ඉසිපතන – රාජකීය රග්බි ගැටුම!

939

කාලයකට කලින් ඉඳලම ඉසිපතන විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය යන පාසල් දෙකම ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවෙන් ඉහළ ස්ථාන දිනාගත් කණ්ඩායම් දෙකක්. ඒ වගේම තමයි මෙම පාසල් දෙක අතර රග්බි තරගයක් පැවැත්වෙන විට එය වෙනස් මුහුණුවරක් ගන්නේ එහි උත්කර්ශවත්භාවය වගේම එහි ඇති තරගකාරීත්වය විනාවෙන්ම කියන්නට පුළුවන්.

ත්‍රිත්ව උත්සාහයේ කඳුළු මතින් රාජකීයයෝ බ්‍රැඩ්බි පලිහ දිනති

75 වැනි බ්‍රැඩ්බි පලිහ තරගාවලියේ දෙවන අදියර අද (15)…..

මේ වසරේ (2019) ඉසිපතන – රාජකීය රග්බි ගැටුම මේ සති අන්තයේ එනම් ජුනි මස 22 වනදා පැවැත්වීමට නියමිතයි. ඒ තරගය හඳුන්වන තවත් නමක් තමයි “මේජර් මිල්රෝයි ප්‍රනාන්දු කුසලාන තරගය”. ඉතින් මේ වගේ මොහොතක ThePapare.com අපි හිතුවා මේ ගැටුමේ අතීතය ගැන පිරික්සන්නට.

මේ තරගය ඇරඹුනේ කොහොමද?

හරියටම වසර 54කට පෙර එනම් වර්ෂ 1965දී ඉසිපතන විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය අතර පළමුවැනි තරගය පැවැත්වුනා. ඒ සාමාන්‍ය රග්බි තරගයක් විදිහට. එවකට එම කණ්ඩායම් වලට නායකත්වය දැරුවේ ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් ආනන්ද සරණපාල සහ රාජකීය විද්‍යාලය වෙනුවෙන් U.P. වික්‍රමසිංහ යන මහත්වරුන්. තියුණු තරගයක් වුනු මෙම තරගය අවසන් වුනේ ලකුණු 03 – 03ක් වශයෙන් සම තත්වයක් ගනිමින්.

එතකොට ඉසිපතන – රාජකීය රග්බි ගැටුම “මේජර් මිල්රෝයි ප්‍රනාන්දු කුසලාන තරගය” යනුවෙන් හඳුන්වන්න පටන්ගත්තේ 1986 වසරේ සිටයි. ඒ කියන්නේ ප්‍රථම තරගය පවත්වා අවුරුදු 21කට පසුවයි.

මේජර් මිල්රෝයි ප්‍රනාන්දු මහතා කියන්නේ ප්‍රථමයෙන් ඉසිපතන විද්‍යාලයෙන් සහ පසුව රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අයෙක්. වර්ෂ 1986 ජනවාරි මස 06 වැනි දින වවුනියාවේ ඕමන්තයි හිදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ රාජකාරී කරමින් සිටියදී ඔහු බිම් බෝම්බයකට හසුවී තම ජීවිතය පුද කළ රණවිරුවෙක්. ඔහු එම කාලයේ ගජබා රෙජිමේන්තුවට සේවය කරමින් සිට ඇත. ඔහුගේ ඇවෑමෙන් පසු ඉසිපතන සහ රාජකීය යන පාසල් දෙකෙන්ම ඔහුව අගයනු පිණිස ඉසිපතන – රාජකීය රග්බි ගැටුම “මේජර් මිල්රෝයි ප්‍රනාන්දු කුසලාන තරගය” ලෙස නම් කරමින් 1986 වසරේදී ක්‍රීඩා කිරීම ආරම්භ කළා.

අභාවප්‍රාප්ත වූ මේජර් මිල්රෝය් ප්‍රනාන්දු මහතා මෙන්ම ඔහුගේ පියාද රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක්. ඒ වගේම ඔහුගේ සහෝදරයින් තිදෙනාද ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් 1980 කාලවකවානුවේදී රග්බි ක්‍රීඩා කර තිබෙනවා.

වර්ෂ 1986දී පැවති පළමුවැනි මේජර් මිල්රෝයි ප්‍රනාන්දු කුසලාන තරගයේදී රාජකීය විද්‍යාලය පරාජය කරමින් ඉසිපතන විද්‍යාලය ලකුණු 11 – 09ක් ලෙස තියුණු ජයක් අත් කරගන්නට සමත් වුනා. 1987 වසරේදී මෙම තරගය ලකුණු 13 – 13ක් වශයෙන් සම ලකුණු තත්වයකින් අවසන් වෙනවා. ඒ වගේම 1988 වසරේදී ඉසිපතන විද්‍යාලය ලකුණු 24 – 09ක් ලෙස පරාජය කරමින් රාජකීය විද්‍යාලය ප්‍රථම වරට “මේජර් මිල්රෝයි ප්‍රනාන්දු කුසලානය” ජයගැනීමට සමත් වුනා.

