සචිත්‍ර සේනානායකගෙන් අමතක නොවන ඉනිමක්

Major Club Limited Over Tournament 2022

4281

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවති තරග අතරින් Sri Lanka Navy SC නියෝජනය කරන සචිත්‍ර සේනානායක ශතකයක් ලබා ගත්තා.

පන්දු 102කට මුහුණ දුන් සචිත්‍ර හතරේ පහර 9ක් සහ හයේ පහර 7ක් සමඟින් ලබා ගත් මෙම ලකුණු 114ත් සමඟින් ඔහු තම පළමු පෙළ එක්දින තරගවල ලකුණු 2000 ඉක්මවා යෑමට ද සමත් වුනා.  පළමු පෙළ එක්දින තරග 182ක ඉනිම් 176ක දී සචිත්‍ර ලබා ඇති ලකුණු සංඛ්‍යාව 2070ක්. ඊට ශතක 2ක් සහ අර්ධ ශතක 10ක් ඇතුළත්.

මේ අතර අද පැවති තරගවල දී Lankan CC කණ්ඩායමේ රවිඳු රත්නායක සහ රජීව වීරසිංහ, Colts CC කණ්ඩායමේ රවිඳු රසාන්ත, Kalutara Town Club කණ්ඩායමේ ඉෂාර මධුවන්ත තම පළමු පෙළ එක්දින තරගවල මංගල අර්ධ ශතකය රැස් කරද්දී Ace Capital CC කණ්ඩායමේ ලසිත් කෘaස්පුල්ලේ සහ විදෙස් ක්‍රීඩක T. Baskaran, Colts CC කණ්ඩායමේ ධනංජය ලක්ෂාන්, Police SC කණ්ඩායමේ චතුරංග කුමාර, Moors SC කණ්ඩායමේ පබසර වඩුගේ, SSC කණ්ඩායමේ නිපුන් ධනංජය, Kurunegala Youth CC කණ්ඩායමේ ගයාන් මනීෂාන්, Ragama CC කණ්ඩායමේ ජනිත් ලියනගේ සහ Sri Lanka Army SC කණ්ඩායමේ තිසර පෙරේරා අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී Colts CC කණ්ඩායමේ චමෝද් බැට්ටගේ, Nugegoda SWC කණ්ඩායමේ නයන ප්‍රනාන්දු, SSC කණ්ඩායමේ ඩිල්ශාන් අබේසිංහ සහ Kandy Customs SC කණ්ඩායමේ මෙතුශාන් තිළිණ තම පළමු පෙළ එක්දින තරගවල හොඳම පන්දු යැවීම් වාර්තා කළා.

Group A

Bloomfield C & AC සහ Ace Capital CC අතර තරගය Bloomfield ක්‍රීඩා පිටියේ දී

  • Bloomfield C & AC – සියලුම දෙනා දැවී 203 (45.4) අශාන් ප්‍රනාන්දු 47, මාධව වර්ණපුර 38, චමත් වික්‍රමසිංහ 25, නිමසර අතරගල්ල 2/37, තනුක දාබරේ 2/22
  • Ace Capital CC – කඩුලු 7ක් දැවී 204 (41.2) තනුක දාබරේ 27, ලසිත් කෘaස්පුල්ලේ 50, T. Baskaran 55, සකුණ ලියනගේ 32, චානක කොමසාරු 3/54, Yashpal Singh 2/49, මාධව වර්ණපුර 2/23

Ace Capital CC කණ්ඩායමට කඩුලු 3ක ජයක්

Colts CC සහ Police SC අතර තරගය Colts ක්‍රීඩා පිටියේ දී 

  • Colts CC – කඩුලු 9ක් දැවී 270 (50) රවිඳු රසාන්ත 68, ධනංජය ලක්ෂාන් 56, විශාද් රන්දික 48, අකිල ධනංජය 29, චතුරංග කුමාර 2/53, අශේන් බණ්ඩාර 2/25
  • Police SC – සියලුම දෙනා දැවී 198 (39.3) අශේන් බණ්ඩාර 27, චාමර සිල්වා 23, රන්දුණු ගංගනාත් 40, චතුරංග කුමාර 61, චමෝද් බැට්ටගේ 4/34, මුදිත ලක්ෂාන් 3/43

Colts CC කණ්ඩායමට ලකුණු 72ක ජයක්

Kalutara Town Club සහ Lankan CC අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී

  • Kalutara Town Club – කඩුලු 7ක් දැවී 181 (42) අභිශේක් ආනන්දකුමාර 28, විශාර ප්‍රනාන්දු 23, දිනෙත් ජයකොඩි 20, ඉෂාර මධුවන්ත නොදැවී 57, රජීව වීරසිංහ 3/27, සඳුන් අභයවර්ධන 2/27
  • Lankan CC – කඩුලු 4ක් දැවී 183 (33.5) රවිඳු රත්නායක 82, රජීව වීරසිංහ 64, කසුන්අබේරත්න නොදැවී 20, කෞෂාන් කුලසූරිය 2/25

Lankan CC කණ්ඩායමට කඩුලු 6ක ජයක්

Saracens SC සහ Moors SC අතර තරගය Moors ක්‍රීඩා පිටියේ දී

  • Moors SC – සියලුම දෙනා දැවී 230 (48.1) පබසර වඩුගේ 76, පසිඳු සූරියබණ්ඩාර 35, ජනිශ්ක පෙරේරා 34, උදිත් මධුශාන් 2/36, ඉසිත විජේසුන්දර 2/25, කවික ඩිල්ශාන් 3/40, සඳුන් මෙන්ඩිස් 2/28
  • Saracens SC – සියලුම දෙනා දැවී 116 (27.2) අකාශ් සේනාරත්න 18, දිනුක ඩිල්ශාන් 3/19, ඉමිතියාස් ස්ලාසා 2/01

