දිලුම් 100යි – චතුරංගට 7යි

SLC Major Club 3 Day Tournament 2023

452
Major Club 3 Day Tournament 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තුන් දින ක්‍රිකට් තරගාවලියේ අද (19) නිමා වූ තරගවල දී දිලුම් සුදීර සහ චතුරංග ද සිල්වා තම පළමු පෙළ තරග දිවියේ සුවිශේෂී කඩඉම් පසු කිරීමට සමත් වුවා.

Tamil Union කණ්ඩායම නියෝජනය කරන 23 හැවිරිදි වමතින් දඟ පන්දු යවන දිලුම් සුදීර Sebastianites කණ්ඩායමට එරෙහිව අද ලකුණු 84කට කඩුලු 5ක් දවා ගත්තා. ඒ සමඟ ම ඔහු පළමු පෙළ තරග 29ක දී කඩුලු 100ක් ලබා ගැනීමට සමත් වුවා.  

මේ අතර අද තම 99 වැනි පළමු පෙළ තරගය නිමා කළ CCC කණ්ඩායමේ වමත් දඟ පන්දු යවන චතුරංග ද සිල්වා Negombo කණ්ඩායමට එරෙහිව ලකුණු 62කට කඩුලු 7ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කළා. 

ඊට අමතර ව දිනයේ කැපී පෙණෙන පිතිකරුවන් අතුරින් Galle කණ්ඩායමේ ඉරෝෂ් සමරසූරිය පන්දු 244කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 101ක් ලබා ගත් අතර පෙර දිනයේ දී නොදැවී ලකුණු 46ක් ලබා සිටි යුද හමුදා කණ්ඩායමේ ෂෙහඳ ප්‍රනාන්දු අද තම ඉනිම නිමා කරන විට පන්දු 214කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 121ක් ලබා ගත්තා.  

ඊට අමතර ව එම කණ්ඩායමේ ම දිනේෂ් චන්දිමාල් ද පන්දු 125කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 103ක් ලබා ගත්තා.  

මේ අතර Kandy Customs කණ්ඩායමේ මලිඳු මධුරංග සහ ඉමාල් ලියනගේ, Negombo කණ්ඩායමේ මිලින්ද සිරිවර්ධන, Panadura කණ්ඩායමේ රමිඳු විජේසූරිය සහ NCC කණ්ඩායමේ ලහිරු උදාර අද දවසේ දී අර්ධ ශතක ලබා ගැනීමට සමත් වූවා.  

Group A 

  • Negombo CC සහ CCC
    • ක්‍රීඩාංගණය – FTZ, කටුනායක 
    • කාසියේ වාසිය – Negombo CC 

Negombo CC – පළමු ඉනිම පන්දුවාර 83.2ක දී සියලුම දෙනා දැවී 274 (අශේන් සිල්වා 20, මිලින්ද සිරිවර්ධන 127, මාධව වර්ණපුර 57, උපුල් ඉන්ද්‍රසිරි 24,  අසිත ප්‍රනාන්දු 2/86, චතුරංග ද සිල්වා 2/33, අශාන් ප්‍රියංජන් 3/68) 

CCC – පළමු ඉනිම පන්දුවාර 62.3ක දී සියලුම දෙනා දැවී 207 (නිමේෂ ගුණසිංහ 31, පවන් රත්නායක නොදැවී 77, සොනාල් දිනූෂ 30, දනුශ්ක සඳරුවන් 2/32, නිශාන් පීරිස් 2/107, උපුල් ඉන්ද්‍රසිරි 5/49)  

Negombo CC – දෙවැනි ඉනිම පන්දුවාර 76.4ක දී සියලුම දෙනා දැවී 217 (අශේන් සිල්වා 29, Jatin Saxena 39, මිලින්ද සිරිවර්ධන 51, උපුල් ඉන්ද්‍රසිරි 23, චතුරංග ද සිල්වා 7/62, ලක්ෂාන් සඳකැන් 2/46) 

CCC –දෙවැනි ඉනිම පන්දුවාර 4.0ක දී කඩුල්ලක් දැවී 13 

තරගයේ විසඳුමක් නෑ. 

  • BRC සහ Kandy Customs CC
    • ක්‍රීඩාංගණය – BRC 
    • කාසියේ වාසිය – BRC 

BRC – පළමු ඉනිම පන්දුවාර 63.2ක දී සියලුම දෙනා දැවී 242 (Abhishek Raman 21, රිසිර වීරසූරිය 49, දුශාන් හේමන්ත 27, දුලාශ් උදයංග 71, ජනිත් සිල්වා 28, ඉමේෂ් උදයංග 4/78, ගයාන් සිරිසෝම 5/53) 

Kandy Customs CC – පළමු ඉනිම පන්දුවාර 29.1ක දී සියලුම දෙනා දැවී 157 (සහන් කෝසල 37, රශ්මික මධුශංක 22, ඉමේෂ් උදයංග 24, ඩිල්රුවන් පෙරේරා 2/37, දුවිඳු තිලකරත්න 2/43, දුශාන් හේමන්ත 6/57) 

