණියේ වෙනස්කම් කිහිපයක් සිදු කරමිනි. එහි දී ශ්‍රී ලංකාව දකුණතින් වේගපන්දු යවන ලහිරු කුමාර සහ වනිඳු හසරංග වෙනුවට තුන් ඉරියව් දස්කම් දක්වන රමේෂ් මෙන්ඩිස් සහ නවක ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායමට කැඳවා තිබුණු අතර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 156 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් දිනා ගැනීමට වමතින් දඟපන්දු යවන ප්‍රවීන් අද සමත් වුනා.

බංග්ලාදේශය එක් වෙනසක් පමණක් සිදු කරමින් වේගපන්දු යවන ක්‍රීඩක Ebadot Hossain වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක Shoriful Islam කණ්ඩායමට කැඳවා තිබුණු අතර ඔහුගේ ද මංගල ටෙස්ට් තරගය මෙය වුනා.

ඉහළ ලකුණු වාර්තා වෙමින් විසඳුමකින් තොරව පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට අද ආරම්භ වන ටෙස්ට් තරගයේ ජයග්‍රහණය අතිශයින්ම වැදගත් වනවා. ඒ ටෙස්ට් ශ්‍රේණිගත කිරීමෙහි රැඳී සිටින 7 වැනි ස්ථානය තවදුරටත් ආරක්ෂා කර ගැනීමටයි.

මේ දෙවැනි ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුවහොත් ටෙස්ට් රටවල් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් රැඳී සිටින 7 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා පහතට වැටෙන නිසාවෙන් මෙම තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට රැඳී සිටින ස්ථානය ආරක්ෂා කර ගැනීමට බෙහෙවින් වැදගත් වනවා.

තරගයේ දෙවැනි දිනය හෙට (30) පැවැත්වෙන අතර තරගාවලියේ  සියලු තරග තොරතුරු JAT සහ NDB අනුග්‍රහය ඇතිව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Result


Sri Lanka
493/7 (159.2) & 194/9 (42.2)

Bangladesh
251/10 (51) & 227/10 (71)

Batsmen R B 4s 6s SR
Dimuth Karunarathne c Liton Das b Shaiful Islam 118 190 15 0 62.11
Lahiru Thirimanne c Liton Das b Taskin Ahamed 140 253 15 0 55.34
Oshada Fernando c Liton Das b Mehidy Hasan Miraz 81 221 8 0 36.65
Angelo Mathews c Liton Das b Taskin Ahamed 5 15 1 0 33.33
Dhananjaya de Silva c Najmul Hossain Shanto b Taijul Islam 2 9 0 0 22.22
Pathum Nissanka b Taskin Ahamed 30 84 3 0 35.71
Niroshan Dickwella not out 77 72 8 1 106.94
Ramesh Mendis c Mushfiqur Rahim b Taskin Ahamed 33 68 2 0 48.53


Extras 7 (b 3 , lb 2 , nb 1, w 1, pen 0)
Total 493/7 (159.2 Overs, RR: 3.09)
Fall of Wickets 1-209 (63.1) Dimuth Karunarathne, 2-313 (104.1) Lahiru Thirimanne, 3-319 (108.1) Angelo Mathews, 4-328 (111.5) Dhananjaya de Silva, 5-382 (135.4) Pathum Nissanka, 6-382 (136.2) Oshada Fernando,

Bowling O M R W Econ
Abu Jayed 22 4 69 0 3.14
Taskin Ahamed 34.2 7 127 4 3.71
Mehidy Hasan Miraz 36 7 118 1 3.28
Shaiful Islam 29 6 91 1 3.14
Taijul Islam 38 7 83 1 2.18
Batsmen R B 4s 6s SR
Tamim Iqbal c Lahiru Thirimanne b 92 15 12 0 613.33
Saif Hassan c Dhananjaya de Silva b 25 62 4 1 40.32
Najmul Hossain Shanto c Lahiru Thirimanne b Ramesh Mendis 0 4 0 0 0.00
Mominul Haque lbw b Ramesh Mendis 49 104 7 0 47.12
Mushfiqur Rahim lbw b 40 62 7 0 64.52
Liton Das c Lahiru Thirimanne b 8 11 2 0 72.73
Mehidy Hasan Miraz lbw b Suranga Lakmal 16 33 1 0 48.48
Taijul Islam hit-wicket b 9 50 1 0 18.00
Taskin Ahamed lbw b 0 11 0 0 0.00
Shaiful Islam b Suranga Lakmal 0 8 0 0 0.00
Abu Jayed not out 0 4 0 0 0.00


