Sebastianites ක්‍රීඩකයන් අවසන් මහා තරගයට

ශ්‍රී ලංකා අන්තර් සමාජ නැගී එන තුන්දින තරගාවලිය 2022

317

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ නැගී එන තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ දී පළමු ඉනිමේ ලත් ජයග්‍රහණයේ ප්‍රසාද ලකුණු දිනා ගත් Sebastianites ක්‍රීඩකයන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් වුනා.

ඒ අද (10) කොළඹ P. Sara Oval පිටියේ දී Colts කණ්ඩායම සමඟ පැවති තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ ක්‍රීඩා නොකරමින් අතහැර දමන විට පැවති තත්ත්වය හමුවේයි. මෙම තරගයට මුල සිටම වර්ෂාවෙන් දැඩි ලෙස බාධා එල්ල වූ අතර පළමු දිනයේ ක්‍රීඩා කළේ පන්දුවාර 8.1ක් පමණයි. දෙවැනි දවසේ තරගය නිරුපද්‍රිතව පැවති අතර කණ්ඩායම් දෙකේ කඩුලු 25ක් එදින බිඳ වැටුණා.

කාසියේ වාසිය දිනා ගත් Colts නායකයාගේ ආරාධනාවෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Sebastianites ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී ලකුණු 142ක් රැස් කර ගත් අතර ඊට පිළිතුරු ලෙසින් තම පළමු ඉනිමට Colts කණ්ඩායමට වාර්තා කරගත හැකි වූයේ ලකුණු 113ක් පමණයි. පෙර දින තරගය නතර කරන විට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කළ Sebastianites ක්‍රීඩකයන් කඩුලු 6ක් දැවී ලකුණු 53ක් රැස් කරගෙන සිටියා.

Sebastianites – පළමු ඉනිම සියලු දෙනා දැවී 142 (43.1): සඳුන් ප්‍රනාන්දු 46, ලහිරු ප්‍රනාන්දු 28, කවිශ්ක අංජුල 3/20, රොහාන් සංජය 3/09, ඩිල්ෂාන් මධුශංක 2/51, ජෙහාන් ඩැනියෙල් 2/36.

Colts – පළමු ඉනිම සියලු දෙනා දැවී 113 (34.3): මුදිත ලක්ෂාන් 35, ජෙහාන් ඩැනියෙල් 31, තරිඳු රත්නායක 4/34, Tehan Schaffter 3/25, තරූෂ ප්‍රනාන්දු 3/44. 

Sebastianites – දෙවැනි ඉනිම (තරගය දෙවැනි දිනයට නතර කරන විට) කඩුලු 6ක් දැවී 53 (10.2): ලහිරු ප්‍රනාන්දු 19, තරූෂ ප්‍රනාන්දු 24, ජෙහාන් ඩැනියෙල් 5/27.

තරගාවලියේ Negombo සහ Tamil Union කණ්ඩායම් අතර පැවති පළමු අවසන් පූර්ව තරගය ද ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර එහි දී පළමු ඉනිමේ ජයග්‍රහණය හිමි කර ගත් Tamil Union ක්‍රීඩකයන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව Tamil Union සහ Sebastianites අතර පැවැත්වෙන අවසන් මහා තරගය මේ මස 22, 23 සහ 24 තෙදින කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<