BRC – දෙවැනි ඉනිම පන්දුවාර 65.0ක දී සියලුම දෙනා දැවී 284 (Abhishek Ramanජ40, රිසිරි වීරසූරිය 39, දුශාන් හේමන්ත 29, ලක්ෂාන් ගමගේ 35, ඩිල්රුවන් පෙරේරා 85, ජනිත් සිල්වා 22, බුද්ධික සංජීව 2/45, ඉමේෂ් උදයංග 2/57, මිතුන් ජයවික්‍රම 4/66, යොහාන් මද්දෙගේ 2/59) 

Kandy Customs CC – දෙවැනි ඉනිම පන්දුවාර 59.2ක දී සියලුම දෙනා දැවී 224 (මලිඳු මධුරංග 53, ඉමාල් ලියනගේ 89, සමීන් කඳනාරච්චි 22, සහන් කෝසල 20, මොහොමඩ් ශිරාස් 4/31, ඩිල්රුවන් පෙරේරා 2/56, දුශාන් හේමන්ත 3/62) 

BRC කණ්ඩායමට ලකුණු 145ක ජයක්. 

  • Galle CC සහ Ragama CC
    • ක්‍රීඩාංගණය – ගාල්ල  
    • කාසියේ වාසිය – Galle CC 

Ragama CC – පළමු ඉනිම පන්දුවාර 88.5ක දී සියලුම දෙනා දැවී 403 (සමින්ද ප්‍රනාන්දු 60, ජනිත් ලියනගේ 78, අවිශ්ක තරිඳු 106, සංතුශ් ගුණතිලක 78, ශෂික දුල්ශාන් 61, සහන් අදීශ 2/78, පසිඳු මධුශාන් 2/83, උමේග චතුරංග 2/47) 

Galle CC – පළමු ඉනිම පන්දුවාර 114.5ක දී සියලුම දෙනා දැවී 369 (ඔෂඳ ප්‍රනාන්දු 93, ඉරෝෂ් සමරසූරිය 101, බුද්ධික හසරංග 70, විශ්ව විජේරත්න 22, සංතුශ් ගුණතිලක 4/34, ශෂික දුල්ශාන් 3/117) 

Ragama CC – දෙවැනි ඉනිම පන්දුවාර 17.0ක දී කඩුල්ලක් දැවී 85 (නිශාන් මධුශ්ක නොදැවී 35, ජනිත් ලියනගේ නොදැවී 31 

තරගය විසඳුමක් නෑ.  

  • Nugegoda SWC සහ Panadura SC
    • ක්‍රීඩාංගණය – ද සොයිසා, මොරටුව 
    • කාසියේ වාසිය – Nugegoda SWC 

Panadura SC – පළමු ඉනිම පන්දුවාර 58.4ක දී සියලුම දෙනා දැවී 146 (සුඛිත මනෝජ් 20, රොෂාන් විජේනායක 27, Samarth Seth 21, රමින්ද විජේසූරිය 23, ඩිල්ශාන් අබේසිංහ 4/17, චලන ද සිල්වා 4/39 

Nugegoda SWC – පළමු ඉනිම පන්දුවාර 111.4ක දී කඩුලු 9ක් දැවී 325 (තිලකරත්න සම්පත් 42, රුමේෂ් බුද්ධික 126, රාහුල් ගුණසේකර 20, රනිත ලියනාරච්චි 85, නිමේෂ් විමුක්ති 6/109, ජනිඳු ඉනුවර 2/61) 

Panadura SC – දෙවැනි ඉනිම පන්දුවාර 60.1ක දී සියලුම දෙනා දැවී 175 (රමිඳු විජේසූරිය 83, ඉන්දික ද සේරම් 26, නිමේෂ් විමුක්ති 20, චලන ද සිල්වා 4/73, සුවත් මෙන්ඩිස් 3/40) 

Nugegoda කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 4ක ජයක්.  

  • SSC සහ Sri Lanka Army SC
    • ක්‍රීඩාංගණය – SSC 
    • කාසියේ වාසිය – Sri Lanka Army SC 

Sri Lanka Army SC – පළමු ඉනිම පන්දුවාර 56.3ක දී සියලුම දෙනා දැවී 243 (ලක්ෂාන් එදිරිසිංහ 67, අසේල ගුණරත්න 105, පැතුම් කුමාර 30, නිසල තාරක 2/55, ප්‍රභාත් ජයසූරිය 2/89, ලක්ෂිත මනසිංහ 3/28, දසුන් ශානක 3/48) 

