Home Sinhala දඟකැවීම ඇරඹෙයි, ශ්‍රී ලංකාව පෙරමුණේ

දඟකැවීම ඇරඹෙයි, ශ්‍රී ලංකාව පෙරමුණේ

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

592

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අද (22) ගාල්ලේ දී නිමාව දුටුවා.

දෙවැනි දිනයේ නිමාව සටහන් වන විට කොදෙව්වන් කඩුලු 6ක් දැවී ලකුණු 113ක් ලබාගෙන ඉතාමත් අසීරු මට්ටමක පසුවනවා.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, රමේෂ් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම.

බටහිර ඉන්දීය කොදෙව් – Kraigg Brathwaite (capt.), Jeremy Solozano, Nkrumah Bonner, Roston Chase, Jermaine Blackwood, Kyle Mayers, Rahkeem Cornwall, Jason Holder, Joshua da Silva (wk), Jomel Warrican, Shannon Gabriel

දෙවැනි දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 267ක් ලබාගෙන සිටියා. අද ශ්‍රී ලංකා ලකුණු සටහනට තවත් ලකුණු 14ක් එක්ව තිබූ පසුබිමක ධනංජය ද සිල්වා අවාසනාවන්ත ලෙස  ලකුණු 61කට දැවී ගියා.

Gabriel එවූ පන්දුවක් හමුවේ ධනංජය පෙර පාදයේ ආරක්‍ෂිත පහරක් එල්ල කළ නමුත්, එම පන්දුව කඩුල්ල අසල පතිත වී කඩුල්ලේ වැදීමට අවස්ථාවක් තිබුණු අතර එය වළක්වා ගැනීමට යාමේ දී ඔහුගේ පිත්තේ යට දාරය කඩුල්ලේ වැදීම නිසා ඔහුට පිටියෙන් ඉවත්ව යන්නට සිදු වුනා. මීට පෙර 2019 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයක දී ද ඔහු මේ ආකාරයෙන්ම දැවී ගියා.

දිමුත් සහ ධනංජය ගොඩනැංවූ ලකුණු 111 සබඳතාවය අවසන් වුනු පසුව චන්දිමාල් පිටියට පැමිණියා. නමුත් 5 වැනි කඩුල්ල සඳහා වූ ඔවුන් දෙදෙනාගේ සබඳතාවය ලකුණු 15කට සීමා කිරීමට Chase සමත් වුනේ දිමුත්ගේ කඩුල්ල දවාගෙනයි.

4 පහර 15ක් සමඟ පන්දු 300ක් සඳහා මුහුණ දුන් දිමුත්ගේ ඒ සුපිරි ඉනිම ස්ටම්ප්ස් කිරීමකට හසුව අවසන් වුනා. දිමුත් ටෙස්ට් දිවියේ ස්ටම්ප්ස් කිරීමකට හසුව දැවී ගිය පස්වැනි අවස්ථාව එයයි.

කොදෙව් කණ්ඩායමේ සිටින ප්‍රධාන දඟපන්දු යවන්නන් දෙදෙනා කඩුලු දවා ගැනීමට නොහැකිව සිටි පසුබිමක, චන්දිමාල් සහ රමේෂ් මෙන්ඩිස් අතර 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 35 සබඳතාවය නිමා කරමින් Jomel Warrican ලකුණු 13ක් ලබාගෙන සිටි මෙන්ඩිස්ව දවා ගත්තේ තණතීරුවෙන් ලැබෙන ඉපිලුමේ සවිය ද ලබාගෙනයි.

දිවා ආහාරයෙන් පසුව ලකුණු 20ක් ඇතුළත 7 වැනි සහ 8 වැනි කඩුලු ලෙස ලක්මාල් සහ චන්දිමාල් දැවී ගියා. ලක්මාල් කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව දැවී ගියත්, ලකුණු 45ක් ලබාගෙන සිය අර්ධ ශතකය ආසන්නය සිටිය දී චන්දිමාල් එල්ල කළ දුර්වල රිවර්ස් ස්වීප් පහරක් නිසා ඔහු දැවී ගියා. ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 17ක් ලබා ගත් අතර ඔහු මනරම් 6 පහරක් ද එල්ල කළා. අවසානයේ දී ශ්‍රී ලංකාව සියල්ලන්ම දැවී ලකුණු 386ක් ලබා ගත්තා.

