Java Lane සහ මීගමුව ක්‍රීඩකයින්ට ජයග්‍රාහී සතියක්

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

164
Champions League 2022 week Solid SC v Solid Youth FC

කුරුණෑගල සහ කොළඹ දී පැවති 2022 ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ දෙවැනි සතියේ අවසන් තරග දෙකෙන් ජයග්‍රහණ වාර්තා කරන්නට Java Lane සහ Negombo Youth ක්‍රීඩා සමාජ සමත් වුනා.

ඔවුන් හමුවේ පිළිවෙළින් පරාජයට පත් වුනේ Moragasmulla සහ Solid ක්‍රීඩා සමාජයි.

Moragasmulla SC සහ Java Lane SC

ගෝල 2-0ක් ලෙස මේ තරගයෙන් ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුනේ Jave Lane ක්‍රීඩකයින්. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ ප්‍රථම ගෝලය වාර්තා වුනේ 3 වැනි මිනිත්තුවේ දී වීම විශේෂත්වයක්. එම ගෝලයට හිමිකම් කීවේ Java Lane ක්‍රීඩක Tochokwu Francis.

ඉන්පසුව ප්‍රථම අර්ධය අවසන් වන තෙක් කිසිදු ගෝලයක් වාර්තා නොවූ අතර දෙවැනි අර්ධය ආරම්භ වී එහි අවසානය වන තෙක්ම කණ්ඩායම් දෙකම කිසිදු ගෝලයක් වාර්තා කරන්නට සමත් වුනේ නැහැ.

කෙසේ නමුත් තරගයේ අතිරේක කාලයේ දී ක්‍රියාත්මක වූ Java Lane ක්‍රීඩක Oluwaseeun Olawale සිය කණ්ඩායමේ ලකුණු පුවරුව දෙගුණ කරන්නට සමත් වුනේ ගෝල 2-0ක ජයක් Java Lane වෙත දිනා දෙමිනුයි.

අවසන් ලකුණු තත්වය: Moragasmulla SC 0 – 2 Java Lane SC

ගෝල ලාභීන්:

  • Java Lane – Tochokwu Francis (3’), Oluwaseeun Olawale (90+3්)

Solid SC සහ Negombo Youth FC

කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයෙන් ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට මීගමුව ක්‍රීඩකයින් සමත් වුනා.

මීගමුව ක්‍රීඩක ප්‍රදීප් ප්‍රනාන්දු විසින් තරග ආරම්භයෙන් මිනිත්තු 5ක් ගත වන විට සිය කණ්ඩායමේ ලකුණු පුවරු ක්‍රියාත්මක කළේ සාර්ථකව පන්දුව ගෝලය තුලට යොමුකරමිනුයි.

එම ගෝලයට ප්‍රති උත්තර බඳින්නට Solid ක්‍රීඩකයින් සමත් වන්නේ 21 වැනි මිනිත්තුවේ දීයි. නිශාන්ත හඳුන්නෙත්ති විසින් වාර්තා කළ එම ගෝලයත් සමඟ ප්‍රථම අර්ධය නිමා වුනේ ගෝල 1-1ක් ලෙසයි.

දෙවැනි අර්ධයේ දී නැවතත් ප්‍රතිවාදීන් දෙසට පීඩනය එල්ල කරමින් මීගමුව ලකුණු පුවරුව දෙකක් දක්වා ඉහළ දමන්නට Anthony Ikwegbuo සමත් වුනා. කෙසේ නමුත් ඊට නැවතත් අභියෝග කරන්නට Solid ක්‍රීඩකයින් දැඩි උත්සාහයක් ගත් නමුත් තරගය අවසන් වුනේ ගෝල 2-1ක් ලෙස මීගමුව ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කරමිනි.

අවසන් ලකුණු තත්වය: Solid SC 1 – 2 Negombo Youth FC

ගෝල ලාභීන්:

  • Solid – නිශාන්ත හඳුන්නෙත්ති (21’)
  • Negombo Youth – ප්‍රදීප් ප්‍රනාන්දු (5’), Anthony Ikwegbuo (65’)

2022 ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ උණුසුම ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<