ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ 2 වැනි සතිය නිමා වූ අද (5) දවසේ දී Kurunegala කණ්ඩායමේ දිල්හාර පොල්ගම්පොළ සහ සමීර සඳමාල් Kandy Custom කණ්ඩායමට එරෙහි ව ද්විත්ව ශතක සබදතාවක් ගොඩ නැගීමට සමත් වූවා.
කුරුණෑගල දී පැවැති මෙම තරගයේ දී ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 408කට මුහුණ දෙමින් ලකුණු 202ක සබඳතාවක් එක් කරනවා. එහි දී දිල්හාර පොල්ගම්පොළ පන්දු 297කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 109ක් ලබා ගන්නා ලද අතර එය ඔහුගේ පළමු පෙළ තරග 19ක මංගල ශතකය වීම ද කැපී පෙණෙනවා.
Kurunegala කණ්ඩායමේ නායක සමීර සඳමාල් පන්දු 206කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 116ක් ලබා ගත් අතර එය සමීර ගේ පළමු පෙළ තරග 37ක 3 වැනි ශතකයයි.
මේ අතර ACE Capital කණ්ඩායමේ පවන්ත වීරසිංහ සහ Chilaw කණ්ඩායමේ ශෙහාන් ජයසූරිය ද ශතක ලබා ගැනීමට සමත් වූවා.
ඔවුන් අතුරින් පවන්ත වීරසිංහ පන්දු 161කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 118ක් ලබා ගන්නා ලද අතර එය ඔහුගේ පළමු පෙළ තරග 27ක 2 වැනි ශතකයයි.
ශෙහාන් ජයසූරිය පන්දු 261කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 132ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග 81ක 13 වැනි ශතකයයි.
ඊට අමරත ව Moors ලසිත් අබේරත්න, Kandy Custom ඉමාල් ලියනගේ 85, ශෙහාන් ප්‍රනාන්දු 34 සහ සහන් කෝසල, Nugegoda කණ්ඩායමේ පුලිඳු පෙරේරා සහ ඇන්ජලෝ පෙරේරා, SSC සදීශ රාජපක්ෂ, දසුන් ශානක සහ ශෙවෝන් ඩැනියෙල්, Colts කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස්, Ragama කණ්ඩායමේ යොහාන් ලියනගේ සහ Panadura කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු අර්ධ ශතක ඉනිම් ලබා ගැනීමට සමත් වූවා.
මේ අතර පන්දු යැවීමේ දී Moors කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් සහ Colts කණ්ඩායමේ අකිල ධනංජය කඩුලු 6ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූ අතර SSC කණ්ඩායමේ දසුන් ශානක, ACE Capital කණ්ඩායමේ නිම්සර අතරගල්ල සහ Police කණ්ඩායමේ නලින් ප්‍රියදර්ශන කඩුලු 5ක් බැගින් ද දවා ගත්තා.
පැවැති තරගවල කෙටි ලකුණු පුවරු
Chilaw MCC සහ Police SC අතර තරගය තිඹිරිගස්යාය පොලිස් උද්‍යානයේ දී.
Chilaw – පළමු ඉනිම සියලුම දෙනා දැවී 148 (52.1) ලසිත් ලක්ෂාන් 25, කසුන් විදුර 31, ශෙහාන් ජයසූරිය 32, පැතුම් කුමාර 28, චතුරංග කුමාර 2/17, දිලුම් සුදීර 6/21
Police – පළමු සියලුම දෙනා දැවී 219 (77.3) අවිශ්ක තරිඳු 30, ප්‍රියමාල් පෙරේරා 41, විශාද් රන්දික 70, හිමේෂ් රාමනායක 25, දුවිඳු තිලකරත්න 6/66, හේෂාන් හෙට්ටිආරච්චි 2/19
Chilaw – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 239 (98.3) කසුන් විදුර නොදැවී 32, ශෙහාන් ජයසූරිය 132, තික්ෂිල ද සිල්වා 22, නලින් ප්‍රියදර්ශන 5/109, දිලුම් සුදීර 3/63
Police – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 75 (34.0) ප්‍රියමාල් පෙරේරා 31, දුශාන් විමුක්ති 4/35, දුවිදු තිලකරත්න 4/31
තරගයේ විසඳුමක් නෑ.
Panadura සහ Baduraliya CC අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.
