මොවින් පන්දු 56ක දී ශතකයක් ලබා ගනී

SLC Major Club 3 Day Tournament

62
SLC Major Club 3 Day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ පැවැත්වෙන SSC සහ BRC අතර තරගයේ දී BRC කණ්ඩායමේ මොවින් සුබසිංහ පන්දු 56ක් පමණක් උපයෝගී කර ගනිමින් වේගවත් ශතකයක් ලබා ගැනීමට සමත් වූනා.

24 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් පන්දුවට පහර දෙන මොවින් මේ සහභාගී වන්නේ තම පළමු පෙළ තරග දිවියේ 26 වැනි තරගයටයි. ඔහු තම ශතකයට හයේ පහර 11ක් සහ හතරේ පහර 4ක් ඇතුලත් කළ අතර එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 2 වැනි ශතකය ද වූවා.

මෙම ශතකයත් සමඟින් මොවින් තම පළමු පෙළ තරග දිවියේ ලකුණු 1000 සපුරා ගැනීමට ද සමත් වූවා.

මේ අතර ඔහුත් සමඟින් අනෙක් අන්තයේ සිටි 36 හැවිරිදි වියේ පසුවෙන රොෂේන් සිල්වා පන්දු 185කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 105ක් ලබා ගත්තා. එය ඔහුගේ තම පළමු පෙළ තරග 155ක 28 වැනි ශතකයයි.

මේ අතර අද පැවැති තරගවල දී CCC කණ්ඩායමේ මිනෝද් භානුක සහ චමිඳු විජේසිංහ, Negombo කණ්ඩායමේ ප්‍රමෝද් මදුවන්ත, Bloomfield කණ්ඩායමේ ලහිරු මදුශංක, Colts කණ්ඩායමේ ශෙරාන් ෆොන්සේක සහ BRC කණ්ඩායමේ දිනිරු අබේවික්‍රමසිංහ අර්ධ ශතක ලබා ගැනීමට සමත් වූවා.

පන්දු යැවීමේ දී දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වූයේ Tamil Union කණ්ඩායමේ තරිඳු රත්නායක යි. ඔහු Kandy Custom කණ්ඩායමට එරෙහි ව ලකුණු 34කට කඩුලු 8ක් දවා ගත්තා.

ඊට අමතර ව Colts කණ්ඩායමේ අකිල දනංජය සහ Baduraliya කණ්ඩායමේ චානක කොමසාරු කඩුලු 6ක් බැගින් දවා ගත් අතර Moors කණ්ඩායමේ ශිරාන් ප්‍රනාන්දු සහ Nugegoda කණ්ඩායමේ තිලකරත්න සම්පත් ද කඩුලු 5ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

Group A

Police SC සහ Ragama CC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.

  • Police– පළමු ඉනිම සියලුම දෙනා දැවී 141 (61.2) අවිශ්ක තරිඳු 27, අශේන් බණ්ඩාර 41, නලින් ප්‍රියදර්ශන 22, ජනිත් ලියනගේ 3/30, හරීන් රත්නමුදලි 2/35, දමිත සිල්වා 2/15

Ragama – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 75 (29.0) ජනිත් ලියනගේ 25, දිලුම් සුදීර 2/27

 

Bloomfield C & AC සහ Negombo CC අතර තරගය Bloomfield ක්‍රීඩාංගණයේ දී.

  • Bloomfield– පළමු ඉනිම සියලුම දෙනා දැවී 172 (57.1)යොහාන් ද සිල්වා 17, රවිඳු ප්‍රනාන්දු 22, ලහිරු මදුශංක නොදැවී 55, තරිඳු ගුරුගේ 27, මාධව වර්ණපුර 2/14, ඩිල්ශාන් මුණවීර 4/37, දනුශ්ක සඳරුවන් 2/42, උපුල් ඉන්ද්‍රසිරි 2/45
  • Negombo– පළමු ඉනිම සියලුම දෙනා දැවී 152 (53.0)පසිඳු ලක්ෂාන් 26, ප්‍රමෝද් මදුවන්ත 53, උපුල් ඉන්ද්‍රසිරි 23, රවිඳු ප්‍රනාන්දු 3/41, ඉසිත විජේසුන්දර 3/33
  • Bloomfield– දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 23 (8.0)

 

Baduraliya SC සහ Colts අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී.

