ජේසන් රෝයි නැවතත් සංචිතයට

223
Jason Roy

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කළ ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුතු එංගලන්ත සංචිතයට ජේසන් රෝයි ඇතුළත් කර තිබෙනවා. ආබාධයක් නිසා ඔහුට පාකිස්තානය හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම් සමඟ පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලි ද මඟ හැරුණු අතර ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ද ඉවත් වුනා.

නිමා වූ විස්සයි විස්ස තරගාවලි දෙකේම සුපිරි දස්කම් දැක්වූ වමත් පිතිකරු ඩේවිඩ් මලාන් ද මේ සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙස නම් කර තිබෙනවා. ඔහු ICC විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට ද පැමිණීමට සමත් වූ නමුත් ඔහු අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2019 වසරේ මැයි මාසයේ දී අයර්ලන්ත කණ්ඩායමට එරෙහිවයි.

ජෝ ඩෙන්ලි හට සංචිතයේ ස්ථානය අහිමිව ඇති අතර ඔහු T20 Blast තරගාවලියට සහභාගී වීමට නියමිතයි. ආදේශක ක්‍රීඩකයින් ලෙස ෆිල් සෝල්ට් හා සකිබ් මොහොමඩ් නම් කර තිබෙනවා,

ඕස්ට්‍රේලියාව සමඟ තුන්වැනි විස්සයි විස්ස තරගය ඔහුට අහිමි කළ ඇඟිල්ලේ ආබාධය එතරම් දරුණු ආබාධයක් නොවන නිසා සැප්තැම්බර් 11 වැනිදා ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් හි පැවැත්වෙන පළමු තරගයට ඔයින් මෝර්ගන් සහභාගී වනු ඇතැයි ද වාර්තා වෙනවා. දෙවැනි විස්සයි විස්ස තරගයෙන් පසුව සෞඛ්‍යාරක්ෂිත වටපිටාව හැර ගිය ජොස් බට්ලර්ට නැවත කණ්ඩායම හා එකතු වීමට COVID-19 පරීක්ෂණයකට මුහුණ දීමට ද සිදු වෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

“ජොස් බට්ලර් COVID පරීක්ෂණයේ ප්‍රතිඵලත් සමඟ මැන්චෙස්ටර් වලට පැමිණෙයි” පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවසා සිටියා. “ඔහුට තරගය ක්‍රීඩා කරන්න පුළුවන්, ඔයින් මෝර්ගන්ගේ ඇඟිල්ල ගැන සුබ පුවතක් තමයි තියෙන්නේ. ඔහුත් තරගයට සූදානම් වෙයි” මාලන් අතිරේක ක්‍රීඩකයෙක් ලෙස පැමිණ තිබෙනවා. ජේසන් රෝයිගේ ආබාධය සුව වෙලා තිබෙන නිසා ඔහුත් අතිරේක ක්‍රීඩකයෙක් ලෙස සෝල්ට්ත් කණ්ඩායම කැඳවා තිබෙනවා.

එංගලන්ත සංචිතය – ඔයින් මෝර්ගන්, මෝයීන් අලී, ජෝෆ්රා ආචර්, ජොනි බෙයාර්ස්ටෝව්, ටොම් බ්‍රැන්ටන්, සෑම් බිලින්ග්ස්, ජෝස් බට්ලර්, සෑම් කරන්, ටොම් කරන්, අදිල් රෂිඩ්, ජෝ රූට්, ජේසන් රෝයි, ක්‍රිස් වෝක්ස්, මාර්ක් වුඩ්

අතිරේක ක්‍රීඩකයින් – ඩේවිඩ් මලාන්, ෆිල් සෝල්ට්, සකිබ් මොහොමඩ්

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<