ක්‍රිකට් බුකීකරුවන්ගේ නවතම දඩබිම පිළිබඳ ICCයෙන් හෙළිදරව්වක්

334

කොරෝනා වයිරසයේ බලපෑම නිසාවෙන් මේ වන විට සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රයම දැවැන්ත අර්බුදයකට මුහුණ පා ඇති බව ඔබ අප කවුරුත් දන්නා කාරණාවකි. ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩාවට දැඩිව පෙම් බදින දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් ද එකිනෙකා සමඟ තම අදහස් හුවමාරු කරගනිමින් සබඳතා අලුත් කරගැනීම සඳහා සමාජ මාධ්‍ය ජාලා යොදා ගැනීමට පෙලඹ තිබෙන්නේ එය භාවිත කිරීමේ ඇති පහසුව නිසාවෙනි.

ශහීඩ් අෆ්රිඩිට අකරතැබ්බයක් 

එය නිවැරදිව සහ කල්පනාකාරීව භාවිතා කිරීමෙන් ප්‍රතිලාභ රැසක් අත්පත් කර ගැනීමේ හැකියාවක් පවතින නමුත් සමාජ මාධ්‍ය ජාලා අවභාවිතා කරමින් කූට අරමුණු සාක්ෂාත් කරගැනීමට වෙර දරන සුළුතරයක් ද ඒ අතර සිටින බව නොරහසකි. මේ සම්බන්ධයෙන් වෙනදාටත් වඩා අදාළ පාර්ශවයන් තම අවධානය යොමු කළ යුතු බව සඳහන් කරමින් ප්‍රකාශයක් නිකුත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබුණේ ද මේ නිසාවෙනි.

ඒ අනුව සාමාජික රටවල ක්‍රිකට් ආයතනයන් මේ පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නැංවීමට කටයුතු කොට ඇති බව සඳහන් කළ ICCය එහි දී වඩාත් අවධාරණය කර තිබුණේ ඉන්ස්ටග්‍රෑම්, වට්සැප්, ෆේස්බුක් වැනි ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලා අවියක් කරගනිමින් තම පටු පරමාර්ථ ඉටු කරගැනීමට යොමුව ඇති වංචනික බුකීකරුවන් වහාම නීතිය ඉදිරියට ගෙන ඒමට සියලු දෙනාම සහය වන ලෙසටයි.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් අර්බුදය නැවතත්

පසුගිය කාලසමයේ දී ක්‍රීඩකයින් තම අතකොළු බවට පත් කරගැනීමට වංචනිකයන් දැරූ උත්සහයන් කිහිපයක් පිළිබඳ හෙළිදරව් කරගැනීමට ICCය යටතේ ක්‍රියාත්මක වන ක්‍රිකට් දූෂණ වංචා වැළැක්වීමේ ඒකකය සමත් වූ අතර එහි දී ඇමරිකානු එක්සත් ජනපද ක්‍රීඩකයින් දෙදෙනෙකු ඉලක්ක කරගනිමින් බුකී ජාවාරම්කරුවන් ගෙන ගිය සැලසුම සම්බන්ධයෙන් මේ වන විට වැඩි අවධානයක් යොමුව තිබේ.

ක්‍රීඩා උපකරණ සඳහා අනුග්‍රහය දැක්වීමට තම ආයතනයන් කැමැත්තෙන් පසුවන බව සඳහන් කරමින් එක් ක්‍රීඩකයෙකු සමඟ සමීප සබඳතාවක් ගොඩනඟා ගැනීමට එක් බුකීකරුවෙකු උත්සාහ කොට ඇති අතර අනෙක් ක්‍රීඩකයා සමඟ සංවාදයෙහි යෙදුණු කරුණු පිළිබඳව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බව සඳහන් වේ. මෙම නීති විරෝධී ක්‍රියාවන් පිටුපස සිටින පුද්ගලයින්ට එරෙහිව වසර කිහිපයක සිට විවිධකාරයේ චෝදනාවන් තමන් වෙත ගලා එන බව ද ICCය ප්‍රකාශ කොට තිබුණි.

ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරන ක්‍රීඩකයින් දෙදෙනෙකුට මින් පෙර අවස්ථාවක දී ද මෙවැනි අවාසනාවන්ත සිදුවීම් මාලාවකට මුහුණ පෑමට සිදු වූ අතර කැනඩාවේ දී පැවැත්වූ විස්සයි විස්ස ලීගය සඳහා ක්‍රීඩා කිරීමට අවශ්‍ය නම් තම උපදෙස් පරිදි කටයුතු කළ බව බුකීකරුවන් එහි දී ඔවුනට බලපෑම් එල්ල කොට තිබුණි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<