“ඉසිපතනය” නම් රග්බි බලකොටුවේ ඇත්තම කතාව

3041

1960 වසරේදී කොළඹ ග්‍රීන්ලන්ඩ්ස් විදුහලේ ඉගෙන ගන්නා පොඩි ළමයෙක් හැමදාම උදේ පාසලට එද්දී රග්බි බෝලයක් අතේ තියාගෙන ඉස්කෝලේ එන එක පුරුද්දක් කර ගත්තා.

ඔමල්කගේ වික්‍රමයට කාලය හරස් කපයි

ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම හා මැලේසියානු ජාතික කණ්ඩායම් අතර අද (04)

1960 වසරේ සිට අද දක්වා ග්‍රීන්ලන්ඩ්ස් විදුහල එහෙමත් නැත්තම් කොළඹ ඉසිපතන විද්‍යාලය නොමැතිව ක්‍රීඩා කරන රග්බි තරගාවලියක් තියෙනවා නම් එය “විදුලි එළි නොමැති සැණකෙළියක්” වගේ කියලා තමයි කියන්නේ. මොකද 1960 වසරේ පාසලට හැමදාම රග්බි බෝලයක් අතින් ගෙන ආ රැන්ඩි කෙලර් ගේ ආශාව ඔහුට ලැබෙන්නේ ඔහුගේ පියාණන්ගේ අභාෂයෙන්. එදා සිට අද දක්වා ඉසිපතන විද්‍යාලය තුළින් පාසල් රග්බි ක්ෂේත්‍රයට වගේම ශ්‍රී ලාංකීය රග්බි ක්ෂේත්‍රයට සිදුවූ සේවාව ඉතා විශාලයි.

ඉතින් අපි අද කතා කරන්න යන්නේ ඉසිපතන විද්‍යාලය තරග ජයගත් විදිහ ගැනවත්, ඔවුන්ගේ ක්‍රීඩා විලාශය ගැනවත් නෙමෙයි. “ඉසිපතනය” නම් රග්බි බලකොටුව තනන්නට ශක්තියක් වුණු ඉසිපතන විද්‍යාලයේ ප්‍රේක්ෂකයින් ගැනයි මේ කතාව.

කොළඹ ඉසිපතන විද්‍යාලය කියන්නේ ශ්‍රී ලංකාවට රග්බි ක්‍රීඩාව හඳුන්වාදුන් පාසල නොවුණත් ශ්‍රී ලංකා පාසල් රග්බි ක්‍රීඩාවෙන් වැඩිම ශූරතාවයන් ගණනක් දිනා සිටින පාසල “ඉසිපතනය” කියලා නම් කරන්න පුළුවන්. මොකද ඔවුන්ගේ ක්‍රීඩා දක්ෂතාවය විතරක් නෙමෙයි, ඔවුන්ගේ ප්‍රේක්ෂක ශක්තියද ඉතා ඉහළ මට්ටමක පවතින නිසා. දිවයිනේ ඕනෑම රග්බි ක්‍රීඩාංගණයක් ‘ඔවුන්ගේ ගෙදර වගේ’ කියලා කියන්න පුළුවන් තරමටම ශ්‍රී ලංකාවේ කුමන ස්ථානයක ඉසිපතන විද්‍යාලය ක්‍රීඩා කළත්, එම ක්‍රීඩාංගණ පිරවීමට තරම් ශක්තියක් ඉසිපතනයේ ක්‍රීඩා ලෝලීන්ට තිබෙනවා.

ඉසිපතන විද්‍යාලයට ලීග ශූරතා 15ක්, පිළිමලුන් පිටුදැකීමේ ශූරතා 12ක්, සත් සාමාජික ශූරතා 16ක් සහ අපරාජිත වසර 11ක අභිමානයක් තියෙන්නේ ක්‍රීඩකයින්ගේ ශක්තියෙන් විතරක් නෙමෙයි කියලා කියන්නට පුළුවන්.

ක්‍රීඩාවත් සමඟ සහජීවනයෙන් නැඟිටිමු – ක්‍රීඩා ඇමති

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් අද (02) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී

1960 වසරේ සිට මේ දක්වා ඉසිපතන විද්‍යාලයට රග්බි ක්‍රීඩා කරන්න මානසික ශක්තියක් තිබුණට ඉහළ මට්ටමේ යටිතල පහසුකම් තිබුණේ නෑ. තවමත් ඔවුන් ක්‍රීඩා කරන්නේ ඔවුන්ටම කියලා හරි හමන් ක්‍රීඩාංගණයක් නැතිව. ඒත් ඔවුන් කොහොමද මෙහෙම ඉහළ දක්ෂතාවන් පෙන්නන්නේ?

අපිට පෙනෙන එකම උත්තරය ඔවුන්ගේ ක්‍රීඩා ලෝලීන්. එහෙම නේද? තමන්ගේ පාසලේ නම කියලා ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වටෙන්ම ඔල්වරසන් දෙද්දී තමන්ගේ උපරියමය නොදී ඉන්න කාටද බැරි, නේද?

අපි ටිකක් අතීතය දිහා බලමු.

