23න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සම්පූර්ණ සංචිත

වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය 2020/21

2706

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 16 වැනිදා සිට කණ්ඩායම් 26ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි. පන්දුවාර 50 එක්දින තරග ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලිය සුදු පන්දුව සහ වර්ණ ඇඳුම් භාවිතයෙන් පැවැත්වෙනු ඇත.

පසුගිය වසරට සාපේක්ෂව මෙවර තරගාවලියේ දී කණ්ඩායම් දෙකක වැඩි වීමකින් හෙවත් කණ්ඩායම් 26ක් තරගාවලියට සුදුසුකම් ලබා සිටින අතර තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙනු ඇත. ඒ අනුව A සහ D කාණ්ඩ යටතේ කණ්ඩායම් 7 බැගින් තරග වදින අතර B සහ C කාණ්ඩ දෙකෙහි කණ්ඩායම් 6 බැගින් තරග වදිනු ලැබේ.

තවත් කියවන්න

ඒ අනුව A සහ D කාණ්ඩවලට මූලික වටයේ තරග 6කටත්, B සහ C කාණ්ඩවලට තරග 5කටත් බැගින් ක්‍රීඩා කළ යුතු වන අතර අදාළ කාණ්ඩවල ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් ඔක්තෝබර් 07 වැනිදා පැවැත්වීමට නියමිත අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලබනු ඇත. තරගාවලියේ අවසන් මහ තරගය ඔක්තෝබර් මස 11 වැනිදා පැවැත්වෙනු ඇත. කෙසේ නමුත් තරග පවත්වන ක්‍රීඩාංගණ පිළිබඳව තවමත් අවසන් තීරණයකට පැමිණ නොමැත.

තරග වදිනු ලබන කණ්ඩායම් 26 සංචිතයන්,

යුද හමුදා ක්‍රීඩා සමාජය – හේෂාන් හෙට්ටිආරච්චි (නායක), පැතුම් කුමාර, ගිහාන් කෝරලගේ, සංජීව් කුමාරස්වාමි, හරිත් ප්‍රනාන්දු, කවිඳු කුලරත්න, ලක්ෂාන් ගමගේ, රශ්මික සිරිවර්ධන, හර්ෂජිත් විරේන්ද්‍ර, ශිහාන් ද සිල්වා, සමිත් ඩිල්ශාන්, මහීෂ තීක්ෂණ, ශෙහාන් ප්‍රනාන්දු, කවිෂ්ක සේනාධීර, බිෂාන් මෙන්ඩිස්, රත්නරාජා තේනුරත්නම්, ශෙසඳ සොයිසා, හෂාන් සංදීප, හේෂාන් මදුසංක, රිශික සන්තුෂ්.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – කමිඳු මෙන්ඩිස් (නායක), ලසිත් කෘස්පුල්ලේ, රුසිරු වීරසූරිය, දසුන් සෙනෙවිරත්න, සනෝජ් දර්ශික, ඩිල්ශාන් සංජීව, රවීන් යසස්, කවිඳු ඉරෝෂ්, නවීන් ප්‍රනාන්දු, නවීන් ගුණවර්ධන, අසිත ප්‍රනාන්දු, ශෙශාන් ද සිල්වා, නිම්සර අතරගල්ල, රමේෂ් ද සිල්වා, ජනිත් මදුසංක, කසුන් සඳරුවන්, ශශාන් ප්‍රනාන්දු, චාරුක තරිඳු,

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – විශාද් රන්දික (නායක), සන්තුෂ් ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ලක්ෂාන්, ඩිල්ශාන් මධුසංක, නිපුන් රන්ෂික, ජෙහාන් ඩැනියල්, රොහාන් සංජය, නිපුන් මාලිංග, කවිඳු ආමන්ත, හේෂාන් ධනුෂ්ක, සුලේක්ෂණ එශාන්, හංසජ ජයසිංහ, මනහරන දයාරත්න, යසිරු ගමාරච්චි, ෂැනන් රුහුනුහේවා, ලහිරු චේතක, දිනුක වන්නිආරච්චි.