ThePapare ජනප්‍රියතම පාසල් රග්බි ක්‍රීඩකයා මෙවරත්

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට ……..

අද දිනය දක්වා “මේජර් මිල්රෝයි ප්‍රනාන්දු කුසලාන” තරග 29ක් පවත්වා ඇති අතර එයින් තරග 15ක් ඉසිපතන විද්‍යාලයද තරග 10ක් රාජකීය විද්‍යාලයද ජයගෙන ඇති අතර 1987, 2001, 2002 සහ 2013 යන වසර වල තරග සම ලකුණු තත්වයකින් අවසන් වී ඇත.


පසුගිය වසර 29ක තරග ප්‍රතිඵල පහතින්.

  • 1986 – ඉසිපතන 11 – 09 රාජකීය
  • 1987 – ඉසිපතන 13 – 13 රාජකීය (කුසලානය ඉසිපතන විද්‍යාලය සතු විය)
  • 1988 – රාජකීය 24 – 09 ඉසිපතන  
  • 1989 – රාජකීය 09 – 06 ඉසිපතන
  • 1990 – ඉසිපතන 10 – 03 රාජකීය  
  • 1991 – තරගය පැවැත්වුනේ නැත.
  • 1992 – ඉසිපතන 14 – 03 රාජකීය
  • 1993 – ඉසිපතන 12 – 10 රාජකීය
  • 1994 – තරගය පැවැත්වුනේ නැත.
  • 1995 – තරගය පැවැත්වුනේ නැත.
  • 1996 – ඉසිපතන 16 – 10 රාජකීය
  • 1997 – ඉසිපතන 30 – 06 රාජකීය
  • 1998 – රාජකීය 14 – 10 ඉසිපතන
  • 1999 – ඉසිපතන 10 – 05 රාජකීය
  • 2000 – රාජකීය 18 – 14 ඉසිපතන  
  • 2001 – ඉසිපතන 00 – 00 රාජකීය (කුසලානය රාජකීය විද්‍යාලය සතු විය)
  • 2002 – ඉසිපතන 05 – 05 රාජකීය (කුසලානය රාජකීය විද්‍යාලය සතු විය)
  • 2003 – රාජකීය 19 – 08 ඉසිපතන
  • 2004 – රාජකීය 07 – 05 ඉසිපතන
  • 2005 – ඉසිපතන 12 – 10 රාජකීය
  • 2006 – ඉසිපතන 22 – 07 රාජකීය
  • 2007 – තරගය පැවැත්වුනේ නැත.
  • 2008 – ඉසිපතන 17 – 12 රාජකීය
  • 2009 – රාජකීය 22 – 03 ඉසිපතන
  • 2010 – ඉසිපතන 27 – 05 රාජකීය
  • 2011 – රාජකීය 11 – 10 ඉසිපතන
  • 2012 – ඉසිපතන 34 – 22 රාජකීය  
  • 2013 – ඉසිපතන 20 – 20 රාජකීය (කුසලානය ඉසිපතන විද්‍යාලය සතු විය)
  • 2014 – ඉසිපතන 15 – 14 රාජකීය
  • 2015 – රාජකීය 21 – 08 ඉසිපතන
  • 2016 – ඉසිපතන 28 – 14 රාජකීය
  • 2017 – ඉසිපතන 22 – 17 රාජකීය
  • 2018 – රාජකීය  41 – 07 ඉසිපතන

2019 වසරේ මේජර් මිල්රෝයි ප්‍රනාන්දු කුසලානයේ ජයග්‍රාහකයා කවුරුන් විය හැකිද?

“ඉසිපතනය” නම් රග්බි බලකොටුවේ ඇත්තම කතාව

1960 වසරේදී කොළඹ ග්‍රීන්ලන්ඩ්ස් විදුහලේ ඉගෙන …….

රාජකීය ඉදිරිපෙළේ ශක්තිය ඉසිපතනයට එරෙහිව ජය ගනීද?


නැතහොත් ඉසිපතනයේ වේගයෙන් රාජකීයයන් අසරණ වෙයිද?

ඉසිපතන – රාජකීය “මේජර් මිල්රෝයි ප්‍රනාන්දු කුසලානය” මේ වසරේ ජයගන්නේ කවුද? යයි දැනගන්නට, ඔබේ පාසල වෙනුවෙන් ජයගොස නගන්නට ඔබටත් පුළුවන්. ජුනි මස 22 වැනි සෙනසුරාදා දින පස්වරු 3.40 සිට තරගය සජීවීව ඔබ වෙත ගෙන එන්නට ThePapare.com අප සූදානම්.  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<