කෙන්යානු ශූරයා තුන්වැනි දිනුමට සැරසේ

81

සුප්‍රසිද්ධ වාර්ෂික මැරතන් ධාවන තරගයක් වන “ටෝකියෝ මැරතන් ධාවන තරගය” මෙම සති අන්තයේ දී ජපානයේ ටොකියෝ නුවර දී පැවැත්වීමට නියමිතයි.

ලෝක ශූරිය ක්‍රීඩා පිටියෙන් සමුගනී

ඔලිම්පික් පදක්කම් ලාභී වර්තමාන 100m ඉසව්වේ ලෝක…..

මේ දිනවල ක්‍රීඩා තරගාවලි බොහොමයකට හිසරදයක් වෙමින් පවතින කොරෝනා වයිරසය හේතුවෙන් මෙවර තරගාවලිය පැවැත්වීමේ අවිනිශ්චිතතාවක් පැවතුනත්, අවසානයේ සහභාගි වන තරගකරුවන් සංඛ්‍යාව සීමා කරමින් තරගාවලිය පැවැත්වීමට සංවිධායකයින් තීරණය කරන ලදි.

2019 වසරේ ටෝකියෝ මැරතන් තරගය අතරතුර

දෙවරක් මෙම තරගාවලියේ ශූරයා වූ කෙන්යානු ක්‍රීඩක කිප්ටලෝ චුම්බා මෙම තරගාවලියට සහභාගි වීම සඳහා ටෝකියෝ නුවරට ළඟා වෙමින් පැවසුවේ තමන් තුන්වැනි වතාවට මෙය ජයග්‍රහණය කිරීමට සූදානමින් පසුවන බවයි.

“මම සෑමවිටම පුහුණු වන්නේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන්. මම 2014 සිට සෑම ටෝකියෝ මැරතන් තරගයකටම සහභාගි වුනා, ඒ සෑම අවස්ථාවකම මා මුල් ස්ථාන 3 තුල තරගය අවසන් කළා. මට හිතෙනවා මේ නැවතත් මගේ වාරය කියලා” යැයි ඔහු පවසා සිටියා.

2014 සහ 2018 වසරවල දී තරගාවලියේ ජයග්‍රාහකයා වූ චුම්බා, ඔහු සහභාගි වූ අදියර සියල්ලේම ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර සියලු අදියරයන් හී මුල් ස්ථාන 3 අතර තරගය අවසන් කිරීමට ඔහු සමත් විය.

නමුත් ඔහු, පසුගිය වසරේ පැවති ඉතියෝපියානු තරගාවලිය නිමා කිරීමට සිදු වූයේ තෙවැන්නා ලෙසයි. ඊට පසුව සහභාගි වූ චිකාගෝ මැරතන් තරගයේ දී ඔහු සත්වැන්නා ලෙස තරගාවලිය නිමා කිරීම කැපී පෙනුණු නමුත් ඔහු ප්‍රකාශ කර සිටියේ ඔහු ටෝකියෝ අභියෝගයට සූදානම් බවයි.

“මාගේ පුහුණුවීම් ඉතා අමාරු නමුත් එහි ප්‍රගතිශීලි බවක් පෙන්නුම් කරනවා. මම දැන් සූදානම් ටෝකියෝ අභියෝගයට මුහුණ දීමට” යැයි ඔහු පසුව සඳහන් කර සිටියා. 

මාර්තු 01 (ඉරිදා) වැනිදා පැවැත්වෙන මෙවර තරගාවලියේ චුම්බා කෙසේ දස්කම් දක්වයි දැයි සියල්ලන් අවධානයෙන් පසු වන අතර ඉතියෝපියානු තරගාවලියේ ශූරයා වූ බේඩන් කරෝකි සහ ගිය වර ශූරයා වූ බ්‍රීහානු ලිගීසි ඔහුට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇතයි බලාපොරොත්තු විය හැක. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<