දිලුම් සහ රවිඳු දවසේ වීරයන් වේ

SLC Major Club 3 Day Tournament

48
SLC Major Club 3 Day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ අද (11) පැවැති තරගවල දී දවසේ කැපී පෙණෙන ක්‍රීඩකයන් බවට පත් වීමට දිලුම් සුදීර සහ රවිඳු රසාන්ත සමත් වෙනවා.

Police කණ්ඩායම නියෝජනය කරන 24 වැනි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන දිලුම් සුදීර Baduraliya කණ්ඩායමට එරෙහි ව ලකුණු 48කට කඩුලු 8ක් දවා ගනිමින් දවසේ පන්දු යවන්නන් අතුරින් කැපී පෙණෙන පන්දු යවන්නා බවට පත් වෙනවා. එය ඔහුගේ පළමු පෙළ තරග 37ක හොඳම පන්දු යැවීම බවට මේ වෙද්දී පත් ව තිබෙනවා.

පන්දු යවන්නෙක් ලෙසින් ඔහු එලෙසින් දක්ෂතා දක්වද්දී Colts කණ්ඩායම නියෝජනය කරමින් ACE Capital කණ්ඩායමට එරෙහි ව පෙර දින නොදැවී ලකුණු 173ක් ලබා සිටි රවිඳු රසාන්ත අද තම පළමු පෙළ තරග දිවියේ මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත් වෙනවා.

එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම වූ අතර එය නිමා කරන විට පන්දු 343කට මුහුණ දෙමින් හතරේ පහර 26ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 244ක් ලබා සිටියා.

මේ අතර CCC කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ Nugegoda කණ්ඩායමට එරෙහි ව පන්දු 141කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 150ක් රැස් කිරීමට ද සමත් වෙනවා. එය ඔහුගේ පළමු පෙළ තරග 55ක 7 වැනි ශතකය ද වූවා.

අද දවසේ ක්‍රියාත්මක වූ තරගවල දී ACE Capital කණ්ඩායමේ තනුක දාබරේ තම ශතකය ලකුණකින් අහිමි කර ගත් අතර Police කණ්ඩායමේ රශ්මික හිරුශාන්, Chilaw කණ්ඩායමේ ෂෙහාන් ජයසූරිය සහ තික්ෂිල ද සිල්වා, Colts කණ්ඩායමේ ධනංජය ලක්ෂාන්, SSC කණ්ඩායමේ සදීශ රාජපක්ෂ, දිමුත් කරුණාරත්න, ක්‍රිශාන් සංජුල සහ  සසිඳු මල්ශාන්, CCC කණ්ඩායමේ සොනාල් දිනූෂ, Kurunegala කණ්ඩායමේ ගයන වීරසිංහ, Tamil Union කණ්ඩායමේ මොහොමඩ් ශමාස් සහ Panadura කණ්ඩායමේ ශාලිත් ප්‍රනාන්දු අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී Baduraliya කණ්ඩායමේ චලන ද සිල්වා Police කණ්ඩායමට එරෙහි ව ලකුණු 61කට කඩුලු 5ක් ද සහ  ACE Capital  කණ්ඩායමේ රොෂාන් ජයතිස්ස Colts කණ්ඩායමට එරෙහි ව ලකුණු 125කට කඩුලු 5ක් ද දවා ගනිමින් දිනයේ කැපී පෙණෙන පන්දු යවන්නන් වූ අතර Panadura කණ්ඩායමේ මොහොමඩ් ඩිල්ශාඩ් ද තම දෙවැනි ඉනිමේ දී කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ දී කඩුලු 10ක් දවා ගැනීමට සමත් වූවා.

තරගවල කෙටි ලකුණු පුවරු

A කාණ්ඩය

Baduraliya CC සහ Police SC අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී.

Baduraliya – පළමු ඉනිම සියලුම දෙනා දැවී 125 (49.0) ගීත් කුමාර 35, නලින් ප්‍රියදර්ශන 3/43, දිලුම් සුදීර 5/47

Police – පළමු ඉනිම සියලුම දෙනා දැවී 216 (58.2) හේෂාන් ධනුශ්ක 38, රශ්මික හිරුශාන් 57, ප්‍රියමාල් පෙරේරා 23, අශේන් බණ්ඩාර 29, හිමේෂ් රාමනායක 29, චානක කොමසාරු 2/72, චලන ද සිල්වා 5/61

Baduraliya – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 96 (31.0) අලංකාර අසංක නොදැවී 15, දිලුම් සුදීර 8/48

Chilaw MCC සහ Negombo CC අතර තරගය සූරියවැව ක්‍රීඩාංගණයේ දී.

Chilaw MCC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 375 (110.0) අශාන් රන්දික 36, ලසිත් ලක්ෂාන් 94, කසුන් විදුර 21, ෂෙහාන් ජයසූරිය 52, පැතුම් කුමාර 34, චමෝද් සඳරු 20, තික්ෂිල ද සිල්වා නොදැවී 69, චනුර ප්‍රනාන්දු 3/69, හංසජ හිරුණ 2/70

Panadura SC සහ Ragama CC අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

Ragama – පළමු ඉනිම සියලුම දෙනා දැවී 161 (44.5) දිනෙත් තිමෝද්‍ය 26, යොහාන් ලියනගේ 28, සංතුශ් ගුණතිලක 26, ගජිත කොටුවේගොඩ 27, මොහොමඩ් ඩිල්ශාඩ් 5/44, ඉම්තියාස් ස්ලාසා 3/51

