ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ දෙවන නිල නොවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (06) නිමාවට පත්විය.
අද දිනය අවසන් වන විට තම දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකාව කිසිවකු නොදැවී ලකුණු 126ක් ලබා සිටියේ බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තරගයේ ලකුණු 64ක් ඉදිරියෙන් සිටිමිනි.
ප්‍රභාත් – ශිරාස්ගේ පන්දුකරණයට මොමිනුල් අවනත නොවෙයි
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර…..
ඊයේ දිනයට තරගය නතර කරන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ A කණ්ඩායම පන්දුවාර 67ක දී කඩුලු 6ක් දැවී ලකුණු 283ක් ලබා සිටියේය. ඒ වන විට නොදැවී පිටියේ පන්දුවට පහර දෙමින් සිටි නුරුල් හසන් ලකුණු 35ක් සහ මෙහෙදි හසන් ලකුණු 6ක් ලබා සිටියේය.
නමුත් අද දිනය අරඹා වැඩි වේලාවක් යාමට මත්තෙන් ලකුණු 36ක් ලබා සිටි නුරුල් හසන් දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වූයේ බංග්ලාදේශ ලකුණු පුවරුව 285/7 බවට පත්කරමිනි.
එහෙත් පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද තම වගකීම කරට ගත් මෙහෙදි අගපෙළ පිතිකරුවන් සමඟ හුදකලා සටනක නිරත වූයේ බංග්ලාදේශ ලකුණු පුවරුව 330ක් දක්වා රැගෙන යමිනි.
සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ඔහු නොදැවී ලකුණු 38ක් ලබා ගත් අතර ඒ අතරවාරයේ දී අනෙක් අන්තයෙන් බංග්ලාදේශ අවසන් කඩුලු 3ද බිඳ වැටුනි. බංග්ලාදේශ අග පෙළ කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව ඉක්මවීමට නොහැකි වූ අතර ශිරාස් හා ප්‍රභාත්ගේ පන්දු ඉදිරියේ ඔවුන් දැවී ගියේ ය.
අවසානයේ බංග්ලාදේශ සියලුම පිතිකරුවන් ලකුණු 330කට දැවී ගියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 62ක ඉදිරියක් ලබා ගනිමිනි.
පන්දු යැවීමේ දී අතිවිශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මොහමඩ් ශිරාස් ලකුණු 63කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා පන්දුකරණය බලඇණියේ පෙරමුණ ලබා ගනිමිනි. ඔහුට අනගි සහයක් ලබා දුන් ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් හා අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.
කෝඩුකාර සිංහයෝ අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම හඬවති!
ආරක්ෂාව පිළිබඳ ගැටලු මැද, ප්‍රවීණයින් සියලු දෙනාම පාහේ නොමැතිව…..
පළමු ඉනිමේ ලකුණු 62ක් පසුපසින් සිටිමින් තම දෙවන ඉනිම ඇරඹීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් බවට පත්වූයේ පැතුම් නිස්සංක හා සංගීත් කුරේ යුගලයයි.
ඉනිම ආරම්භයේ දී පටන්ම ධනාත්මක ලෙසින් පිතිකරණයට අනුගත වූ ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල සඳහා නොබිඳුනු ලකුණු 126ක සබඳතාවයක් ගොඩනගනු ලැබුවේ නැවත වතාවක් තරගයේ පෙරමුණ ලබා ගනිමිනි.
පන්දු තෝරාබේරා ගනිමින් ඔවුන් දෙදෙනා පිටියේ ස්ථාවරව ගොඩනැගූ මෙම සබඳතාවය හේතුවෙන් අද දිනය නිමා වන විට ලකුණු 64ක ඉදිරියක් ලබා ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකි විය.
සාන්ත තෝමස් විද්‍යාලයට දැවැන්ත ජයක්
සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ආයතනය එක්ව වාර්ෂිකව….
මෙහි දී වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ පැතුම් නිස්සංක නොදැවී ලකුණු 75ක් රැස්කළේ හතරේ පහර 10ක් ද සමඟිනි. ශ්‍රී ලංකා පළමු ඉනිමේ ද නැංගුරම බවට පත් වූ පැතුම් දෙවන ඉනිමේ ද තම රිද්මයට අනුගත වූයේ ශ්‍රී ලංකාවේ පැතුම් ඉහළ නංවමිනි. ඔහුට අනගි සහයක් ලබා දුන් සංගීත් කුරේ හතරේ පහරවල් 7ක් ද සමඟ ලකුණු 50ක් රැස් කළේ ය.
කෙසේ වෙතත් අද සන්ධ්‍යා භාගයේ දී ඇති වූ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය අද දින සඳහා නියමිත වේලාවට පෙරාතුවම නතර කිරීමට සිදු විය. ඒ වන විට ශ්‍රී ලංකාව කිසිවකු නොදැවී ලකුණු 126ක් රැස්කර තිබුණේ තරගයේ සියලුම වාසි තමන් සතුකර ගනිමිනි. තරගයේ සිව්වැනි හා අවසන් දිනය හෙටයි (07).