කොදෙව් දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක Roston Chase ඔහු ටෙස්ට් ඉනිමක ලබා ගත් සිව්වැනි කඩුලු 5 අවස්ථාව තහවුරු කර ගත්තා. ඊට අමතරව ඔවුන්ගේ නිත්‍ය දඟපන්දු යවන ක්‍රීඩක Warrican ශ්‍රී ලංකා අවසන් පෙළ කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

පළමු දිනයේ පළමු සැසියට සාපේක්ෂව දැන් දැන් තණතීරුව ක්‍රමයෙන් දඟපන්දු යවන්නන්ට සහය දෙන බවක් පෙනෙන්නට තිබෙන අතර කොදෙව් පන්දු යවන්නන් ද පළමු දිනයට සාපේක්ෂව ඉතාමත් හොඳින් ඔවුන්ගේ පන්දු පතිත කිරීම් සිදු කළා.

කොදෙව් ඉනිම ආරම්භ කරමින් නායක Brathwaite සහ Blackwood පිටියට පැමිණි අතර Blackwood ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරන පළමු ටෙස්ට් ඉනිම මෙයයි.

චමීරගේ පන්දුවක් හමුවේ ලකුණු දෙකක් ලබාගෙන සිටි Blackwood කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලැබුණු නමුත්, ශ්‍රී ලංකාව විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ අවස්ථාවෙන් ප්‍රතිඵලයක් නොගෙන එම අවස්ථාව මඟ හැර දැමුවා. නමුත් ඉන්පසුව දැකගන්නට ලැබුණු රූප රාමු අනුව පෙනී ගියේ එය නිසැක දැවී යාමක් බවයි.

කොදෙව් කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරග කිහිපයට සාපේක්ෂව යම් සාර්ථක ආරම්භයක් ලබා ගත් නායක Brathwaite සහ උප නායක Blackwood ලකුණු 46ක සබඳතාවයක් ගොඩනංවා තිබිය දී, Blackwood ලකුණු 20කට දැවී ගියේ ඔවුන්ට තිබූ එක් විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ අවස්ථාවක් ද අහිමි කරමිනි.

කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව Blackwoodගේ කඩුල්ල දවා ගත්තේ ඇඹුල්දෙණියයි. Bonner එක් ලකුණකට දවා ගත් ප්‍රවීන් කොදෙව් ලකුණු සටහන යම් පීඩනයකට ඇද දැමුවේ ලකුණු 51කට කඩුලු 2ක් ලෙස කොදෙව් ලකුණු සටහන සටහන් කරමිනි.

එතැන් පටන් දෙවැනි දිනයේ නිමාව දක්වා නැවත වතාවක් කොදෙව් පිතිකරුවන්ට හිසි එසවීම සඳහා කිසිදු අවස්ථාවක් ලබා නොදීමට රමේෂ් සහ ප්‍රවීන් ඇතුළු ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් සමත් වුනේ ඕෂද ප්‍රනාන්දු ලබා ගත් දක්ෂ උඩ පන්දු දෙක ද සවියක් කරගෙනයි.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ අවසන් කඩුලු 4 ලකුණු 33ක් තුල බිඳ වැටුණා. මේ තරගයේ දැනට කොදෙව් කණ්ඩායම ඔවුන්ගේ විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ අවස්ථාවන් 4ක් ඉතාමත් දුර්වල ලෙස භාවිතා කිරීම කැපී පෙනුණා.

දිනයේ නිමාව සටහන් වන විට නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින Mayers ලකුණු 22*ක් Holder එක් ලකුණයි. කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 273ක් පසුපසින් සිටිනවා.

