එළඹෙන 18 වන දින ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී ආරම්භ වීමට නියමිත 2018 ආසියානු තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ස්කොෂ් තරග ඉසව් සඳහා සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය මඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර ඇත.
ආසියාව ජයග්‍රහණය කරන්නට සැරසෙන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් තරු
එළඹෙන 18 වැනිදා ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර දී ආරම්භ වන ආසියානු ක්‍රීඩා…
ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ තේරීම් කමිටුව විසින් තෝරා ගනු ලැබූ මෙම සංචිතය දිවයින තුළ ස්කොෂ් තරග බිමේ මේ වන විට ඉදිරියෙන්ම සිටින තරුණ ක්‍රීඩකයින් දෙදෙනෙකුගෙන් සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙකුගෙන් සමන්විත වේ.
පිරිමි කණ්ඩායම
- රවිඳු ලක්සිරි

එමෙන්ම 2016 වසරේ ඉන්දියාවේ දී පැවති දකුණු ආසියානු තරගාවලියේ දී ඔහු ලෝකඩ පදක්කමක් දිනාගන්නට සමත් වූ අතර තවදුරටත් මෙම වසරේ මුල භාගයේ ඕස්ට්‍රේලියාවේ දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ දී ඔහු 17 වන ස්ථානය දිනා ගනිමින් තරගාවලිය අවසන් කරන්නට සමත් විය.
- ශමිල් වකීල්

මෙම වසරේ මුල භාගයේ දී කොරියාවේ දී පැවති 2018 ආසියානු කණ්ඩායම් ශූරතාවයේ දී 13 වන ස්ථානය දිනා ගනිමින් තරගාවලිය අවසන් කළ වකීල් ප්‍රතිවාදී තරගකරුවන් හට දැඩි අභියෝගයක් වනු නොඅනුමානය.
කාන්තා කණ්ඩායම
- ෆැතුම් ඉසදීන්

ඒ අනුව ඇය මේ වන විට ලෝක කාන්තා ස්කොෂ් ශ්‍රේණිගත කිරීම්වල 208 වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව ආසියාවේ ස්කොෂ් ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානය දක්වා රැගෙන ඒමට කටයුතු කළ ක්‍රීඩකයින් යුගළයෙන් එක් ක්‍රීඩිකාවක් ලෙස ද ඇය කටයුතු කරනු ලැබීය. එමෙන්ම ලෝක ශ්‍රේණිගත කිරීම් අතර සිටින ක්‍රීඩිකාවක් වන පාකිස්තානයේ රිෆත් කාන්ට එරෙහිව ඇය මෑතක දී ලබාගත් ජයග්‍රහණය එළඹෙන තරගාවලියේ දී ඉහළ දක්‍ෂතා දැක්වීමට ඇයට විශාල ශක්තියක් වනු නොඅනුමානය.
- මිහිලියා මෙත්සරණි

මෙම වසරේ මුල භාගයේ දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී පලඟ ශූරතාවය දිනා ගනිමින් ඉහළ දක්‍ෂතා දැක්වූ ඇයට එහි දී ලබාගත් අත්දැකීම් මෙම තරගාවලියේ දී බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. එමෙන්ම 2016 දකුණු ආසියානු තරගාවලියේ දී ඒකළ සහ යුගල ඉසව් නියෝජනය කරමින් ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගන්නට ද ඇය සමත් විය.
*තෝරා ගෙන ඇති මෙම ස්කොෂ් සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අවසන් අනුමැතිය තවමත් ලැබීමට නියමිත ය.
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<






