එස්. එස්. සී – සම්මු අශාන් (නායක), නිපුන් ධනංජය, අශේන් බණ්ඩාර, අහන් වික්‍රමසිංහ, අවිශ්ක පෙරේරා, ක්‍රිෂාන් සංජුල, නුවනිඳු ප්‍රනාන්දු, ලක්ෂිත රසාංජන, චමිඳු වික්‍රමසිංහ, හිමේෂ් රාමනායක, කවිඳු නදීශාන්, කලන පෙරේරා, දිලුම් සුධීර, සොහාන් ද ලිවේරා

නාවික හමුදා ක්‍රීඩා සමාජය – ශලිත් ප්‍රනාන්දු (නායක), සමිත් රංග, ජොහෑන් ද සිල්වා, භාග්‍ය දිසානායක, ගජිත කොටුවේගොඩ, ඉමේෂ් විරංග, සම්මු විමුද්, දිනාල් ඉශේන්, දමින්ද රෙෂාන්, අමීන් මිෆ්ලාල්, අකිඳු කරුණාරත්න, නෙත්ම කරුණාරත්න, පෘතුවි තරුක්ෂය, ශිවාන් පෙරේරා, සමිත් ඇල්කඩුව, රවිඳු මධුසංක, කාලික් අමාත්, ජානක මදුශාන්,

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – ශෂික ප්‍රියමාල් (නායක), අසින්ත මල්ෂාන්, රවිඳු සෙම්බුකිත්ති, චාමිකර හේවගේ, ශාබික් ඉෆ්තාරි, නුස්කි අහමඩ්, ආධිත්‍ය සිරිවර්ධන, දිනිත සිරිවර්ධන, මොවින් සුබසිංහ, කසුන් රවිඳු, කසුන් ඒකනායක, උවිඳු වීරසේකර, නිම්න ප්‍රනාන්දු, අශේන් චාමර, සඳරුවන් චින්තක, සුහඟ විජේවර්ධන, අවිශ්ක ප්‍රනාන්දු, කෞශාන් ප්‍රනාන්දු, ලහිරු ඩිල්ශාන්, දුශාන් කනේබැද්ද.

එන්. සී. සී – හසිත බෝයගොඩ (නායක), පැතුම් නිශ්ශංක, මතීෂ පතිරණ, කමිල් මිශාර, අශේන් ඩැනියල්, චාමික ගුණසේකර, දිනෙත් ජයකොඩි, කනිෂ්ක ගාල්ලගේ, යුගීෂ ඩිල්ශාන්, වෙනුර ගයාශාන්, තෙවින් අමරසිංහ, කලන විජේසිරි, වනුජ සහන්, විජයකුමාර් ලුක්ශාන්, අනුරාධ අබේධීර, අශාන් ලොකුකැටිය, මිතුල් සේනාරත්න.

ටැමිල් යූනියන් – අශාන් ප්‍රනාන්දු (නායක), කමේෂ් නිර්මාල්, රන්මිත් ජයසේන, සුපුන් වරාගොඩ, ට්‍රිශේන් වික්‍රමසිංහ, සිසිත මදනායක, ටෙහාන් ශාෆ්ටර්, ශ්‍රී රාම් ක්‍රිෂ්ණා, කවිඳු මදාරසිංහ, කවිඳු පතිරත්න, සිතිර හපුහින්න, රවීන් ද සිල්වා, මිරංග වික්‍රමගේ, දුලාජ් සමුදිත, ශිරාන් පෙරේරා, දේශාන් ප්‍රනාන්දු, රවිඳු ප්‍රනාන්දු, සචිඳු කොළඹගේ, නවෝද් පරණවිතාන.

බී. ආර්. සී – රමින්ද විජේසූරිය (නායක), කෙවින් කොත්තිගොඩ, ඉසිවර දිසානායක, යෙසිත් රූපසිංහ, හිරන්ත ජයසිංහ,  නෙරංජන් වන්නිආරච්චි, අභිෂේක් ලියනාරච්චි, නිසල ෆ්‍රැන්සිස්කෝ, මොදිත රණතුංග, සෙනුක රාජපක්ෂ, ගිශාන් බාලසූරිය, ලහිරු හිරන්‍ය, සවිඳු උත්සර, ශෂික උමයංග, දසුන් තාරුක, රොමේෂ් උදයංග.