ඉසිපතනය මුලින්ම ලීග ශූරතාවයක් හිමිකර ගන්නේ 1984 වසරේ. ඒ ශබීන් සිද්දීක් ගේ නායකත්වය යටතේ. එතැන් පටන් අද වනතුරු ඔවුන්ගේ ක්‍රීඩා විලාශය වෙනස්. 1960 වසරේ පාසලට එනවිට රග්බි බෝලයක් අතේ තියාගෙන ආපු පුංචි රැන්ඩි කෙලර්, හීනෙකින් වත් හිතලා නැතුව ඇති තමන් ආරම්භ කරපු මේ රිද්මය දවසක අනෙක් පාසල් වලට ලොකු හිසරදයක් වෙයි කියලා.

1984 වසරේ ශබීන් සිද්දීක් විසින් ලීග ශූරතා දඩයම ආරම්භ කළාට පසුව අවසන් වරට අපරාජිතව ලීගය ජයගන්නට ඉසිපතන විද්‍යාලය සමත්වෙන්නේ 2016 වසරේ කුෂාන් ඉඳුනිල්ගේ නායකත්වය යටතේ. ඊට පෙර 2014 වසරේදී සේනාල් දීලකගේ නායකත්වය යටතේ. ඒ ගැන කතා කරන විට මතකයට එන්නේ 2014 වසරේ ක්‍රීඩක සුදම් සූරියාරච්චි අපිත් එක්ක කිව්ව කතාවක්.

“අපි 2014 වසරේ හොඳටම සූදානම් වෙලා ගියේ කිංග්ස්වූඩ් මැච් එකට. ඒ වගේ ලොකු Crowd එකක් මං හැව්ලොක් පාර්ක් එකේ කවදාවත් දැකල නෑ. Crowd එක දිහා බැලුවම ගොඩක් ඔළු විතරයි පේන්නේ. ඉසිපතනයේ රග්බි මේ වගේ තැනක තියෙන්න අපේ Crowd එකත් ලොකු හේතුවක්.”

Video – ලස්සන සීසන් එකක් තිබ්බ 2016 වසරේ ඉසිපතන විදුහලේ කතාව

2016 කියන්නේ ඉසිපතනයට විශේෂ අවුරුද්දක්, කණ්ඩායමක ශක්තිය

“කවදාවත් ඉසිපතනයේ ක්‍රීඩාලෝලීන් ක්‍රීඩකයින්ට කිසිඳු අඩුපාඩුවක් කරලා නෑ. ඔවුන්ගේ ක්‍රීඩා රටාවන් ගැන බැලූ බැල්මෙන් කියන්න පුළුවන්. තරගයේ සත්කාරයකයින් කවුද? ප්‍රවේශපත් වල මිල ගණන් කීයද? සෙල්ලම් කරන්න කොහෙද? කියලා අපි කවදාවත් හිතලා නෑ. අපිට ඕනේ අපේ කොල්ලෝ Match දිනනවා දකින්න. එයාලා පැරදුණත් අපිට දුක නෑ, මොකද එයාල තමන්ගේ උපරිමෙන් සෙල්ලම් කරනවා කියන එක අපි දන්නවා” කියලා අපිට කිව්වේ ඉසිපතනයේ තරග බලන්න ඉස්සර ඉඳන්ම නොකඩවා යන ක්‍රීඩා ලෝලියෙක්.

“2013 වසරේ අපි පසු බැස්සා. හැමදාම හැමෝටම දිනන්න බෑ නේ. හැබැයි අපි දන්නවා අපේ ළමයි සෙල්ලම් කළේ ලොකු උවමනාවකින්. පැරදුණාම දුකයි. ඒත් අපේ ළමයි දින්නත් පැරදුණත් අපි එයාලා එක්ක ඉන්නවා. රග්බි ක්‍රීඩාවට කණ්ඩායම් හැඟීම අත්‍යවශ්‍යයි වගේම හැම කණ්ඩායමකටම ක්‍රීඩාලෝලීන් අත්‍යවශ්‍යයි. අපි හැමදාමත් එයාලා එක්ක ඉන්නවා.” යයි කිව්වේ තවත් ක්‍රීඩා ලෝලියෙක්.

එහෙම බැලුවම, ඉසිපතනය ශ්‍රී ලංකාවේ පාසල් අතර රග්බි ක්‍රීඩාවෙන් ඉහළින්ම වැජබීමට විශේෂ හේතුවක් තමයි “ක්‍රීඩාලෝලීන්” කියලා අපිට හොඳටම පේනවා. එක් වසරක් තුළ ඉසිපතන විද්‍යාලය කෙතරම් පසු බැස්සත් ඔවුන්ගේ ක්‍රීඩාශීලීත්වය සහ රග්බි ක්‍රීඩාව කෙරෙහි ඔවුන්ගේ ඇති ඇල්ම කිසිදිනෙක ඔවුන්ගෙන් ඈත් වෙන්නේ නම් නෑ. ඒකට හේතුව දන්නේ නම් එයාලම තමයි.

**දත්ත මුලාශ්‍රය – http://isipathanarugby.lk

                                         >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<