  • Baduraliya– පළමු ඉනිම සියලුම දෙනා දැවී 143 (45.5) දුනිත් සිගේරා 22, රනේෂ් සිල්වා නොදැවී 43, අලංකාර අසංක 27, උදිත් මදුශාන් 2/30, අකිල ධනංජය 6/42
  • Coltsපළමු ඉනිම කඩුලු 9ක් දැවී 141 (41.0) රවිඳු රසාන්ත 21, ශෙරාන් ෆොන්සේකා නොදැවී 63, කවිශ්ක අංජුල 31, චානක කොමසාරු 6/46

 

Group B

SSC සහ BRC අතර තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.

  • SSC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 116 (33.3)සසිඳු මල්ශාන් 32, මාලින්ද පුෂ්පකුමාර 7/35, මොවින් සුබසිංහ 2/35
  • BRC– පළමු ඉනිම කඩුලු 6ක් දැවී 340 (74.3) ඩිල්ශාන් ද සොයිසා 26, රොෂේන් සිල්වා නොදැවී 105, දිනිරු අබේවික්‍රමසිංහ 51, මොවින් සුබසිංහ නොදැවී 100, නිසල තාරක 2/43, නිම්නක ජයතිලක 3/108
  • SSC– දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 108 (25.0)ක්‍රිශාන් සංජුල 32, ලක්ෂිත මනසිංහ 22, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 32, මාලින්ද පුෂ්පකුමාර 2/38

 

Moors SC සහ CCC අතර තරගය කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.

  • CCC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 301 ()ලසිත් කෲස්පුල්ලේ 32, මිනෝද් භානුක 83, චමිඳු විජේසිංහ 50, සඳුන් මෙන්ඩිස් නොදැවී 19, ශිරාන් ප්‍රනාන්දු 5/64, රමේෂ් මෙන්ඩිස් 3/102

Moors – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 77 (20.0) සොහාන් ද ලිවේරා 29, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 16, චමිඳු විජේසිංහ 2/11

NCC සහ Nugegoda S & WC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.

  • Nugegoda –පළමු ඉනිම කඩුලු 7ක් දැවී 85 (23.0)ඇන්ජලෝ පෙරේරා 22, චාමිකර එදිරිසිංහ නොදැවී 22, චාමික කරුණාරත්න 2/23, සම්පත් නිශ්ශංක 4/20
  • NCC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 198 (52.4)කමිල් මිෂාර 32, චාමික කරුණාරත්න 43, කවින් බණ්ඩාර 22, චාමික ගුණසේකර 31, ලසිත් ඇඹුල්දෙණිය 35, ඩිල්ශාන් අබේසිංහ 3/39, තිලකරත්න සම්පත් 5/88
  • Nugegoda– දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 84 (21.0)අවිශ්ක පෙරේරා 31, රොශාන් විජේනායක නොදැවී 32

මෙම තරග සියල්ල හෙට (26) 3 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

අද පැවැති තරගය

Tamil Union C & AC සහ Kandy Custom CC අතර තරගය කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී.

Kandy Custom – පළමු ඉනිම සියලුම දෙනා දැවී 99 (27.5) ඉමේෂ් උදයංග 21, තරිඳු රත්නායක 8/34

Tamil Union – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 152 (47.0) නවොද් පරණවිතාන 36, තුලින ඩිල්ශාන් 23, තරුෂ ප්‍රනාන්දු නොදැවී 27, බුද්ධික සංජීව 3/45, සචිත්‍ර පෙරේරා 3/24, අවිඳු තීක්ෂණ 2/22

මෙම තරගය හෙට (26) 2 වැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<