SSC – පළමු ඉනිම පන්දුවාර 77.0ක දී සියලුම දෙනා දැවී 394 (අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 83, ෂෙවෝන් ඩැනියෙල් 32, කුසල් මෙන්ඩිස් 136, මනෝජ් සරත්චන්ද්‍ර 32, චමිඳු වික්‍රමසිංහ 37, ලක්ෂිත මනසිංහ 40, අසංක මනෝජ් 2/114, කෞමාල් නානායක්කාර 2/113, සුමින්ද ලක්ෂාන් 3/74, ෂෙහඳ සොයිසා 2/48)  

Sri Lanka Army SC – දෙවැනි ඉනිම පන්දුවාර 81.0ක දී කඩුලු 4ක් දැවී 107 (අශාන් රන්දික 42, ෂෙහඳ ප්‍රනාන්දු 121, දිනේෂ් චන්දිමාල් 103, අසේල ගුණරත්න නොදැවී 29, සුමින්ද ලක්ෂාන් නොදැවී 22, කවිඳු නදීශාන් 2/30) 

තරගයේ විසඳුමක් නෑ.  

Group B 

  • Sebastianites C & AC සහ Tamil Union C & AC
    • ක්‍රීඩාංගණය – යුද හමුදා ක්‍රීඩාංගණය, දොඹගොඩ 
    • කාසියේ වාසිය – Tamil Union C & AC 

Tamil Union C & AC – පළමු ඉනිම පන්දුවාර 76.5ක දී කඩුලු 9ක් දැවී 301 (සදීර සමරවික්‍රම 112, ධනංජය ද සිල්වා 45, ලසිත් අබේරත්න 21, රවිඳු ප්‍රනාන්දු 96, දුශාන් විමුක්ති 2/71, තරිඳු රත්නායක 2/88, චාමිකර එදිරිසිංහ 5/93) 

Sebastianites C & AC – පළමු ඉනිම පන්දුවාර 83.2ක දී සියලුම දෙනා දැවී 225 ( ප්‍රමෝද් මධුවන්ත 62, නවිඳු විතානගේ 56, තරිඳු රත්නායක 25, දිලුම් සුදීර 5/84, ධනංජය ද සිල්වා 3/35, රවිඳු ප්‍රනාන්දු 2/33) 

තරගය විසඳුමක් නෑ. 

  • Ace Capital CC සහ Police SC
    • ක්‍රීඩාංගණය – රංගිරි දඹුල්ල 
    • කාසියේ වාසිය – Ace Capital  

Ace Capital CC – පළමු ඉනිම පන්දුවාර 40.5ක දී සියලුම දෙනා දැවී 118 (රවිඳු රත්නායක 28, දනාල් හේමන්ත 3/33, මාලින්ද පුෂ්පකුමාර 4/24 

Police SC – පළමු ඉනිම පන්දුවාර 52.0ක දී සියලුම දෙනා දැවී 204 (ධනුජ ඉඳුවර 47, චතුරංග කුමාර 34, අශේන් බණ්ඩාර 29, Gitansh Khera 51, රොෂාන් ජයතිස්ස 7/79) 

Ace Capital CC – දෙවැනි ඉනිම පන්දුවාර 31.1ක දී කඩුලු 3ක් දැවී 109 (තනුක දාබරේ 31, පවන්ත වීරසිංහ නොදැවී 38, සිතා ගිම්හාන් නොදැවී 27, නලින් ප්‍රියදර්ශන 2/32) 

තරගය විසඳුමක් නැ. 

  • NCC සහ Moors SC
    • ක්‍රීඩාංගණය – NCC 
    • කාසියේ වාසිය – NCC 

Moors SC – පළමු ඉනිම පන්දුවාර 112.4ක දී සියලුම දෙනා දැවී 398 (ජනිශ්ක පෙරේරා 71, දිනුක ඩිල්ශාන් 30, සොහාන් ද ලිවේරා 68, පසිඳු සූරියබණ්ඩාර 81, කවිඳු කුලසේකර 74, මොහොමඩ් ශමාස් 36, ලසිත් ඇඹුල්දෙණිය 5/129, අශේන් ඩැනියෙල් 2/95)  

NCC – පළමු ඉනිම පන්දුවාර 35.5ක දී සියලුම දෙනා දැවී 190 (නිරෝෂන් දික්වැල්ල 75, අහන් වික්‍රමසිංහ 20, විනුක රූබසිංහ නොදැවී 21, මිලාන් රත්නායක 3/20, රමේෂ් මෙන්ඩිස් 3/62, ප්‍රවීන් ජයවික්‍රම 4/24) 

NCC – දෙවැනි ඉනිම පන්දුවාර 17.1ක දී කඩුල්ලක් දැවී 112 (ලහිරු උදාර නොදැවී 78, විනුක රූබසිංහ නොදැවී 26) 

තරගය විසඳුමක් නෑ. 

මේ අතර අද කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත ව තිබූ Kurunegala Youth සහ Baduraliya අතර තරගය ක්‍රීඩාංගණයේ පැවැති අයහපත් තත්ත්වය හේතුවෙන් පන්දුයක් හෝ නොයවා පළමු දිනයට අවසන් කරන්නට සිදු වූවා.  

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<