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | lbw b Mehidy Hasan | 85 | 166 | 11 | 0 | 51.20 |
Sangeeth Cooray | c Najmul Hossain b Mehidy Hasan | 17 | 32 | 2 | 0 | 53.12 |
Kamindu Mendis | c Nurul Hasan b Mehidy Hasan | 62 | 121 | 8 | 1 | 51.24 |
Ashan Priyanjan | c Nurul Hasan b Ebadat Hossain | 28 | 48 | 4 | 0 | 58.33 |
Charith Asalanka | c Mominul Haque b Salauddin Sakil | 44 | 100 | 8 | 0 | 44.00 |
Priyamal Perera | c Mohammad Mithun b Ebadat Hossain | 4 | 15 | 0 | 0 | 26.67 |
Lahiru Udara | c Nurul Hasan b Mehidy Hasan | 20 | 50 | 2 | 0 | 40.00 |
Nishan Peiris | lbw b Mehidy Hasan | 0 | 2 | 0 | 0 | 0.00 |
Prabath Jayasuriya | c Rishad Hossain b Mehidy Hasan | 0 | 5 | 0 | 0 | 0.00 |
Mohamed Shiraz | c Mominul Haque b Mehidy Hasan | 0 | 2 | 0 | 0 | 0.00 |
Asitha Fernando | not out | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 8 (b 0 , lb 6 , nb 1, w 1, pen 0) |
Total | 268/10 (90.2 Overs, RR: 2.97) |
Fall of Wickets | 1-32 (13.4) Sangeeth Cooray, 2-153 (47.4) Kamindu Mendis, 3-188 (57.3) Pathum Nissanka, 4-217 (66.5) Ashan Priyanjan, 5-221 (70.3) Priyamal Perera, 6-264 (87.1) Lahiru Udara, 7-264 (87.3) Nishan Peiris, 8-268 (89.2) Prabath Jayasuriya, 9-268 (89.4) Mohamed Shiraz, 10-268 (90.2) Charith Asalanka, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ebadat Hossain | 23 | 7 | 62 | 2 | 2.70 | |
Salauddin Sakil | 17.2 | 2 | 60 | 1 | 3.49 | |
Mehidy Hasan | 37 | 14 | 84 | 7 | 2.27 | |
Rishad Hossain | 13 | 0 | 56 | 0 | 4.31 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Jahurul Islam | b Mohamed Shiraz | 1 | 4 | 0 | 0 | 25.00 |
Shadman Islam | c Sangeeth Cooray b Prabath Jayasuriya | 77 | 104 | 8 | 1 | 74.04 |
Najmul Hossain | c Lahiru Udara b Mohamed Shiraz | 9 | 17 | 2 | 0 | 52.94 |
Mominul Haque | c Lahiru Udara b Mohamed Shiraz | 117 | 190 | 15 | 1 | 61.58 |
Mohammad Mithun | c Lahiru Udara b Asitha Fernando | 21 | 36 | 2 | 0 | 58.33 |
Anamul Haque | c Lahiru Udara b Prabath Jayasuriya | 8 | 17 | 1 | 0 | 47.06 |
Nurul Hasan | c Lahiru Udara b Asitha Fernando | 36 | 31 | 3 | 2 | 116.13 |
Mehidy Hasan | not out | 38 | 61 | 3 | 1 | 62.30 |
Rishad Hossain | c Lahiru Udara b Mohamed Shiraz | 7 | 34 | 0 | 0 | 20.59 |
Salauddin Sakil | c Sangeeth Cooray b Prabath Jayasuriya | 4 | 5 | 1 | 0 | 80.00 |
Ebadat Hossain | b Mohamed Shiraz | 0 | 3 | 0 | 0 | 0.00 |
Extras | 12 (b 4 , lb 4 , nb 3, w 1, pen 0) |
Total | 330/10 (83.1 Overs, RR: 3.97) |
Fall of Wickets | 1-3 (1.2) Jahurul Islam, 2-22 (5.1) Najmul Hossain, 3-176 (40.1) Shadman Islam, 4-215 (51.5) Mohammad Mithun, 5-230 (56.4) Anamul Haque, 6-270 (63.6) Mominul Haque, 7-285 (67.3) Nurul Hasan, 8-310 (79.4) Rishad Hossain, 9-315 (80.6) Salauddin Sakil, 10-330 (83.1) Ebadat Hossain, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 16 | 4 | 48 | 2 | 3.00 | |
Mohamed Shiraz | 21.1 | 6 | 63 | 5 | 2.99 | |
Nishan Peiris | 7 | 0 | 41 | 0 | 5.86 | |
Ashan Priyanjan | 4 | 0 | 22 | 0 | 5.50 | |
Prabath Jayasuriya | 31 | 3 | 114 | 3 | 3.68 | |
Charith Asalanka | 3 | 0 | 19 | 0 | 6.33 | |
Kamindu Mendis | 1 | 0 | 15 | 0 | 15.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | run out (Mehidy Hasan) | 192 | 307 | 20 | 1 | 62.54 |
Sangeeth Cooray | c Nurul Hasan b Rishad Hossain | 89 | 188 | 12 | 0 | 47.34 |
Kamindu Mendis | not out | 67 | 134 | 6 | 0 | 50.00 |
Ashan Priyanjan | not out | 5 | 14 | 0 | 0 | 35.71 |
Extras | 4 (b 0 , lb 2 , nb 1, w 1, pen 0) |
Total | 357/2 (107 Overs, RR: 3.34) |
Fall of Wickets | 1-219 (62.3) Sangeeth Cooray, 2-351 (103.4) Pathum Nissanka, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ebadat Hossain | 21 | 2 | 60 | 0 | 2.86 | |
Mehidy Hasan | 37 | 5 | 118 | 0 | 3.19 | |
Salauddin Sakil | 22 | 4 | 79 | 0 | 3.59 | |
Rishad Hossain | 23 | 2 | 78 | 1 | 3.39 | |
Mohammad Mithun | 1 | 0 | 8 | 0 | 8.00 | |
Mominul Haque | 3 | 0 | 12 | 0 | 4.00 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<