Moors SC කණ්ඩායමට ලකුණු 114ක ජයක්

NCC සහ SSC අතර තරගය NCC ක්‍රීඩා පිටියේ දී

  • NCC – සියලුම දෙනා දැවී 148 (26.5) ජොහැන් ද සිල්වා 22, අසේල් සිගේරා 27, ඩිල්ශාන් අබේසිංහ 4/41, සම්මු අශාන් 2/28, සසික ඩිල්ශාන් 2/21
  • SSC – කඩුලු 4ක් දැවී 150 (26) නිපුන් ධනංජය නොදැවී 57, චමිඳු වික්‍රමසිංහ නොදැවී 38, අසේල් සිගේරා 2/17

SSC කණ්ඩායමට කඩුලු 6ක ජයක්

Group B

Sri Lanka Air Force SC සහ Kandy Customs SC අතර තරගය පානදුර ක්‍රීඩා පිටියේ දී

  • Sri Lanka Air Force SC – සියලුම දෙනා දැවී 93 (29.5) හසිත් පෙරේරා 20, ලහිරු විලෝචන 2/24, මෙතුශාන් තිළිණ 4/25, අයේෂ් හර්ෂණ 2/07
  • Kandy Customs SC – කඩුලු 2ක් දැවී 95 (18) තිමිර මල්ශාන් නොදැවී 44, අකීල් ඉන්හාම් 38

Kandy Customs SC කණ්ඩායමට කඩුලු 8ක ජයක්

Kurunegala Youth CC සහ CCC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩා පිටියේ දී

  • Kurunegala Youth CC – සියලුම දෙනා දැවී 165 (49.2) ගයාන් මනීෂාන් 61, ඩිල්ශාන් කොල්ලුරේ 23, නිලංක ප්‍රේමරත්න 21, මාලින්ද පුෂ්පකුමාර 2/23, නුවන් තුෂාර 3/33, අශාන් ප්‍රියංජන් 3/39
  • CCC – කඩුලු 6ක් දැවී 167 (28.3) නිමේෂ ගුණසිංහ 31, අශාන් ප්‍රියංජන් 49, පවන් රත්නායක නොදැවී 44, නිලංක ප්‍රේමරත්න 2/22

CCC කණ්ඩායමට කඩුලු 4ක ජයක්

Negombo CC සහ Galle CC අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

  • Negombo CC – සියලුම දෙනා දැවී 116 (39.2) ඩිල්ශාන් මුණවීර 21, ජීවක ශෂීන් 21, රවිශ්ක විජේසිරි 2/21, සඳුන් මධුශංක 3/15, හර්ෂජිත් රුශාන් 3/06
  • Galle CC – කඩුලු 9ක් දැවී 117 (41.5) හර්ෂජිත් රුශාන් 38, රවිඳු සෙම්බකුට්ටිගේ නොදැවී 40, ඩිල්ශාන් මුණවීර 3/20, දනුශ්ක සඳරුවන් 4/35

Galle CC කණ්ඩායමට කඩුල්ලක ජයක්

Ragama CC සහ Sri Lanka Navy SC අතර තරගය තර්ස්ටන් ක්‍රීඩා පිටියේ දී

  • Ragama CC – සියලුම දෙනා දැවී 234 (49.1) සමින්ද ප්‍රනාන්දු 40, ජනිත් ලියනගේ 71, අවිශ්ක තරිඳු 33, ඩෙලෝන් පීරිස් 30, ඩිලංක අවර්ඩ්ට් 3/43, සචිත්‍ර සේනානායක 2/36, රොමේෂ් සුරංග 3/29
  • Sri Lanka Navy SC – කඩුලු 7ක් දැවී 235 (47.3) සචිත්‍ර සේනානායක 114, සංජීව කුමාරස්වාමි 36, සුපුන් ලීලාරත්න 30, මධුර මධුශංක 25, ජනක සම්පත් 3/35

Sri Lanka Navy SC කණ්ඩායමට කඩුලු 3ක ජයක්

Nugegoda SWC සහ Chilaw Marians CC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ දී

  • Nugegoda SWC – කඩුලු 9ක් දැවී 191 (50) නයන ප්‍රනාන්දු 69, රනිත ලියනාරච්චි 40, නවීන් ප්‍රනාන්දු 27, අවිඳ තීක්ෂණ 3/24, පුලින තරංග 2/48
  • Chilaw Marians CC – කඩුලු 4ක් දැවී 194 (36.4) කවිඳු ඉරෝෂ් 36, කසුන් විදුර නොදැවී 86, Gaurav Jathar 35, චමින්ද බණ්ඩාර 3/52

Chilaw Marians CC කණ්ඩායමට කඩුලු 6ක ජයක්

Sri Lanka Army SC සහ Panadura SC අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

  • Sri Lanka Army SC – කඩුලු 8ක් දැවී 252 (50) ෂෙහාන් ප්‍රනාන්දු 38, ලක්ෂාන් එදිරිසිංහ 42, තිසර පෙරේරා 56, මහේෂ් කුමාර 43, යසෝද මෙන්ඩිස් නොදැවී 37, ධනුෂ්ක රණසිංහ 2/22, නිමේෂ් විමුක්ති 2/61, යොමේෂ් රණසිංහ 3/42
  • Panadura SC – සියලුම දෙනා දැවී 137 (29.4) රොෂාන් විජේනායක 25, නිමේෂ් විමුක්ති 36, කොෂාන් ධනුෂ්ක 26, රත්නරාජා තෙනුරතන් 3/43, සුමින්ද ලක්ෂාන් 3/24

Sri Lanka Army SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 116ක ජයක්

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<