සදීර සහ ජයතිස්ස පළමු පෙළ සුවිශේෂී කඩඉම්වලට

SLC Major Club 3 Day Tournament 2023

788

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තුන් දින ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවැති තරගවල දී Tamil Union කණ්ඩායම නියෝජනය කරන සදීර සමරවික්‍රම සහ Ace Capital කණ්ඩායම නියෝජනය කරන රොෂාන් ජයතිස්ස තම පළමු පෙළ තරගවල සුවිශේෂී කඩඉම්වලට පිවිසිමට සමත් වුනා.

සදීර සමරවික්‍රම Sebastianites කණ්ඩායමට එරෙහිව පන්දු 167කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 112ක් වාර්තා කළ අතර ඒ සමඟම ඔහු තරග 83ක් වන පළමු පෙළ තරගවල ලකුණු 5000 කඩඉම පසු කිරීමට ද සමත් වූවා.

දකුණතින් පිට දඟ පන්දු යවන රොෂාන් ජයතිස්ස අද Police කණ්ඩායමට එරෙහිව ලකුණු 79කට කඩුලු 7ක් දවා ගනිමින් දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඒ සමඟ ම ඔහු තම පළමු පෙළ තරග 73ක දී කඩුලු 300 කඩඉම පසු කිරීමට ද සමත් වුනා.

මේ අතර SSC කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්, යුද හමුදා කණ්ඩායමට එරෙහිව පන්දු 136කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 136ක් ලබා ගනිද්දී Nugegoda නායක රුමේෂ් බුද්ධික Panadura කණ්ඩායමට එරෙහිව පන්දු 287කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී 120ක් ලබා ගත්තා.

දවසේ අර්ධ ශතකලාභීන් අතරට CCC කණ්ඩායමේ පවන් රත්නායක, Kandy Customs කණ්ඩායමේ මලිඳු මධුරංග, BRC කණ්ඩායමේ ඩිල්රුවන් පෙරේරා, Nugegoda කණ්ඩායමේ රනිත ලියනාරච්චි, Tamil Union කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු, Bloomfield කණ්ඩායමේ අදීශ තිලංචන, NCC කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල එක් වුනා.

මේ අතර පන්දු යවන්නන් අතුරින් Panadura කණ්ඩායමේ නිමේෂ් විමුක්ති ලකුණු 103කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දක්වද්දී Negombo කණ්ඩායමේ උපුල් ඉන්ද්‍රසිරි, Bloomfield කණ්ඩායමේ අසිත වන්නිනායක සහ NCC කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5 බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

දෙවැනි දිනය අවසන් වෙද්දී Bloomfield ක්‍රීඩකයෝ Air Force කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූවා.

Group A

  • Negombo CC සහ CCC

o ක්‍රීඩාංගණය – FTZ, කටුනායක

o කාසියේ වාසිය – Negombo CC

Negombo CC – පළමු ඉනිම පන්දුවාර 83.2ක දී සියලුම දෙනා දැවී 274 (අශේන් සිල්වා 20, මිලින්ද සිරිවර්ධන 127, මාධව වර්ණපුර 57, උපුල් ඉන්ද්‍රසිරි 24,  අසිත ප්‍රනාන්දු 2/86, චතුරංග ද සිල්වා 2/33, අශාන් ප්‍රියංජන් 3/68)

CCC – පළමු ඉනිම පන්දුවාර 62.3ක දී සියලුම දෙනා දැවී 207 (නිමේෂ ගුණසිංහ 31, පවන් රත්නායක නොදැවී 77, සොනාල් දිනූෂ 30, දනුශ්ක සඳරුවන් 2/32, නිශාන් පීරිස් 2/107, උපුල් ඉන්ද්‍රසිරි 5/49)

Negombo CC – දෙවැනි ඉනිම පන්දුවාර 25.0ක දී කඩුලු 2ක් දැවී 63 (අශේන් සිල්වා 29)

  • BRC සහ Kandy Customs CC

o ක්‍රීඩාංගණය – BRC

o කාසියේ වාසිය – BRC

BRC – පළමු ඉනිම පන්දුවාර 63.2ක දී සියලුම දෙනා දැවී 242 (Abhishek Raman 21, රිසිර වීරසූරිය 49, දුශාන් හේමන්ත 27, දුලාශ් උදයංග 71, ජනිත් සිල්වා 28, ඉමේෂ් උදයංග 4/78, ගයාන් සිරිසෝම 5/53)

