Home Sinhala Shafique සහ Babarගේ ඉනිම් ඔස්සේ දැවැන්ත හඹා යෑමක්

Shafique සහ Babarගේ ඉනිම් ඔස්සේ දැවැන්ත හඹා යෑමක්

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

328

පාකිස්තාන සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන පාකිස්තාන ක්‍රීඩකයින් කඩුලු තුනක් දැවී ලකුණු 222ක් ලබාගෙන ප්‍රබල තැනක පසුවනවා.

තෙවැනි දිනය අවසානයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවී ලකුණු 329ක් රැස් කරගෙන සිටියා.

අද (19) දිනයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 9ක් පමණක් එකතු කිරීමට ඉඩ ලබා දුන් පාකිස්තාන පන්දු යවන්නන් ශ්‍රී ලංකාවේ අවසන් කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරිය ලකුණු 5කට දවා ගත්තේ දිනේෂ් චන්දිමාල්ගේ ශතකය ලකුණු 6කින් අහිමි කරමිනුයි.

ඒ සමඟින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 338කට සීමා වූ අතර පාකිස්තාන ක්‍රීඩකයින්ට තරගය ජයග්‍රහණය කිරීමට හිමි වූ ඉලක්කය ලකුණු 342ක්.

දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි පාකිස්තානයට අවශ්‍ය ආරම්භය ලබා දුන් Abdullah Shafique සහ Imam-ul-Haq පළමු කඩුල්ල සඳහා ලකුණු 87ක වටිනා සම්බන්ධතාවක් ගොඩනැගුවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුල්ල අවශ්‍ය වූ මොහොතේ ක්‍රියාත්මක වූ නිරෝෂන් දික්වැල්ල විසින් ලකුණු 37ක් ලබා සිටි Imam-ul-Haq දක්ෂ Stump කිරීමකට හසු කර ගනිමින් පිටියෙන් ඉවත් කළේ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේයි.

ඉන්පසුව පිටියට පිවිසි Azhar Ali හට සාර්ථක වීමට අවස්ථාවක් ලබා නොදුන් ප්‍රභාත් විසින් Azhar Aliව ලකුණු 5කට පිටියෙන් ඉවත් කළේ මුළු ලකුණු සංඛ්‍යාව 104ක් වන විටයි.

එම දැවී යාමෙන් පසුව පිටියේ එක්වූ Abdullah Shafique සහ Babar Azam ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු සහනයක් ලබා නොදෙමින්  ගොඩනැගූ සම්බන්ධතාව නිසා තේ පානයට තරගය නතර කරන විට කඩුලු දෙකක් දැවී ලකුණු 147ක් ලබා ප්‍රබල තත්වයක පසුවීමට පාකිස්තාන ක්‍රීඩකයින්ට හැකි වුනා.

තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 101ක වටිනා සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ලකුණු 55ක් ලබා සිටි Babar Azam දවා ගැනීමට ප්‍රභාත්ට හැකි වුනේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තරමක සහනයක් ගෙන දෙමිනුයි.

අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් සිය දෙවැනි ටෙස්ට් ශතකය රැස් කළ Abdullah Shafique අද දිනයට තරගය නතර කරන විට නොදැවී ලකුණු 112ක් රැස් කර සිටියා.

ඒ අනුව පාකිස්තාන ක්‍රීඩකයින් සිව්වැනි දිනය අවසානයේ කඩුලු තුනක් දැවී ලකුණු 222ක් ලබා ගනිමින් ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 120ක් පිටුපසින් සිටිනවා.

Result


Sri Lanka
222/10 (66.1) & 337/10 (100)

Pakistan
218/10 (90.5) & 344/6 (127.2)

Batsmen R B 4s 6s SR
Oshada Fernando c Mohammad Rizwan b Hasan Ali 35 49 5 0 71.43
Dimuth Karunaratne b Shaheen Shah Afridi 1 7 0 0 14.29
Kusal Mendis c Mohammad Rizwan b Yasir Shah 21 35 3 0 60.00
Angelo Mathews c Naseem Shah b Yasir Shah 0 15 0 0 0.00
Dinesh Chandimal c Yasir Shah b Hasan Ali 76 115 10 1 66.09
Dhananjaya de Silva b Shaheen Shah Afridi 14 28 2 0 50.00
Niroshan Dickwella c Agha Salman b Shaheen Shah Afridi 4 4 1 0 100.00
Ramesh Mendis c Mohammad Rizwan b Naseem Shah 11 41 1 0 26.83
Prabath Jayasuriya lbw b Mohammad Nawaz 3 9 0 0 33.33
Maheesh Theekshana c Mohammad Rizwan b Shaheen Shah Afridi 38 65 4 1 58.46
Kasun Rajitha not out 12 32 1 0 37.50