රාගම ක්‍රිකට් සමාජය – නිශාන් මදුෂ්ක (නායක), ජනිෂ්ක පෙරේරා, ශසික දුල්ශාන්, කල්හාර සේනාරත්න, සංජුල බණ්ඩාර, නිමේෂ් බණ්ඩාර, මනීෂ රූපසිංහ, ඩෙලෝන් පීරිස්, යොහාන් ලියනගේ, නිපුන් කාංචන, අයේෂ් හර්ෂණ, සමිත් ගුණසේකර, චේතන දෙනුවන්, නිමේෂ් පෙරේරා, රංග රසාංග, හසිත රාජපක්ෂ, සසිඳු මල්ෂාන්, නුශාල් ධර්මරත්න, සාහිල් ඩයස්, ශෂික පෙරේරා, තෙවින් ඊරියගම, දුලාජ් අශේන්, ඔනිල බරුෂ.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – නවිඳු විතානගේ (නායක), ප්‍රවීන් සඳමාල්, තරිඳු රාජපක්ෂ, බිහඟ මෙන්ඩිස්, සෙනුර සිල්වා, ගිහාන් ඊබර්ට්, සංදීප ශමෝද්, කනිෂ්ක නයනප්‍රිය, කවික ඩිල්ශාන්, රසිඳු ඉශාන්, කවිඳු දිල්හාර, රවිඳු දේවින්ද, තුශාල් ආධිත්‍ය, සසිත පල්ලියගුරු, චමුදිත ඩිල්ශාන්, තිලංග උදේශන, පැතුම් මෙන්ඩිස්.

බ්ලූම්ෆීල්ඩ් – දිලීප ජයලත් (නායක), මිශේන් සිල්වා, චතුර ඔබේසේකර, නිපුන් හග්ගල, තුෂාන් කොස්තා, නදුන් ඩිල්ශාන්, හසිත් ගීසර, අරවින්ත් රාජේන්ද්‍රන්, නදුන් අහංගම, ශෙහාන් හේරත්, දිනෙත් සමරවීර, ලිලාන් රංගන, ලශේන් ගුණරත්න, රෂාන් දිසානායක, විනුජ රන්පුල්, හිරුමාල් පෙරේරා,

බදුරලිය ක්‍රිකට් සමාජය – දුනිත් ජයතුංග (නායක), කෝසල රවිඳු, මලින්ද ජයකොඩි, අවිශ්ක ලක්ෂාන්, රනේෂ් සිල්වා, තමිඳු නවරත්න, රසාංජන අරවින්ද, නිෂිත අභිලාෂ්, ශෙරන් ලියනගේ, ශෙරන් ෆොන්සේකා, නිලක්ෂ කසුන්, නිර්මල රත්නායක, විශ්මිත කොස්තා, අවිඳු තීක්ෂණ, රුචිර කෝෂිත, රමේෂ් මෙන්ඩිස්, පසිඳු පෙරේරා, සඳරු ඩයස්, හේෂාන් උමින්ද, මිතිර තේනුවර.

ලංකන් ක්‍රිකට් සමාජය – දමිත් සිල්වා (නායක), සවාන් කන්කානම්ගේ, දුනිත් වෙල්ලාලගේ, මෙත්සිත් ජයමාන්න, ලහිරු ඩිල්ශාන්, හසිඳු පියුමාල්, කසුන් අබේරත්න, උමේෂ් ලක්ෂාන්, කෙවින් පෙරේරා, ස්ටෙෆාන් සුසායි, යසිරු රොද්‍රිගෝ, විනුද ලියනගේ, කෞශාන් කුලසූරිය, ෂැනන් ප්‍රනාන්දු, සඳුන් සත්සර, රනුද සෝමරත්න, ෂෙනුක ද සිල්වා, තීරක රණතුංග, සුකිත යසස්වින්, ප්‍රගීෂ් මෙන්ඩිස්, ශාසාඩ් අමීන්, සඳුන් ධනංජය, චමල්ක සොහාන්.

කළුතර නගර කණ්ඩායම – කවීන් කෙමිත (නායක), ඉනාෂ්ක සිරිවර්ධන, ලහිරු තඹවිට, දනාල් හේමනන්ද, ටෙරෝන් බාස්කරන්, රුවින් රෙමිත පීරිස්, ශෙහාන් ඩිල්ශාන්, සහන් කෝසල, ලික්ශාන් සසංග, සසිත අශාන්, ලසිඳු අරෝෂණ, චිරන්ත තීක්ෂණ, පසිඳු අංජන, ලශාන් සිල්වා, දිල්හාර නානායක්කාර, දුශාන් කුමාරසිංහ, හසින් දිල්මාන්, නිශාන් පෙරේරා, ෂෙනාශ් සංදීප, සිහින සිතුමිණ.