Panadura – පළමු ඉනිම සියලුම දෙනා දැවී 217 (55.4) රමින්ද විජේසූරිය 43, රුමේෂ් බුද්ධික 25, ශාලිත් ප්‍රනාන්දු 52, ඉම්තියාස් ස්ලාසා නොදැවී 25, සංතුශ් ගුණතිලක 4/58, ශෂික දුල්ශාන් 4/75

Ragama – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 102 (34.1) යොහාන් ලියනගේ 25, රන්මිත් ජයසේන 24, සංජය චතුරංග 29, මොහොමඩ් ඩිල්ශාඩ් 5/54, නිමේෂ් විමුක්ති 4/20

Panadura – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 4 (2.0)

Colts CC සහ ACE Capital CC අතර තරගය හැව්ලොක් පෙදෙස Colts ක්‍රීඩාංගණයේ දී.

Colts – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 592 (120.4) රවිඳු රසාන්ත 244, දිනේෂ් චන්දිමාල් 130, ඇන්ජලෝ මැතිව්ස් 70, ධනංජය ලක්ෂාන් 63, කවිශ්ක අංජුල 33, රොෂාන් ජයතිස්ස 5/125

ACE Capital – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 170 (37.0) තනුක දාබරේ 99, ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 3/28

B කාණ්ඩය

Kandy Custom CC සහ SSC අතර තරගය බෞද්ධාලෝක මාවත තර්ස්ටන් පිටියේ දී.

Kandy Custom – පළමු ඉනිම සියලුම දෙනා දැවී 424 (79.2) ෂෙහාන් ප්‍රනාන්දු 68, සහන් කෝසල 128, රොස්කෝ තට්ටිල් 58, සචිත්‍ර පෙරේරා 44, බුද්ධික සංජීව නොදැවී 37, දිනුර කළුපහන 2/95, ප්‍රභාත් ජයසූරිය 4/160, කවිඳු නදීශාන් 3/71

SSC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 352 (91.0) සදීශ රාජපක්ෂ 51, දිමුත් කරුණාරත්න 73, ක්‍රිශාන් සංජුල 59, ශෙවෝන් ඩැලියෙල් 20, මනෝජ් සරත්චන්ද්‍ර 21, සසිඳු මල්ශාන් නොදැවී 64, දිනුර කළුපහන නොදැවී 38, සහන් අදීශ 2/70, සචිත්‍ර පෙරේරා 2/70

CCC සහ Nugegoda S & WC අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

Nugegoda – පළමු ඉනිම සියලුම දෙනා දැවී 316 (82.3) ඩිලාන් ජයලත් 30, අවිශ්ක පෙරේරා 106, ඇන්ජලෝ පෙරේරා 26, කෙවින් පෙරේරා 49, රාහුල් ගුණසේකර නොදැවී 24, චමත් ගෝමස් 22, ඉසුරු උදාන 2/26, සොනාල් දිනූෂ 2/55, චමිඳු විජේසිංහ 2/72, ධනංජය ද සිල්වා 4/72

CCC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 361 (75.0) ලසිත් කෲස්පුල්ලේ 150, මිනෝද් භානුක 28, ධනංජය ද සිල්වා 29, සොනාල් දිනූෂ නොදැවී 88, අංජල බණ්ඩාර නොදැවී 22, චාමිකර එදිරිසිංහ 2/119, තිලකරත්න සම්පත් 3/86

Kurunegala YCC සහ BRC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.

BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 230 (82.0) රිසිර වීරසූරිය 99, දිනිරු අබේවික්‍රමසිංහ 35, මොවින් සුබසිංහ 27, ලහිරු ජයරත්න 2/53, දිනුශ්ක මාලන් 2/24, ඩිලංක අවර්ඩ්ට් 3/98

Kurunegala – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 168 (53.0) දිල්හාර පොල්ගම්පොළ 23, ගයන වීරසිංහ 60, සමීර සඳමාල් 35, අශන්ත බස්නායක නොදැවී 19, මාලින්ද පුෂ්පකුමාර 3/62, නවීන් ප්‍රනාන්දු 2/26

Tamil Union C & AC සහ NCC අතර තරගය කොළඹ P.Sara Oval ක්‍රීඩාංගණයේ දී.

NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 283 (61.4) නිරෝෂන් දික්වැල්ල 108, ලහිරු උදාර 39, කමිල් මිෂාර 23, කවින් බණ්ඩාර 44, දුශ්මන්ත චමීර නොදැවී 23, විහස් තෙව්මික 2/47, තරිඳු රත්නායක 2/76, විජයකාන්ත් වියස්කාන්ත් 3/45, නවෝද් පරණවිතාන 2/32

Tamil Union – පළමු ඉනිම සියලුම දෙනා දැවී 262 (68.2) නවෝද් පරණවිතාන 50, තුලින ඩිල්ශාන් 40, මොහොමඩ් ශමාස් 51, සිතාර හපුහින්න 21, තරුෂ ප්‍රනාන්දු 21, තරිඳු රත්නායක 38, දුශ්මන්ත චමීර 3/30, අසේල් සිගේරා 2/28

NCC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 181 (45.0) නිරෝෂන් දික්වැල්ල 26, ලහිරු උදාර 29, කමිල් මිෂාර 33, අහන් වික්‍රමසිංහ 49, සහන් ආරච්චිගේ නොදැවී 31, තරිඳු රත්නායක 2/69, නවොද් පරණවිතාන 2/20, විහස් තෙව්මික 2/44

මෙම තරග සියල්ල හෙට (12) 3 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වේ.

SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<