Baduraliya – පළමු ඉනිම සියලුම දෙනා දැවී 186 (63.3) දුනිත් ජයතුංග 28, අනුක් ප්‍රනාන්දු 20, ගීත් කුමාර 52, චානක රුවන්සිරි 23, රනිත ලියනාරච්චි 2/13, විශ්ව ලහිරු 2/28, නිමේෂ් විමුක්ති 4/60
Panadura – පළමු ඉනිම සියලුම දෙනා දැවී 178 (58.0) ලහිරු දවටගේ 32, ඉරෝෂ් සමරසූරිය 58, රනිත ලියනාරච්චි 43, චානක කොමසාරු 6/86, චලන ද සිල්වා 3/45
Baduraliya – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 117 (42.0) ගීත් කුමාර 24, සසංක නිර්මාල් නොදැවී 28, දුශාන් හේමන්ත 6/51, නිමේෂ් විමුක්ති 2/16
Panadura – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 126 (18.4) ඕෂද ප්‍රනාන්දු 99
Panadura කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
ACE Capital CC සහ Ragama CC අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී.
ACE Capital – පළමු ඉනිම සියලුම දෙනා දැවී 219 (67.3) පවන්ත වීරසිංහ 23, උදයවංශ පරාක්‍රම 24, රවීන් ද සිල්වා 77, සම්මු අශාන් 20, හරීන් රත්නමුදලි 3/40, ශෂික දුල්ශාන් 3/55
Ragama – පළමු ඉනිම සියලුම දෙනා දැවී 107 (32.4) දිනෙත් තිමෝද්‍ය 17, දනාල් හේමානන්ද 3/26, වනුජ සහන් 3/32
ACE Capital – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 269 (38.0) පවන්ත වීරසිංහ 118, උදයවංශ පරාක්‍රම 31, රවීන් ද සිල්වා 20, සම්මු අශාන් 48, සකුණ ලියනගේ 37, කල්හාර සේනාරත්න 2/70, සංතුශ් ගුණතිලක 2/35
Ragama – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 265 (62.0) ගවිරු සෙන්හස් 45, දිනෙත් තිමෝද්‍ය 39, යොහාන් ලියනගේ 84, රන්මිත් ජයසේන 35, රොහාන් ජයතිස්ස 2/118, නිම්සර අතරගල්ල 5/57
ACE Capital කණ්ඩායමට ලකුණු 116ක ජයක්.
Colts CC සහ Bloomfield C & AC අතර තරගය හැව්ලොක් පෙදෙස Colts ක්‍රීඩාංගණයේ දී.
Colts – පළමු ඉනිම සියලුම දෙනා දැවී 340 (106.3) සංගීත් කුරේ 33, ඇන්ජලෝ මැතිව්ස් 88, සනෝජ් දර්ශික 22, ධනංජය ලක්ෂාන් 31, කවිශ්ක අංජුල 110, ඩිල්ශාන් මදුශංක නොදැවී 38, ඉසිත විජේසුන්දර 3/54, මිහිරංග සිල්වා 2/73, සහන් නානායක්කාර 3/61
Bloomfield – පළමු ඉනිම සියලුම දෙනා දැවී 230 (83.4) රොන් චන්ද්‍රගුප්ත 58, නිපුන් කරුණානායක නොදැවී 37, මිනෙත් ප්‍රේමරත්න 61, ඩිල්ශාන් මදුශංක 2/47, අකිල ධනංජය 6/77
Colts – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 215 (71.3) සංගීත් කුරේ 42, රවිඳු රසාන්ත 33, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 66, සනෝජ් දර්ශික 21, සුකිත මනෝජ් 26, රවිඳු ප්‍රනාන්දු 3/61, සහන් නානායක්කාර 2/74
තරගයේ විසඳුමක් නෑ.
- සූරි නැවතත් ද්විත්ව ශතක සමාජයට
- කුසල්, පැතුම්, කමිඳු සහ වනිඳු 2024 වර්ණවත් කළ අයුරු
- ගෙවුණු වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් මතක
- 2024 වසරේ ශ්‍රී ලංකා ටෙස්ට් වරුණ
- Major පළමු පෙළ තරගාවලිය 27 වැනිදා සිට
B කාණ්ඩය
SSC සහ Nugegoda S & WC අතර තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.