Extras 12 (b 2 , lb 9 , nb 1, w 0, pen 0)
Total 251/10 (51 Overs, RR: 4.92)
Fall of Wickets 1-98 (25.4) Saif Hassan, 2-151 (43.2) Tamim Iqbal,

Bowling O M R W Econ
Suranga Lakmal 10 0 30 2 3.00
Vishwa Fernando 7 1 19 0 2.71
Angelo Mathews 2 0 7 0 3.50
Ramesh Mendis 31 7 86 2 2.77
Dhananjaya de Silva 1 0 6 0 6.00
Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne c Najmul Hossain Shanto b Mehidy Hasan Miraz 2 6 0 0 33.33
Dimuth Karunarathne c Tamim Iqbal b Saif Hassan 66 78 7 1 84.62
Oshada Fernando st Liton Das b Taijul Islam 1 5 0 0 20.00
Angelo Mathews c Saif Hassan b Taijul Islam 12 35 0 1 34.29
Dhananjaya de Silva c Najmul Hossain Shanto b Mehidy Hasan Miraz 41 52 4 1 78.85
Pathum Nissanka c Shaiful Islam b Taijul Islam 24 31 2 0 77.42
Niroshan Dickwella c Taijul Islam b Taskin Ahamed 24 25 2 0 96.00
Ramesh Mendis c Tamim Iqbal b Taijul Islam 8 12 1 1 66.67
Suranga Lakmal b Taijul Islam 12 6 0 0 200.00
Praveen Jayawickrama not out 3 5 0 0 60.00


Extras 1 (b 0 , lb 0 , nb 1, w 0, pen 0)
Total 194/9 (42.2 Overs, RR: 4.58)
Bowling O M R W Econ
Mehidy Hasan Miraz 14 3 66 2 4.71
Shaiful Islam 1 0 8 0 8.00
Taijul Islam 19.2 2 72 5 3.75
Taskin Ahamed 4 0 26 1 6.50
Saif Hassan 4 0 22 1 5.50


Batsmen R B 4s 6s SR
Tamim Iqbal c Niroshan Dickwella b Ramesh Mendis 24 26 3 1 92.31
Saif Hassan c Suranga Lakmal b Praveen Jayawickrama 34 46 5 1 73.91
Najmul Hossain Shanto b Praveen Jayawickrama 26 44 4 0 59.09
Mominul Haque b Ramesh Mendis 32 48 4 0 66.67
Mushfiqur Rahim c Dhananjaya de Silva b Ramesh Mendis 40 63 5 0 63.49
Liton Das lbw b Praveen Jayawickrama 17 46 1 0 36.96
Mehidy Hasan Miraz c Pathum Nissanka b Praveen Jayawickrama 39 89 4 0 43.82
Taijul Islam c Niroshan Dickwella b Dhananjaya de Silva 2 30 0 0 6.67
Taskin Ahamed c Dimuth Karunarathne b Ramesh Mendis 7 33 0 0 21.21
Shaiful Islam not out 0 2 0 0 0.00
Abu Jayed lbw b Praveen Jayawickrama 0 3 0 0 0.00


Extras 6 (b 3 , lb 2 , nb 1, w 0, pen 0)
Total 227/10 (71 Overs, RR: 3.2)
Fall of Wickets 1-31 (7.1) Tamim Iqbal, 2-73 (16.4) Saif Hassan, 3-104 (22.5) Najmul Hossain Shanto, 4-134 (31.6) Mominul Haque, 5-171 (41.4) Mushfiqur Rahim, 6-183 (50.2) Liton Das, 7-206 (61.2) Taijul Islam, 8-227 (69.4) Taskin Ahamed, 9-227 (70.3) Mehidy Hasan Miraz, 10-227 (70.6) Abu Jayed,

Bowling O M R W Econ
Suranga Lakmal 4 2 14 0 3.50
Ramesh Mendis 28 2 103 4 3.68
Praveen Jayawickrama 32 10 86 5 2.69
Dhananjaya de Silva 7 1 19 1 2.71



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<