ප්‍රවීන් සහ නිමේෂ් දක්ෂතා දක්වයි

SLC Major Club 3 Day Tournament 2023

268

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තුන් දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (14) දවසේත් ක්‍රීඩාංගණ කිහිපයක පැවැති අතර එහි දී ප්‍රවීන් ජයවික්‍රම සහ නිමේෂ් විමුක්ති කැපී පෙණෙන දක්ෂතා දැක් වූවා.

දවසේ සාර්ථක ම පන්දු යවන්නා බවට පත් වුණේ Panadura කණ්ඩායමේ නිමේෂ් විමුක්ති. වමතින් පා දඟ පන්දු යවන නිමේෂ්, ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට එරෙහි ව ලකුණු 33කට කඩුලු 6ක් දවා ගත්තා.

ඒ අතර Moors කණ්ඩායමේ වමතින් පා දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම ද Baduraliya කණ්ඩායමට එරෙහිව ලකුණු 92කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

දිනයේ කැපී පෙණෙන පිතිකරු බවට පත් වූයේ Panadura කණ්ඩායමේ රමිඳු විජේසූරිය. ඔහු පන්දු 124කට මුහුණ දී හතරේ පහර 11ක් සමඟින් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 91ක් ලබා ගත්තා.

ඊට අමතර ව Moors කණ්ඩායමේ ආරම්භක දකුණත් පිතිකරු ජනිශ්ක පෙරේරා පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 85ක් ලබා ගත් අතර ඊට අමතර ව එම කණ්ඩායමේ ම මැද පෙළ දකුණත් පිතිකරු පසිඳු සූරියබණ්ඩාර පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා ගත්තා.

මේ අතර Kurunegala Youth කණ්ඩායමේ අසන්ත බස්නායක ද පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 55ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

  • Moors SC vs Moors සහ Baduraliya SC

o ක්‍රීඩාංගණය – Moors

o කාසියේ වාසිය – Baduraliya

Baduraliya SC – පළමු ඉනිම පන්දුවාර 77.2ක දී සියලුම දෙනා දැවී 266 (විශාර ප්‍රනාන්දු 62, රනේෂ් සිල්වා 82, Parvez Rasool 36, මිලාන් රත්නායක 3/65, ප්‍රවීන් ජයවික්‍රම 6/92)

Moors SC – පළමු ඉනිම පන්දුවාර 46.0ක දී කඩුලු 6ක් දැවී 242 (ජනිශ්ක පෙරේරා 85, සොහාන් ද ලිවේරා 42, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 51, රමේෂ් මෙන්ඩිස් 29, Parvez Rasool 2/94, අනුක් ප්‍රනාන්දු 2/33

තරගයේ විසඳුමක් නෑ.

Bloomfield සහ Kurunegala Youth CC

o ක්‍රීඩාංගණය – Bloomfield

o කාසියේ වාසිය – Bloomfield

Kurunegala Youth CC – පළමු ඉනිම පන්දුවාර 54.3ක දි කඩුලු 7ක් දැවී 201 (ඩිල්හාර පොල්ගම්පොළ 21,  සමීර සඳමාල් 27, සනෝජ් දර්ශික 42, අසන්ත බස්නායක නොදැවී 55, අසිත වන්නිනායක 2/26, ජෙෆ්රි වැන්ඩර්සේ  3/45, Hasnain Bokhari 2/66)

තරගයේ විසඳුමක් නෑ.

අද 2 වැනි දිනයට පැවැති තරග

  • Sri Lanka Army SC සහ Panadura SC

o ක්‍රීඩාංගණය – Sri Lanka Army, දොඹගොඩ

o කාසියේ වාසිය – Panadura

Panadura SC – පළමු ඉනිම පන්දුවාර 76.2ක දී සියලුම දෙනා දැවී 213 (රොෂාන් විජේනායක නොදැවී 34, Samarth Seth 36, රමිඳු විජේසූරිය 91, සීක්කුගේ ප්‍රසන්න 3/72, ෂෙහඳ සොයිසා 3/35, සුමින්ද ලක්ෂාන් 3/42)

Sri Lanka Army SC – පළමු ඉනිම පන්දුවාර 30.4ක දී සියලුම දෙනා දැවී 72 (ෂෙහාන් ප්‍රනාන්දු 25, නිමේෂ් විමුක්ති 6/33, ට්‍රෙවීන් මැතිව් 3/12)

 Panadura SC – දෙවැනි ඉනිම පන්දුවාර 0.2ක දී කිසිවෙක් නොදැවී 01

මෙම තරගය හෙට (15) තෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වේ.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<