ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ 2 වැනි සතිය ආරම්භ කරමින් අද (3) පැවැති තරගවල දී කෙවින් පෙරේරා සහ දිලුම් සුදීර තම පළමු පෙළ තරගවල සුවිශේෂී කඩඉම්වලට පිවිසීමට සමත් වූවා.
ඒ අනුව Nugegoda කණ්ඩායමේ 24 හැවිරිදි වමත් පිතිකරු කෙවින් පෙරේරා SSC කණ්ඩායමට එරෙහි ව පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සමඟින් ලකුණු 116ක් ලබා ගනිමින් ඔහුගේ පළමු පෙළ තරග 14ක මංගල ශතකය වාර්තා කළා.
එමෙන් ම පන්දු යැවීමේ දී Police කණ්ඩායමේ 24 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන දිලුම් සුදීර Chilaw කණ්ඩායමට එරෙහි ව ලකුණු 21කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වෙන අතර එය ඔහුගේ පළමු පෙළ තරග 36ක හොඳම පන්දු යැවීම බවට ද එය පත් කර ගත්තා.
මේ අතර Baduraliya කණ්ඩායමේ ගීත් කුමාර, ACE Capital කණ්ඩායමේ රවීන් ද සිල්වා, Colts ඇන්ජලෝ මැතිව්ස් සහ කවිශ්ක අංජුල, Nugegoda කණ්ඩායමේ ඇන්ජලෝ පෙරේරා, Kandy Custom කණ්ඩායමේ මලිඳු මදුරංග සහ සහන් කෝසල, BRC කණ්ඩායමේ දේශාන් ඩයස්, ඩිල්ශාන් ද සොයිසා සහ රොෂේන් සිල්වා, Moors කණ්ඩායමේ සොහාන් ද ලිවේරා, සදීර සමරවික්‍රම සහ පසිඳු සූරියබණ්ඩාර අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වුනා.
පන්දු යැවීමේ දී NCC කණ්ඩායමේ අශේන් ඩැනියෙල් BRC කණ්ඩායමට එරෙහි ව ලකුණු 36කට කඩුලු 5ක් දවා ගනිමින් අනෙකුත් පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුනා.
මේ අතර අද ආරම්භ වූ තරගවල දී Baduraliya කණ්ඩායම වෙනුවෙන් සසංක නිර්මාල් සහ Ragama කණ්ඩායම වෙනුවෙන් ගවිරු සෙන්හස් පළමු පෙළ තරග වරම් දිනා ගැනීමට සමත් වුනා.
A කාණ්ඩය
Chilaw MCC සහ Police SC අතර තරගය තිඹිරිගස්යාය පොලිස් උද්‍යානයේ දී.
Chilaw – පළමු ඉනිම සියලුම දෙනා දැවී 148 (52.1) ලසිත් ලක්ෂාන් 25, කසුන් විදුර 31, ශෙහාන් ජයසූරිය 32, පැතුම් කුමාර 28, චතුරංග කුමාර 2/17, දිලුම් සුදීර 6/21
Police – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 93 (37.0) අවිශ්ක තරිඳු 30, ප්‍රියමාල් පෙරේරා නොදැවී 31, දුවිඳු තිලකරත්න 3/29
Panadura සහ Baduraliya CC අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.
Baduraliya – පළමු ඉනිම සියලුම දෙනා දැවී 186 (63.3) දුනිත් ජයතුංග 28, අනුක් ප්‍රනාන්දු 20, ගීත් කුමාර 52, චානක රුවන්සිරි 23, රනිත ලියනාරච්චි 2/13, විශ්ව ලහිරු 2/28, නිමේෂ් විමුක්ති 4/60
Panadura – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 59 (24.0) ලහිරු දවටගේ නොදැවී 28, ඉරෝෂ් සමරසූරිය නොදැවී 31
ACE Capital CC සහ Ragama CC අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී.
ACE Capital – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 162 (49.0) පවන්ත වීරසිංහ 23, උදයවංශ පරාක්‍රම 24, රවීන් ද සිල්වා 54, සම්මු අශාන් 20
Colts CC සහ Bloomfield C & AC අතර තරගය හැව්ලොක් පෙදෙස Colts ක්‍රීඩාංගණයේ දී.
Colts – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 278 (90.0) සංගීත් කුරේ 33, ඇන්ජලෝ මැතිව්ස් 88, සනෝජ් දර්ශික 22, ධනංජය ලක්ෂාන් 31, කවිශ්ක අංජුල නොදැවී 82, ඉසිත විජේසුන්දර 2/44, මිහිරංග සිල්වා 2/58, සහන් නානායක්කාර 2/47
- කුසල්, පැතුම්, කමිඳු සහ වනිඳු 2024 වර්ණවත් කළ අයුරු
- 2024 වසරේ ශ්‍රී ලංකා ටෙස්ට් වරුණ
- ගෙවුණු වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් මතක
- ශ්‍රී ලංකාව ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයට යන්නේ කොහොමද?
- කමිඳු මෙන්ඩිස් ICC වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ ලබයි
- දිනූෂ්ක මාලන් SSC විනාශ කරයි
B කාණ්ඩය
SSC සහ Nugegoda S & WC අතර තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.
Nugegoda – පළමු ඉනිම සියලුම දෙනා දැවී 311 (67.5) පුලිඳු පෙරේරා 28, රොෂාන් විජේනායක 20, ඇන්ජලෝ පෙරේරා 50, කෙවින් පෙරේරා 116, චාමිකර එදිරිසිංහ නොදැවී 43, දිනුර කළුපහන 3/72, අක්මල් ෆස්ලි 2/65, ප්‍රභාත් ජයසූරිය 3/63
SSC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 81 (16.0) දිමුත් කරුණාරත්න නොදැවී 33, ක්‍රිශාන් සංජුල නොදැවී 36
Kurunegala YCC සහ Kandy Custom SC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.
Kandy Custom – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 260 (90.0) මලිඳු මදුරංග 86, ඉමාල් ලියනගේ 24, ෂෙහාන් ප්‍රනාන්දු 40, සහන් කෝසල නොදැවී 69, මිතුන් ජයවික්‍රම නොදැවී 26, ලහිරු ජයරත්න 2/62, කවික ඩිල්ෂාන් 3/93
NCC සහ BRC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.
BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 226 (80.4) දේශාන් ඩයස් 74, ඩිල්ශාන් ද සොයිසා 65, රොෂේන් සිල්වා 51, චාමික කරුණාරත්න 3/27, අශේන් ඩැනියෙල් 5/36
NCC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 25 (3.0) නිරෝෂන් දික්වැල්ල නොදැවී 16
Tamil Union C & AC සහ Moors SC අතර තරගය බොරැල්ල P.Sara Oval ක්‍රීඩාංගණයේ දී.
Moors SC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 327 (90.0) ජනිශ්ක පෙරේරා 28, සොහාන් ද ලිවේරා 79, සදීර සමරවික්‍රම 59, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 88, සිතාර ගිම්හාන් 33, රමේෂ් මෙන්ඩිස් නොදැවී 21, තරිඳු රත්නායක 2/130
මෙම තරග සියල්ල හෙට (4) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වේ.
SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.