චරණ නානායක්කාර කඩුලු 5ක් උදුරා ගනී

712
Singer U19 Schools Cricket February 20th roundup

වර්ෂාව නම් බාධකයත් සමඟින් ක්‍රියාත්මක වූ අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (20) පළමු දිනයට ආරම්භ විය. එහි දී තර්ස්ටන් නායක, දකුණත් මඳ වේගපන්දු යවන ක්‍රීඩක චරණ නානායක්කාර දිනය තුල කැපීපෙනෙන දස්කම් දක්වමින් ලකුණු 31කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

සාන්ත ඇලෝසියස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

අනාගත ක්‍රිකට් ලොවට දක්ෂයින් සොයා යන සිංගර් කුසලාන 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් සාර්ථක දිනයක් අද (19) අවසන් වූයේ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය…

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය

පළමු දිනය අවසන් වන විය ධර්මරාජ පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 106ක් ලෙස සටහන්ව තිබුණි.

වර්ෂාවෙන් ආරම්භය පමා වුනු මෙම තරගයේ කාසියේ වාසිය තමන් සතු කර ගත් සත්කාරක රාජකීය විද්‍යාලයේ ඇරයුමින් පිටියට පැමිණි ධර්මරාජ විද්‍යාලයේ පළමු ඉනිම යම් තාක් මට්ටමකට ඔසවා තැබූ දුලාජ් විජේකෝන් ලකුණු 35ක් රැස් කර ගැනීමට සමත් විය. දක්ෂ ලෙස පන්දු යවමින් හේලිත විතානගේ ලකුණු 18කට කඩුලු 4ක් හා චාමික එදිරිසිංහ ලකුණු 17කට කඩුලු 2ක් රාජකීය විද්‍යාලය වෙනුවෙන් දවා ගන්නා ලදි.

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 9ක් දැවී ලකුණු 106 (44): දුලාජ් විජේකෝන් 35, හේලිත විතානගේ 4/18, චාමික එදිරිසිංහ 2/17


කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

කාසියේ වාසිය ජය ගත් සත්කාරක තර්ස්ටන් විද්‍යාලය වර්ෂාවෙන් එල්ල විය හැකි බාධාවන් ද සලකමින් පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

පිටියේ අවට තෙත් ස්වභාවය නිසා පැය කිහිපයක පමණ ප්‍රමාදයකින් අනතුරුව ආරම්භ වූ මෙම තරගයේ දී රිච්මන්ඩ් පළමු ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වන්නට ලකුණු 28ක් ලබා ගත් ධනංජය ලක්ෂාන් සමත් විය. තර්ස්ටන් විද්‍යාලයේ නායක චරණ නානායක්කාර රිච්මන්ඩ් පිතිකරුවන් එක පෙලට ක්‍රීඩාගාරයට හරවා යවමින් ලකුණු 31කට කඩුලු 5ක් දවා ගන්නා ලදි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින තර්ස්ටන් විද්‍යාලය දැනටමත් තම පළමු ඉනිමේ ජයග්‍රහණය සනිටුහන් කරගෙන අවසන් අතර, යෙශාන් වික්‍රමාරච්චි ලකුණු 35ක් වාර්තා කරන ලදි. ඔහුට අගනා සහයක් ලබා දුන් ඉමේෂ් විරංග ලකුණු 33ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී අවිදු තීක්ෂණ හා තිලංග උදේශණ කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 85 (28.3): ධනංජය ලක්ෂාන් 28, චරණ නානායක්කාර 5/31, තුශාල් මදුසංක 2/08, නිපුන ලක්ෂාන් 2/24

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 93/4 (25): යෙශාන් වික්‍රමාරච්චි 35, ඉමේෂ් විරංග 33, අවිදු තීක්ෂණ 2/20, තිලංග උදේශන 2/30

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුව