කණ්ඩායම් 26යි; යොවුන් ක්‍රිකට් තරගාවලියට දින තීන්දුයි

1267
MAJOR CLUB YOUTH

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 16 වැනිදා සිට කණ්ඩායම් 26ක සහභාගීත්වයෙන් පැවැත්වේ. පන්දුවාර 50 එක්දින තරග ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලිය සුදු පන්දුව සහ වර්ණ ඇඳුම් භාවිතයෙන් පැවැත්වෙනු ඇත.

>> CCC නොකඩවා දෙවැනි වරටත් ලීග් ශූරයෝ

පසුගිය වසරට සාපේක්ෂව මෙවර තරගාවලියේ දී කණ්ඩායම් දෙකක වැඩි වීමකින් හෙවත් කණ්ඩායම් 26ක් තරගාවලියට සුදුසුකම් ලබා සිටින අතර තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙනු ඇත. ඒ අනුව A සහ D කාණ්ඩ යටතේ කණ්ඩායම් 7 බැගින් තරග වදින අතර B සහ C කාණ්ඩ දෙකෙහි කණ්ඩායම් 6 බැගින් තරග වදිනු ලැබේ.

ඒ අනුව A සහ D කාණ්ඩවලට මූලික වටයේ තරග 6කටත්, B සහ C කාණ්ඩවලට තරග 5කටත් බැගින් ක්‍රීඩා කළ යුතු වන අතර අදාළ කාණ්ඩවල ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් ඔක්තෝබර් 07 වැනිදා පැවැත්වීමට නියමිත අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලබනු ඇත. තරගාවලියේ අවසන් මහ තරගය ඔක්තෝබර් මස 11 වැනිදා පැවැත්වෙනු ඇත. කෙසේ නමුත් තරග පවත්වන ක්‍රීඩාංගණ පිළිබඳව තවමත් අවසන් තීරණයකට පැමිණ නොමැත.

මෙවර තරගාවලිය සඳහා ඉකුත් දා නිමාවට පත් වුණු අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය (Tier A සහ Tier B) නියෝජනය කරන ලද ක්‍රීඩකයින් මෙන්ම වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන ලද ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලිය නියෝජනය කරනු ඇත.

>> “මෙවර IPL තරගාවලිය නිසැකවම රූපවාහිනී වාර්තා බිඳ දමනවා”

අවසන් වසරේ පැවති තරගාවලියේ ශූරතාව කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය විසින් දිනා ගනිද්දී, හලාවත මේරියන්ස් කණ්ඩායම එහි අනුශූරයින් බවට පත්විය.

තරගාවලියේ විශේෂ වීඩියෝ, සේයා රූ, ලකුණු සටහන් ඇතුළු සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම Subscribe කරන්න.

තරග වදිනු කණ්ඩායම් සහ තරග කාලසටහන.

Major Club Youth Tournament 2020/21
Group A Group B Group C Group D
Army SC Chilaw MCC Colts CC SSC
Navy SC Air Force SC NCC Tamil Union C & AC
BRC Ragama CC Saracens SC Bloomfield C & AC
Badureliya CC Lankan CC Kalutara Town Club CCC
Police SC Negombo CC SLPA SC Galle CC
Nugegoda S & WC Panadura SC Moors SC Kurunegala YCC
Sebastinites C Kandy Customs CC
Date Host Opponent Venue
16-Sep Army SC Nugegoda S & WC Panagoda
Wednesday Navy SC Police SC Welisara
BRC Badureliya CC BRC
Chilaw MCC Panadura SC MCG Katunayake
Air Force SC Negombo CC Katunayake
Colts CC Moors SC Colts
Kalutara Town Club Saracens SC Surrey
SSC Kurunegala YCC SSC
Tamil Union C & AC Galle CC P Sara
Bloomfield C & AC CCC Bloomfield
Date Host Opponent Venue
19-Sep Sebastinites C Army SC De Zoysa
Saturday Nugegoda S & WC Navy SC Surrey
Police SC BRC Police Park
Negombo CC Chilaw MCC MCG Katunayake
Panadura SC Ragama CC Panadura
SLPA SC Colts CC Colts
NCC Kalutara Town Club NCC
Moors SC Saracens SC Moors
Kandy Customs CC SSC SSC
Tamil Union C & AC Kurunegala YCC P Sara
Bloomfield C & AC Galle CC Bloomfield
Date Host Opponent Venue
20-Sep Army SC Police SC Panagoda
Sunday Navy SC Badureliya CC Welisara
BRC Sebastinites C BRC
Chilaw MCC Lankan CC MCG Katunayake
Air Force SC Ragama CC Katunayake
Panadura SC Negombo CC Panadura
Colts CC Kalutara Town Club Colts
NCC Saracens SC NCC
Moors SC SLPA SC Moors
SSC Galle CC SSC
Tamil Union C & AC CCC P Sara
Bloomfield C & AC Kandy Customs CC Bloomfield
Date Host Opponent Venue
23-Sep Navy SC Army SC Welisara
Wednesday Nugegoda S & WC Badureliya CC Surrey
Police SC Sebastinites C Police Park
Tamil Union C & AC SSC P Sara
CCC Kurunegala YCC CCC
Galle CC Kandy Customs CC Galle
Lankan CC Air Force SC Panadura
Date Host Opponent Venue
25-Sep NCC SLPA SC NCC
26-Sep Ragama CC Lankan CC Surrey
27-Sep BRC Navy SC BRC
Sunday Badureliya CC Sebastinites C Surrey
Police SC Nugegoda S & WC Police Park
Bloomfield C & AC Tamil Union C & AC Bloomfield
Galle CC Kurunegala YCC Galle
28-Sep Kandy Customs CC CCC CCC
Date Host Opponent Venue
1-Oct Badureliya CC Army SC Surrey
Thursday (Poya) Sebastinites C Navy SC De Zoysa
Nugegoda S & WC BRC BRC
Ragama CC Chilaw MCC MCG Katunayake
Panadura SC Air Force SC Panadura
Negombo CC Lankan CC Bloomfield
Saracens SC Colts CC Colts
Moors SC NCC Moors
SLPA SC Kalutara Town Club Dombagoda
CCC SSC CCC
Kandy Customs CC Tamil Union C & AC P Sara
Kurunegala YCC Bloomfield C & AC Welagedara
Date Host Opponent Venue
3-Oct Saracens SC SLPA SC Bloomfield
4-Oct Army SC BRC Panagoda
Sunday Badureliya CC Police SC Surrey
Sebastinites C Nugegoda S & WC De Zoysa
Chilaw MCC Air Force SC MCG Katunayake
Ragama CC Negombo CC Bloomfield
Lankan CC Panadura SC Panadura
Colts CC NCC Colts
Kalutara Town Club Moors SC Mattegoda
SSC Bloomfield C & AC SSC
CCC Galle CC CCC
Kurunegala YCC Kandy Customs CC Welagedara
Date SF Match Venue
7-Oct Winner G 1 – Winner G 4 – CCC
Wednesday Winner G 2 – Winner G 3 – NCC
Date Final Venue
11-Oct Winner SF1 – Winner SF2 – SSC
Sunday

 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<