Extras 7 (b 1 , lb 3 , nb 3, w 0, pen 0)
Total 222/10 (66.1 Overs, RR: 3.36)
Bowling O M R W Econ
Shaheen Shah Afridi 14.1 3 58 4 4.11
Hasan Ali 12 2 23 2 1.92
Naseem Shah 13 0 53 1 4.08
Yasir Shah 21 4 66 2 3.14
Mohammad Nawaz 6 2 18 1 3.00
Batsmen R B 4s 6s SR
Abdullah Shafique lbw b Prabath Jayasuriya 13 47 2 0 27.66
Imam-ul-Haq lbw b Kasun Rajitha 2 16 0 0 12.50
Azhar Ali lbw b Prabath Jayasuriya 3 41 0 0 7.32
Babar Azam lbw b Maheesh Theekshana 119 244 11 2 48.77
Mohammad Rizwan c Niroshan Dickwella b Ramesh Mendis 19 35 3 0 54.29
Agha Salman lbw b Prabath Jayasuriya 5 15 1 0 33.33
Mohammad Nawaz c Nuwanidu Fernando b Prabath Jayasuriya 5 18 0 0 27.78
Shaheen Shah Afridi lbw b Prabath Jayasuriya 0 1 0 0 0.00
Yasir Shah c Dhananjaya de Silva b Maheesh Theekshana 18 56 1 0 32.14
Hasan Ali c Dinesh Chandimal b Ramesh Mendis 17 21 0 0 80.95
Naseem Shah not out 5 52 1 0 9.62


Extras 12 (b 5 , lb 1 , nb 1, w 5, pen 0)
Total 218/10 (90.5 Overs, RR: 2.4)
Bowling O M R W Econ
Kasun Rajitha 11 2 42 1 3.82
Maheesh Theekshana 25.5 6 68 2 2.67
Prabath Jayasuriya 39 10 82 5 2.10
Ramesh Mendis 13 2 18 2 1.38
Dhananjaya de Silva 2 0 2 0 1.00
Batsmen R B 4s 6s SR
Oshada Fernando c Babar Azam b Yasir Shah 64 125 6 1 51.20
Dimuth Karunaratne lbw b Mohammad Nawaz 16 29 2 0 55.17
Kasun Rajitha lbw b Mohammad Nawaz 7 12 1 0 58.33
Kusal Mendis b Yasir Shah 76 126 9 0 60.32
Angelo Mathews c Babar Azam b Mohammad Nawaz 9 25 1 0 36.00
Dinesh Chandimal not out 94 139 5 2 67.63
Dhananjaya de Silva b Yasir Shah 20 20 2 1 100.00
Niroshan Dickwella b Mohammad Nawaz 12 11 2 0 109.09
Ramesh Mendis b Mohammad Nawaz 22 32 2 0 68.75
Maheesh Theekshana c Mohammad Rizwan b Mohammad Hasnain 11 57 0 0 19.30
Prabath Jayasuriya b Naseem Shah 4 25 1 0 16.00


Extras 2 (b 0 , lb 1 , nb 1, w 0, pen 0)
Total 337/10 (100 Overs, RR: 3.37)
Bowling O M R W Econ
Shaheen Shah Afridi 7 2 21 0 3.00
Mohammad Nawaz 28 2 88 5 3.14
Agha Salman 16 1 53 0 3.31
Yasir Shah 29 2 122 3 4.21
Hasan Ali 12 3 19 1 1.58
Babar Azam 1 0 9 0 9.00
Naseem Shah 7 0 24 1 3.43


Batsmen R B 4s 6s SR
Abdullah Shafique not out 160 408 7 1 39.22
Imam-ul-Haq st Niroshan Dickwella b Ramesh Mendis 35 73 3 0 47.95
Azhar Ali c Dhananjaya de Silva b Prabath Jayasuriya 6 32 0 0 18.75
Babar Azam b Prabath Jayasuriya 55 104 4 1 52.88
Mohammad Rizwan lbw b Prabath Jayasuriya 40 74 2 0 54.05
Agha Salman c Niroshan Dickwella b Prabath Jayasuriya 12 35 1 0 34.29
Hasan Ali c Maheesh Theekshana b Dhananjaya de Silva 5 4 1 0 125.00
Mohammad Nawaz not out 19 34 1 0 55.88


Extras 12 (b 5 , lb 7 , nb 0, w 0, pen 0)
Total 344/6 (127.2 Overs, RR: 2.7)
Bowling O M R W Econ
Kasun Rajitha 9 2 18 0 2.00
Prabath Jayasuriya 56.2 10 133 4 2.37
Ramesh Mendis 33 0 102 1 3.09
Maheesh Theekshana 14 2 44 0 3.14
Dhananjaya de Silva 15 1 33 1 2.20



තරගයේ පස්වැනි සහ අවසන් දිනය හෙටයි (20). මෙම තරගයේ සහ තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<