සී. සී. සී – මලිඳු මදුරංග (නායක), වනිඳු හසරංග, මනෙල්කර් ද සිල්වා, පවන්ත වීරසිංහ, පවන් රත්නායක, සුවත් මෙන්ඩිස්, සොනාල් දිනූශ, ප්‍රවීන් නිමේෂ්, ඔමේෂ් මෙන්ඩිස්, චමිඳු විජේසිංහ, අම්ෂි ද සිල්වා, රුවින් සෙනෙවිරත්න, අචින්ත සුපුන්, විහාන් ගුණසේකර, නිසල් ආකාශ්, කවිඳු රණසිංහ, චේතිය දේශාන්, චලන සංකල්ප.

පොලිස් ක්‍රීඩා සමාජය – අශෙල් සිගේරා (නායක), හසිඳු ශාමික, තර්ශික් පෙරේරා, තාමර වීරසූරිය, බවන්ත උඩනගමුව, සඳරු පිටිගල, රුවින්ද ඩිල්ශාන්, රෙසඳූ තිලකරත්න, ලක්ෂින රොද්‍රිගෝ, නිමේෂ් මෙන්ඩිස්, නදීර බාලසූරිය, චාරුක ජයතිලක, ඉනෝෂ් ගුණවර්ධන, මොහොමඩ් ෆාහීම්, ලක්ෂිත අමරසේකර, ඩිශේන් වීරසිංහ, මුදිත් හෂාන්, කනගරත්නම් කපිල්රාජ්, හර්ෂ දනංජය, ශෂික විරාජ්.

මීගමුව ක්‍රිකට් සමාජය – හරීන් බුද්ධිල (නායක), ශෙහාන් ප්‍රනාන්දු, අභිෂේක් ආනන්දකුමාර්, භානුක මනෝහර, දිමුත් සඳරුවන්, ජේ. එස්. රශ්මිත, කවිඳු නිර්මාණ, සිතුම් අකිලංක, සුධීර වීරරත්න, විශාල් සිල්වා, විහඟ ජයනාම, දිනෙත් කුමාරසිංහ, දේශාන් තිලකරත්න, සවිඳු පෙරේරා, තිලාන් බණ්ඩාර, සචින් ප්‍රනාන්දු, කල්ප කෞශාන්, චමත් දිල්සර, පැතුම් හසරංග, කේ. නිශාන් පීරිස්.

වරාය අධිකාරිය – මිහිසල් අමෝද (නායක),පසිඳු උස්හෙට්ටි, මිතිල අරවින්ද, දිල්හාර පොල්ගම්පොල, බිෂාන් හෙට්ටිආරච්චි, කවිඳු රිද්මාල්, විනුජ කිරිඇල්ල, කේෂර නුවන්ත, තෙමාල් බණ්ඩාර, අවිශ්ක තරිඳු, රශ්මික මෙවන්, සංක පූර්ණ, යුරාජ් චාලක, අවිශ්ක කෞශල්‍ය, කසුන් තාරක, උමාශ ද සොයිසා, පසිඳු අවිශ්ක.

ගාලු ක්‍රිකට් සමාජය – කවිඳු එදිරිවීර (නායක), විනුර දුල්සර, රවිෂ්ක විජේසිරි, තිසර ඩිල්ශාන්, තනුල චමෝද්, රෙෂාන් කවිඳු, පවන් සංදේශ්, සුභානු රාජපක්ෂ, ශාක්‍ය සම්පත්, කල්ප චේතිය, චමෝද් බට්ටගේ, ප්‍රගීත් ගුණතිලක, ප්‍රවීන් සංදීප, අශේන් ශාමික, කුෂාන් මධූශ, රවිඳු කාංචන, තරිඳු රුක්ෂාන්, චාමික සඳරුවන්, පසන් පෙතන්ගොඩ, ශෙරෝන් ශෙහාන්.

නුගේගොඩ කණ්ඩායම – නිපුන් ලක්ෂාන් (නායක), අමිත දාබරේ, අභිෂේක් ලියනාරච්චි, දුකිත මනෝජ්, මුදිත ලක්ෂාන්, සඳරු වික්‍රමසිංහ, රාහුල් ගුණසේකර, ටශික් නිර්මාල්, කාවින්ද ඊශ්වර, නිම්නක ජයතිලක, සිතුම් දිසානායක, විමුක්ති කුලතුංග, සකුණ ලියනගේ, පසිඳු ආධිත්‍ය, පුමුදිත පෙරේරා, කාවින්දන පෙරේරා, විකුම් කල්හාර, මනේන්ද්‍ර ජයතිලක

පානදුර ක්‍රීඩා සමාජය – කෞමාල් නානායක්කාර (නායක), විශ්ව චතුරංග, චමෝද් සඳරු, නිපුන දේශාන්, ජනිඳු ඉනුවර, අකලංක, අශාන් දිල්හාර,  අනුක් ජයසිංහ, සසංක නිර්මාල්, පසිඳු පැතුම්, අනූප හේෂාන්, ඉයන් දෙවින්, තරිඳු අමරසිංහ, ප්‍රශාන් සිල්වා, යෂාන් අවිශ්ක, තරණ ද සිල්වා, ගිමඳු මැල්කම්, හෂාන් නිපුන.