Kandy Customs CC – පළමු ඉනිම පන්දුවාර 29.1ක දී සියලුම දෙනා දැවී 157 (සහන් කෝසල 37, රශ්මික මධුශංක 22, ඉමේෂ් උදයංග 24, ඩිල්රුවන් පෙරේරා 2/37, දුවිඳු තිලකරත්න 2/43, දුශාන් හේමන්ත 6/57)

BRC – දෙවැනි ඉනිම පන්දුවාර 65.0ක දී සියලුම දෙනා දැවී 284 (Abhishek Ramanජ40, රිසිරි වීරසූරිය 39, දුශාන් හේමන්ත 29, ලක්ෂාන් ගමගේ 35, ඩිල්රුවන් පෙරේරා 85, ජනිත් සිල්වා 22, බුද්ධික සංජීව 2/45, ඉමේෂ් උදයංග 2/57, මිතුන් ජයවික්‍රම 4/66, යොහාන් මද්දෙගේ 2/59)

Kandy Customs CC – දෙවැනි ඉනිම පන්දුවාර 15.0ක දී කිසිවෙක් නොදැවී 76 (මලිඳු මධුරංග නොදැවී 50, ඉමාල් ලියනගේ නොදැවී 20)

  • Galle CC සහ Ragama CC

o ක්‍රීඩාංගණය – ගාල්ල

o කාසියේ වාසිය – Galle CC

Ragama CC – පළමු ඉනිම පන්දුවාර 88.5ක දී සියලුම දෙනා දැවී 403 (සමින්ද ප්‍රනාන්දු 60, ජනිත් ලියනගේ 78, අවිශ්ක තරිඳු 106, සංතුශ් ගුණතිලක 78, ශෂික දුල්ශාන් 61, සහන් අදීශ 2/78, පසිඳු මධුශාන් 2/83, උමේග චතුරංග 2/47)

Galle CC – පළමු ඉනිම පන්දුවාර 66.0ක දී කඩුල්ලක් දැවී 251 (ඔෂඳ ප්‍රනාන්දු 93, ඉරෝෂ් සමරසූරිය නොදැවී 83, බුද්ධික හසරංග නොදැවී 54)

  • Nugegoda SWC සහ Panadura SC

o ක්‍රීඩාංගණය – ද සොයිසා, මොරටුව

o කාසියේ වාසිය – Nugegoda SWC

Panadura SC – පළමු ඉනිම පන්දුවාර 58.4ක දී සියලුම දෙනා දැවී 146 (සුඛිත මනෝජ් 20, රොෂාන් විජේනායක 27, Samarth Seth 21, රමින්ද විජේසූරිය 23, ඩිල්ශාන් අබේසිංහ 4/17, චලන ද සිල්වා 4/39

Nugegoda SWC – පළමු ඉනිම පන්දුවාර 108.0ක දී කඩුලු 7ක් දැවී 306 (තිලකරත්න සම්පත් 42, රුමේෂ් බුද්ධික නොදැවී 120, රාහුල් ගුණසේකර 20, රනිත ලියනාරච්චි නොදැවී 81, නිමේෂ් විමුක්ති 6/103)

  • SSC සහ Sri Lanka Army SC

o ක්‍රීඩාංගණය – SSC

o කාසියේ වාසිය – Sri Lanka Army SC

Sri Lanka Army SC – පළමු ඉනිම පන්දුවාර 56.3ක දී සියලුම දෙනා දැවී 243 (ලක්ෂාන් එදිරිසිංහ 67, අසේල ගුණරත්න 105, පැතුම් කුමාර 30, නිසල තාරක 2/55, ප්‍රභාත් ජයසූරිය 2/89, ලක්ෂිත මනසිංහ 3/28, දසුන් ශානක 3/48)

SSC – පළමු ඉනිම පන්දුවාර 77.0ක දී සියලුම දෙනා දැවී 394 (අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 83, ෂෙවෝන් ඩැනියෙල් 32, කුසල් මෙන්ඩිස් 136, මනෝජ් සරත්චන්ද්‍ර 32, චමිඳු වික්‍රමසිංහ 37, ලක්ෂිත මනසිංහ 40, අසංක මනෝජ් 2/114, කෞමාල් නානායක්කාර 2/113, සුමින්ද ලක්ෂාන් 3/74, ෂෙහඳ සොයිසා 2/48)

Sri Lanka Army SC – දෙවැනි ඉනිම පන්දුවාර 23.0ක දී කඩුල්ලක් දැවී 107 (අශාන් රන්දික 42, ෂෙහඳ ප්‍රනාන්දු නොදැවී 46)