පළමු දිනයේ දී කඩුලු 3ක් පමණක් දැවී ගිය නමුත් දෙවැනි දිනය තුල කඩුලු 13ක් බිඳ වැටුණා. හෙට දිනයේ පළමු සැසිය තුල තවත් කඩුලු කිහිපයක් ඉක්මනින් දවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුවහොත් තරගයේ වැඩි වාසිය තවදුරටත් ශ්‍රී ලංකාව දෙසට ඇද ගැනීමට හැකියාවක් තිබෙනවා.


Result


West Indies
230/10 (85.5) & 160/10 (79)

Sri Lanka
386/10 (133.5) & 191/4 (40.5)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Rahkeem Cornwall b Shannon Gabriel 56 140 7 0 40.00
Dimuth Karunaratne st Joshua Da Silva b Roston Chase 147 300 15 0 49.00
Oshada Fernando c Nkrumah Bonner b Roston Chase 3 27 0 0 11.11
Angelo Mathews c Jason Holder b Roston Chase 3 25 0 0 12.00
Dhananjaya de Silva hit-wicket b Shannon Gabriel 61 95 5 0 64.21
Dinesh Chandimal c Rahkeem Cornwall b Roston Chase 45 83 5 0 54.22
Ramesh Mendis c Joshua Da Silva b Jomel Warrican 13 49 2 0 26.53
Suranga Lakmal lbw b Jomel Warrican 11 44 2 0 25.00
Dushmantha Chameera c Kraig Brathwaite b Jomel Warrican 3 0 0 0 0.00
Lasith Embuldeniya c Jermaine Blackwood b Roston Chase 17 0 1 1 0.00
Praveen Jayawickrama not out 8 0 1 0 0.00


Extras 19 (b 5 , lb 6 , nb 8, w 0, pen 0)
Total 386/10 (133.5 Overs, RR: 2.88)
Fall of Wickets 1-139 (49.1) Pathum Nissanka, 2-164 (57.3) Oshada Fernando, 3-170 (65.1) Angelo Mathews, 4-281 (94.4) Dhananjaya de Silva, 5-296 (99.5) Dimuth Karunaratne, 6-331 (112.6) Ramesh Mendis, 7-355 (124.4) Suranga Lakmal, 8-361 (127.4) Dinesh Chandimal, 9-361 (128.1) Dushmantha Chameera, 10-386 (133.5) Lasith Embuldeniya,

Bowling O M R W Econ
Shannon Gabriel 19 2 68 2 3.58
Jason Holder 19 9 24 0 1.26
Rahkeem Cornwall 27 3 91 0 3.37
Kyle Mayers 3 0 9 0 3.00
Jomel Warrican 32 5 87 3 2.72
Roston Chase 28.5 3 83 5 2.91
Jermaine Blackwood 1 0 6 0 6.00
Kraig Brathwaite 4 0 6 0 1.50
Batsmen R B 4s 6s SR
Kraig Brathwaite c Pathum Nissanka b Ramesh Mendis 41 115 7 0 35.65
Jermaine Blackwood lbw b Lasith Embuldeniya 20 44 1 1 45.45
Nkrumah Bonner c Dhananjaya de Silva b Praveen Jayawickrama 1 11 0 0 9.09
Shai Hope c Oshada Fernando b Ramesh Mendis 10 31 0 0 32.26
Roston Chase c Oshada Fernando b Ramesh Mendis 2 24 0 0 8.33
Jomel Warrican c Dinesh Chandimal b Praveen Jayawickrama 1 8 0 0 12.50
Kyle Mayers c Dimuth Karunaratne b Dhananjaya de Silva 45 62 8 0 72.58
Jason Holder c Dushmantha Chameera b Praveen Jayawickrama 36 60 3 2 60.00
Joshua Da Silva b 15 88 1 0 17.05
Rahkeem Cornwall c Ramesh Mendis b Suranga Lakmal 39 58 5 1 67.24
Shannon Gabriel lbw b Praveen Jayawickrama 2 11 0 0 18.18