මුවර්ස් ක්‍රීඩා සමාජය – අයන සිරිවර්ධන (නායක), ප්‍රවීන් ජයවික්‍රම, කවිෂ්ක අංජුල, මොහොමඩ් ශමාස්, දිනුක ඩිල්ශාන්, ඉමිතියාස් ස්ලාසා, මාලිංග අමරසිංහ, අක්‍රම් මුතාලිබ්, පසිඳු සූරියබණ්ඩාර, ටිල්හාන් ලොරෙන්සු, නිකිල් ආධිත්‍ය, ප්‍රවීන් අවිශ්ක, සිනෙත් ජයවර්ධන, ටීෂාන් විදුශාන්, නදීෂ වික්‍රමනායක.

කුරුණෑගල ක්‍රිකට් සමාජය – රන්දීර් රණසිංහ (නායක), කේෂාන් වන්නිආරච්චි, ඩිල්ෂාන් තාරින්ද, සංජීවන් ප්‍රියදර්ශන, දුලාජ් රණතුංග, ශික්වකුමාර් ටිරෝන්, ඩිල්ශාන් කොල්ලුරේ, දිනෙත් ශිහාර චන්දිමාල්, අවීෂ කේෂාන්, ප්‍රියශාන් කරුණාරත්න, කවීන් බණ්ඩාර, නිපුන දනංජය බණ්ඩාර, අසිත වන්නිනායක, සචිඳු විජේරත්න, ගිහාන් වැලිගමගේ, චන්දිමාල් හේරත්, දිව්‍යාශ් රාමායියා, රුවින් පීරිස්, සෞම්‍ය ප්‍රභාෂ් පියසේන, මලීෂ සේනානායක.

සෙබස්තියනයිට්ස් – සවිඳු පීරිස් (නායක), දේවක ඉෂාර, සම්‍යග් සිල්වා, එරන් හංසමාල්, චරිත් හර්ෂණ, කලන සංදීප, සංශය ගුණතිලක, රයන් ප්‍රනාන්දු, නදිත් මිශේන්ද්‍ර, ලහිරු ප්‍රනාන්දු, තරුෂ ප්‍රනාන්දු, ප්‍රවීන් කුරේ, චතුර ප්‍රභාෂ්, රාජිත නිර්මාල්, අවන්ත පෙරේරා, තරුෂ සමරවික්‍රම, හංස ප්‍රමෝද්, අවිශ්ක ඉන්ද්‍රජිත්, අශේන් මලිත්, ලසිත් වර්ණකුලසූරිය.

කැන්ඩි කස්ටම්ස් – සසිත් මදුරංග (නායක), මෙතුශාන් තිලින, පසිඳු සසංක, තිමිර මල්ෂාන්, නුවන් මධුසංක, සජිත ද සිල්වා, මදුශාන් ගුණසිංහ, ඉමේෂ් මධුසංක, හරිඳු ජයසේකර, භාග්‍ය හිමත්, සිනෙත් සිතාර, තීක්ෂණ සංජය, ශෙනාල් බොතේජු, රශ්මික මධුසංක, නිමාන් උමේෂ්.

මෙවර තරගාවලිය සඳහා, ඉකුත් දා නිමාවට පත් වුණු අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය (Tier A සහ Tier B) නියෝජනය කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් මෙන්ම 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන ලද ක්‍රීඩකයින් රැසක් ද මෙම තරගාවලිය නියෝජනය කරනු ඇත.

>>තරග කාලසටහන<<

අවසන් වසරේ පැවති තරගාවලියේ ශූරතාව කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය විසින් දිනා ගනිද්දී, හලාවත මේරියන්ස් කණ්ඩායම එහි අනුශූරයින් බවට පත්විය.

තරගාවලියේ විශේෂ වීඩියෝ, සේයා රූ, ලකුණු සටහන් ඇතුළු සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම Subscribe කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<