Arjun මුම්බායි කණ්ඩායමට එකතු නොවෙන්න අලුත් හේතුව බල්ලෙක්!

IPL 2023

7826

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක Sachin Tendulkarගේ පුත්‍රයා වන Arjun Tendulkarව බල්ලෙකුගේ සපා කෑමට ලක් වී ඇති බව Lucknow Super Giants විසින් Twitter වෙත මුදා හළ වීඩියෝවක සටහන් වී තිබෙනවා.

මෙවර IPL තරගාවලියේ දී Mumbai Indians සමඟින් IPL වරම් දිනා ගත් Arjun විසින් තවමත් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කර ගෙන ඇත්තේ තරග 4කට පමණයි. පසුගිය අප්‍රේල් 25 වැනිදා Gujarat Titans කණ්ඩායමට එරෙහිව අවසන් වරට IPL තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලද Arjun විසින් මෙතෙක් IPL කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වී තිබෙනවා.

නමුත් Akash Madhwal සහ Kumar Kartikeya විසින් තමන්ට හිමි වූ අවස්ථාවල දී Arjunට සාපේක්ෂව ඉහළ දක්ෂතා පෙන්වීමට සමත් වීමත් සමඟ ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි වුනා. මෙහි දී Punjab Kings සමඟ Arjun ක්‍රීඩා කළ තරගයේ දී ඔහු විසින් ප්‍රදර්ශනය කළ දුර්වල පන්දු යැවීම ඔහුව කණ්ඩායමෙන් ඉවතට විසි වීමට ප්‍රධානත ම හේතුවක් බව අනුමාන කළ හැකි.

කෙසේ වෙතත් නැවතත් සිය කණ්ඩායම සමඟ එක් වීමේ බලාපොරොත්තුවෙන් සිටි Arjunව ඊයේ (16) පැවැත්වුණු Mumbai Indians සහ Lucknow Super Giants කණ්ඩායම් අතර තරගයට පෙර බල්ලෙකු විසින් සපා කා ඇති බවයි දැන් දැන ගන්නට ලැබෙන්නේ.

Lucknow Super Giants විසින් Twitter වෙත මුදා හළ වීඩියෝවක් මඟින් මේ බව හෙළිදරව් වී තිබෙනවා.

නමුත් මෙම සපා කෑම එතරම් ම බරපතළ මට්ටමේ එකක් නොවන බව අනුමාන කළ හැකි. කෙසේ වෙතත් එසේ සපා කා ඇත්තේ Mumbai Indians ක්‍රීඩකයෙකු මෙන් ම ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයකුගේ (Sachin Tendulkarගේ) පුත්‍රයෙකු නිසා මෙයට ප්‍රවෘත්තිමය වටිනාකමක් පවා හිමි වී ඇති අතර, සමාජ මාධ්‍ය ඔස්සේ Arjunට සිදු වූ මෙම අකරතැබ්බය තරමක උපහාසයට ද (Memes හරහා) ලක් වෙමින් තිබෙනවා.

මේ එවැනි Memes කිහිපයක්;

” Arjun Tendulkarව බල්ලෙක් සපා කයි, පින්තූරය මේකට අදාළ එකක් නෙවෙයි.”

” Arjun Tendulkar – මට කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාවක් නැහැ. මොකක්ද මම මිනිසුන්ට ඒකට කියන හේතුව?”

“Arjun Tendulkarව සපා කන්න මිනිත්තු 5කට පෙර..”

“Sachin Arjunව හපපු බල්ලා ව මුණගැහුනා ම”

දිනෙන් දින උණුසුම් වන IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<