Extras 18 (b 3 , lb 10 , nb 2, w 3, pen 0)
Total 230/10 (85.5 Overs, RR: 2.68)
Fall of Wickets 1-46 (20.1) Jermaine Blackwood, 2-51 (23.5) Nkrumah Bonner, 3-80 (31.6) Kraig Brathwaite, 4-83 (33.1) Shai Hope, 5-86 (36.6) Jomel Warrican, 6-100 (39.6) Roston Chase, 7-163 (57.1) Kyle Mayers, 8-175 (60.4) Jason Holder, 9-224 (79.6) Rahkeem Cornwall, 10-230 (85.5) Shannon Gabriel,

Bowling O M R W Econ
Suranga Lakmal 6 1 10 1 1.67
Dushmantha Chameera 8 0 14 0 1.75
Lasith Embuldeniya 32 11 67 1 2.09
Praveen Jayawickrama 19.5 6 40 4 2.05
Ramesh Mendis 17 1 75 3 4.41
Dhananjaya de Silva 3 0 11 1 3.67
Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Shai Hope b Rahkeem Cornwall 3 11 0 0 27.27
Dimuth Karunaratne c Jermaine Blackwood b Rahkeem Cornwall 83 103 9 0 80.58
Oshada Fernando lbw b Jomel Warrican 14 32 1 0 43.75
Angelo Mathews b 69 83 6 0 83.13
Dhananjaya de Silva c & b Jomel Warrican 1 7 0 0 14.29
Dinesh Chandimal b 10 8 0 0 125.00


Extras 11 (b 8 , lb 2 , nb 1, w 0, pen 0)
Total 191/4 (40.5 Overs, RR: 4.68)
Fall of Wickets 1-4 (2.3) Pathum Nissanka, 2-39 (11.5) Oshada Fernando, 3-162 (36.3) Dimuth Karunaratne, 4-163 (38.1) Dhananjaya de Silva,

Bowling O M R W Econ
Rahkeem Cornwall 15.5 0 60 2 3.87
Jason Holder 5 0 19 0 3.80
Roston Chase 6 1 28 0 4.67
Jomel Warrican 9 0 42 2 4.67
Shannon Gabriel 4 0 23 0 5.75
Kraig Brathwaite 1 0 9 0 9.00


Batsmen R B 4s 6s SR
Kraig Brathwaite lbw b Ramesh Mendis 0 14 0 0 0.00
Jermaine Blackwood c Angelo Mathews b Lasith Embuldeniya 9 18 0 0 50.00
Nkrumah Bonner not out 68 220 0 0 30.91
Shai Hope b Ramesh Mendis 3 9 0 0 33.33
Roston Chase b Lasith Embuldeniya 1 7 0 0 14.29
Kyle Mayers lbw b Ramesh Mendis 2 5 0 0 40.00
Jason Holder b Ramesh Mendis 0 1 0 0 0.00
Joshua Da Silva c Dhananjaya de Silva b Lasith Embuldeniya 54 129 0 0 41.86
Rahkeem Cornwall c Suranga Lakmal b Praveen Jayawickrama 13 46 0 0 28.26
Jomel Warrican c Avishka Fernando b Lasith Embuldeniya 1 21 0 0 4.76
Shannon Gabriel c Dhananjaya de Silva b Lasith Embuldeniya 0 6 0 0 0.00


Extras 9 (b 0 , lb 5 , nb 2, w 2, pen 0)
Total 160/10 (79 Overs, RR: 2.03)
Fall of Wickets 1-3 (3.4) Kraig Brathwaite, 2-11 (6.4) Jermaine Blackwood, 3-14 (9.1) Shai Hope, 4-15 (10.2) Roston Chase, 5-18 (11.3) Kyle Mayers, 6-18 (11.4) Jason Holder,

Bowling O M R W Econ
Lasith Embuldeniya 29 12 46 5 1.59
Ramesh Mendis 31 5 64 4 2.06
Praveen Jayawickrama 14 6 28 1 2.00
Dhananjaya de Silva 1 0 5 0 5.00
Dushmantha Chameera 4 0 12 0 3.00



තරගයේ තෙවැනි දිනය හෙට උදෑසන 10ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<