Group B

  • Sebastianites C & AC සහ Tamil Union C & AC

o ක්‍රීඩාංගණය – යුද හමුදා ක්‍රීඩාංගණය, දොඹගොඩ

o කාසියේ වාසිය – Tamil Union C & AC

Tamil Union C & AC – පළමු ඉනිම පන්දුවාර 76.5ක දී කඩුලු 9ක් දැවී 301 (සදීර සමරවික්‍රම 112, ධනංජය ද සිල්වා 45, ලසිත් අබේරත්න 21, රවිඳු ප්‍රනාන්දු 96, දුශාන් විමුක්ති 2/71, තරිඳු රත්නායක 2/88, චාමිකර එදිරිසිංහ 5/93)

Sebastianites C & AC – පළමු ඉනිම පන්දුවාර 41.0ක දී කඩුලු 5ක් දැවී 87 (දිලුම් සුදීර 2/33, ධනංජය ද සිල්වා 2/20)

  • Ace Capital CC සහ Police SC

o ක්‍රීඩාංගණය – රංගිරි දඹුල්ල

o කාසියේ වාසිය – Ace Capital

Ace Capital CC – පළමු ඉනිම පන්දුවාර 40.5ක දී සියලුම දෙනා දැවී 118 (රවිඳු රත්නායක 28, දනාල් හේමන්ත 3/33, මාලින්ද පුෂ්පකුමාර 4/24

Police SC – පළමු ඉනිම පන්දුවාර 52.0ක දී සියලුම දෙනා දැවී 204 (ධනුජ ඉඳුවර 47, චතුරංග කුමාර 34, අශේන් බණ්ඩාර 29, Gitansh Khera 51, රොෂාන් ජයතිස්ස 7/79)

Ace Capital CC – දෙවැනි ඉනිම පන්දුවාර 31.1ක දී කඩුලු 3ක් දැවී 109 (තනුක දාබරේ 31, පවන්ත වීරසිංහ නොදැවී 38, සිතා ගිම්හාන් නොදැවී 27, නලින් ප්‍රියදර්ශන 2/32)

  • NCC සහ Moors SC

o ක්‍රීඩාංගණය – NCC

o කාසියේ වාසිය – NCC

Moors SC – පළමු ඉනිම පන්දුවාර 112.4ක දී සියලුම දෙනා දැවී 400 (ජනිශ්ක පෙරේරා 71, දිනුක ඩිල්ශාන් 30, සොහාන් ද ලිවේරා 68, පසිඳු සූරියබණ්ඩාර 83, කවිඳු කුලසේකර 74, මොහොමඩ් ශමාස් 36, ලසිත් ඇඹුල්දෙණිය 5/129, අශේන් ඩැනියෙල් 2/95)

NCC – පළමු ඉනිම පන්දුවාර 35.5ක දී සියලුම දෙනා දැවී 190 (නිරෝෂන් දික්වැල්ල 75, අහන් වික්‍රමසිංහ 20, විනුක රූබසිංහ නොදැවී 21, මිලාන් රත්නායක 3/20, රමේෂ් මෙන්ඩිස් 3/62, ප්‍රවීන් ජයවික්‍රම 4/24)

NCC – දෙවැනි ඉනිම පන්දුවාර 5.0ක දී කඩුල්ලක් දැවී 16

මෙම තරග හෙට (19) තෙවැනි සහ අවසන් දිනට ක්‍රියාත්මක වීමට නියමිතයි.

  • Air Force SC සහ Bloomfield C & AC

o ක්‍රීඩාංගණය – ගුවන් හමුදා ක්‍රීඩාංගණය, කටුනායක

o කාසියේ වාසිය – Tamil Union C & AC

Air Force SC – පළමු ඉනිම පන්දුවාර 45.1ක දී සියලුම දෙනා දැවී 140 (ගීත් කුමාර් 53, සහන් නානායක්කාර 3/22, ජෙෆ්රි වැන්ඩර්සේ 3/45, Hasnain Bokhari 2/04

Bloomfield C & AC – පළමු ඉනිම පන්දුවාර 38.0ක දී පන්දුවාර 76.2ක දී 195 (හසිත බෝයගොඩ 35, නිපුන් කරුණානායක 41, අදීශ තිලාංචන 55, අසිත වන්නිනායක 23, ලසඳ රුක්මාල් 2/61, මොවින් සුබසිංහ 4/44, චතුර රන්දුණු 4/46)

Air Force SC – දෙවැනි ඉනිම පන්දුවාර 29.4ක දී සියලුම දෙනා දැවී 94 (අභිශේක් ආනන්දකුමාර 20, අසිත වන්නිනායක 5/36, Hasnain Bokhari 4/31)

Bloomfield C & AC – දෙවැනි ඉනිම පන්දුවාර 9.3ක දී කඩුලු 2ක් දැවී 44 (යොහාන් ද සිල්වා නොදැවී 29)

Bloomfield කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<