සුරංග ලක්මාල්ට ආබාධයක්

666

2022 එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ Derbyshire කණ්ඩායම නියෝජනය කරනු ලබන සුරංග ලක්මාල් හට මෙවර තරග වාරයේ ඉදිරි තරග සියල්ලම අහිමිව යන බව වාර්තා වෙනවා.

ඒ ඔහුගේ වැලමිටේ සිදුව තිබෙන ආබාධයක් නිසා ශල්‍යකර්මයක් සිදු කිරීමට තිබෙන නිසයි.

දකුණතින් වේගපන්දු යවන ලක්මාල් Derbyshire නියෝජනය කරමින් මේ දක්වා තරග 5ක් තුල කඩුලු 15ක් දවා ගැනීමට සමත්ව තිබෙන අතර ඔහු Glamorgan කණ්ඩායමට එරෙහිව ඉනිම් දෙකක් තුල කඩුලු 5 අවස්ථාවක් ද සමඟ කඩුලු 7ක් දවා ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

කෙසේ නමුත් Nottinghamshire සමඟ පැවති තරගය අතරතුර ලක්මාල් හට ඇති වූ මේ ආබාධය නිසා ඔහුට තරගාවලියෙන්ම ඉවත් වීමට සිදුව තිබෙනවා.

වසර දෙකක කාලයක් සඳහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් Derbyshire සමඟ ගිවිසුම් ගත වුනු ලක්මාල්ගේ මේ ආබාධයෙන් හිස්වන වේගපන්දු යවන්නා සඳහා ඔවුන් තවමත් ක්‍රීඩකයෙක් ආදේශ කොට නැහැ. ඔවුන්ගේ ක්‍රිකට් ප්‍රධානියා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන Mickey Arthur ලක්මාල්ගේ ආබාධය ගැන පවසන්නේ මෙවැන්නක්.

“ඕනෑම ක්‍රීඩකයෙක්ගේ ආබාධයක් ඒ කණ්ඩායමට එතරම්ම හොඳ දෙයක් නෙමෙයි. ඒ වගේම ලක්මාල් වැනි ක්‍රීඩකයෙක් අපේ කණ්ඩායමට එක් කරපු ධනාත්මක මානසිකත්වය අපිට ඉදිරි තරගවල දී නැති වීම යම් ගැටලුවක්”..

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<