සම්මු සහ වැන්ඩර්සේගෙන් කැපී පෙනෙන දක්ෂතා

Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 2021

1855

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවති තරගවල දී පිතිකරුවන් අතරින් SSC කණ්ඩායමේ සම්මු අශාන් සහ පන්දු යවන්නන් අතරින් Tamil Union ක්‍රිකට් සමාජයේ ජෙෆ්රි වැන්ඩර්සේ ඉහළ දක්ෂතා දක්වන්නට සමත් වුනා.

සම්මු බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 84ක් රැස්කර ගත්තා. සැරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දුවාර 6ක් යැවූ වැන්ඩර්සේ ලකුණු 13කට කඩුලු 5ක් දවා ගත්තා.

මේ අතර අද තරගවල දී වාර්තා වූ අනෙක් සියලු අර්ධ ශතක ආරම්භක පිතිකරුවන් විසින් රැස් කිරීම කැපී පෙනුණා. සැරසන්ස් කණ්ඩායමේ සිතාර ගිම්හාන, Tamil Union කණ්ඩායමේ නවෝද් පරණවිතාන, ලංකන් ක්‍රිකට් සමාජයේ ලහිරු ඩිල්ශාන් සහ SSC කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ අවිශ්ක ප්‍රනාන්දු සහ ක්‍රිශාන් සංජුල ඒ අතර වෙනවා.

පන්දු යැවීමේ දී කළුතර Town කණ්ඩායමේ මහේෂ් ප්‍රියදර්ශන ලකුණු 42කට කඩුලු 5ක් ද, සැරසන්ස් කණ්ඩායමේ කවික ඩිල්ශාන් ලකුණු 21කට කඩුලු 4ක් ද සහ Kandy Custom කණ්ඩායමේ උමේග චතුරංග ලකුණු 12කට කඩුලු 4ක් දවා ගනිමින් ද දක්ෂතා දැක්වූවා.

Group B – Tamil Union සහ සැරසන්ස් (පී. සරා Oval, කොළඹ)

Tamil Union ක්‍රිකට් සමාජයට කඩුලු 2ක ජයක්.

සැරසන්ස් – සියලුම දෙනා දැවී 123 (32.5): සිතාර ගිම්හාන් 56, රවිඳු ප්‍රනාන්දු 2/22, ජෙෆ්රි වැන්ඩර්සේ 5/13.

Tamil Union – කඩුලු 8ක් දැවී 124 (33.5): නවෝද් පරණවිතාන 60, කවික ඩිල්ශාන් 4/21

  • Group A – ලංකන් සහ කළුතර Town (යුද හමුදා ක්‍රීඩාංගණය, පනාගොඩ)

ලංකන් ක්‍රිකට් සමාජයට ලකුණු 94ක ජයක්.

ලංකන් – සියලුම දෙනා දැවී 216 (44.5): ලහිරු ඩිල්ශාන් 73, රිසිත් උපමාල් 32, දේශාන් ඩයස් 26, මහේෂ් ප්‍රියදර්ශන 5/42, අසන්ත බස්නායක 3/39.

කළුතර Town – සියලුම දෙනා දැවී 122 (35.2): යසිත උමයංග 18, රොමේෂ් නල්ලපෙරුම නොදැවී 32, කසුන් මධුශංක 2/36, දමිත සිල්වා 3/15, රජීව වීරසිංහ 3/14.

  • Group A – නුගේගොඩ සහ Kandy Custom (ද සොයිසා ක්‍රීඩාංගණය, මොරටුව)

Kandy Custom ක්‍රිකට් සමාජයට ලකුණු 101ක ජයක්.

Kandy Custom – සියලුම දෙනා දැවී 175 (48.2): සජිත් ද සිල්වා 22, රශ්මික මධුශංක 28, උමේග චතුරංග 26, සහන් නානායක්කාර 2/19, කෙවින් පෙරේරා 2/40.

නුගේගොඩ – සියලුම දෙනා දැවී 74 (30.2): පැතුම් මධුශංක 20, උමේග චතුරංග 4/12, සචිත්‍ර පෙරේරා 2/17, මෙතුශාන් තිළිණ 3/08.

  • Group B – බදුරලිය සහ SSC (Surrey Village ක්‍රීඩාංගණය, මග්ගොන)

SSC කණ්ඩායමට ලකුණු 147ක ජයක්.

SSC – කඩුලු 8ක් දැවී 252 (50): සම්මු අශාන් 84, අවිශ්ක ප්‍රනාන්දු 58, ක්‍රිශාන් සංජුල 53, රුචිර කෝෂිත 2/46.

බදුරලිය – සියලුම දෙනා දැවී 105 (33.5): අලංකාර අසංක 33, ලක්ෂිත මනසිංහ 2/21, ප්‍රභාත් ජයසූරිය 3/23.

මේ අතර Group A කාණ්ඩයෙන් කුරුණෑගල වෙළගෙදර ක්‍රිඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ කුරුණෑගල Youth සහ මීගමුව අතර තරගය ක්‍රීඩාංගණයේ පැවති අයහපත් තත්ත්වය හේතුවෙන් එකඳු පන්දුවක් හෝ නොයවා නතර කර දැමුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මෙන්ම ක්‍රීඩා පිටියේ සිදුවෙන උණුසුම් පුවත් සැණෙකින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<