Nugegoda – පළමු ඉනිම සියලුම දෙනා දැවී 311 (67.5) පුලිඳු පෙරේරා 28, රොෂාන් විජේනායක 20, ඇන්ජලෝ පෙරේරා 50, කෙවින් පෙරේරා 116, චාමිකර එදිරිසිංහ නොදැවී 43, දිනුර කළුපහන 3/72, අක්මල් ෆස්ලි 2/65, ප්‍රභාත් ජයසූරිය 3/63
SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 307 (80.3) දිමුත් කරුණාරත්න 79, ක්‍රිශාන් සංජුල 69, ශෙවෝන් ඩැනියෙල් 55, දිනුර කළුපහන 34, චාමිකර එදිරිසිංහ 2/62, මදුක ලියනපතිරණ 6/89
Nugegoda – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 299 (88.2) පුලිඳු පෙරේරා 65, ඩිලාන් ජයලත් නොදැවී 38, ඇන්ජලෝ පෙරේරා 55, කෙවින් පෙරේරා 22, රාහුල් ගුණසේකර 25, චාමිකර එදිරිසිංහ 27, මදුක ලියනපතිරණගේ නොදැවී 32, දසුන් ශානක 5/48, ප්‍රභාත් ජයසූරිය 2/106
SSC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 184 (31.0) සදීශ රාජපක්ෂ 63, දසුන් ශානක 51, ශෙවෝන් ඩැනියෙල් 50
තරගයේ විසදුමක් නෑ.
Kurunegala YCC සහ Kandy Custom SC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.
Kandy Custom – පළමු ඉනිම සියලුම දෙනා දැවී 278 (102.0) මලිඳු මදුරංග 86, ඉමාල් ලියනගේ 24, ෂෙහාන් ප්‍රනාන්දු 40, සහන් කෝසල 79, මිතුන් ජයවික්‍රම 28, ලහිරු ජයරත්න 5/73, දිනුෂ්ක මාලන් 2/47, කවික ඩිල්ෂාන් 3/93
Kurunegala – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 378 (117.4) ධනුෂ්ක ධර්මසිරි 26, දිල්හාර පොල්ගම්පොළ 109, සමීර සඳමාල් 116, දිනුශ්ක මාලන් 28, බුද්ධික සංජීව 2/110, ඉමේෂ් උදයංග 2/58, සචිත්‍ර පෙරේරා 2/83, කෞමාල් නානායක්කාර 3/73
Kandy Custom – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 252 (47.0) මලිඳු මදුරංග 33, ඉමාල් ලියනගේ 85, ශෙහාන් ප්‍රනාන්දු 34, සහන් කෝසල නොදැවී 54, රොස්කෝ තට්ටිල් 44, කවික ඩිල්ශාන් 2/86
තරගයේ විසඳුමක් නෑ.
NCC සහ BRC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.
BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 226 (80.4) දේශාන් ඩයස් 74, ඩිල්ශාන් ද සොයිසා 65, රොෂේන් සිල්වා 51, චාමික කරුණාරත්න 3/27, අශේන් ඩැනියෙල් 5/36
NCC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 425 (75.0) නිරෝෂන් දික්වැල්ල 28, ලහිරු උදාර 142, කමිල් මිෂාර 26, අහන් වික්‍රමසිංහ 105, සහන් ආරච්චිගේ 22, අසේල් සිගේරා නොදැවී 57, චමින්ද බණ්ඩාර 2/122, මාලින්ද පුෂ්පකුමාර 2/97
BRC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 112 (35.3) දිනිරු අබේවික්‍රමසිංහ 43, කෙශාන් විජේරත්න නොදැවී 20, දුශ්මන්ත චමීර 2/16, අශේන් ඩැනියෙල් 2/29, චාමික කරුණාරත්න 3/07, ලසිත් ඇඹුල්දෙණිය 2/31
NCC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 87ක ජයක්.
Tamil Union C & AC සහ Moors SC අතර තරගය බොරැල්ල P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.
Moors SC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 476 (132.3) ජනිශ්ක පෙරේරා 28, සොහාන් ද ලිවේරා 79, සදීර සමරවික්‍රම 59, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 200, සිතාර ගිම්හාන් 33, රමේෂ් මෙන්ඩිස් 32, මිලාන් රත්නායක 20, තරිඳු රත්නායක 5/188
Tamil Union – පළමු ඉනිම සියලුම දෙනා දැවී 288 (92.3) නවොද් පරණවිතාන 22, තුලින ඩිල්ශාන් 48, මනෙල්ක ද සිල්වා 84, මොහොමඩ් ශමාස් 46, තරුෂ ප්‍රනාන්දු 34, රමේෂ් මෙන්ඩිස් 6/106, චානුක ඩිල්ශාන් 2/67
Moors SC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 123 (25.0) සොහාන් ද ලිවේරා 45, ලසිත් අබේරත්න නොදැවී 56
Tamil Union C & AC – කඩුලු 3ක් දැවී 104 (16.0) තුලින ඩිල්ශාන් 34, සිතාර හපුහින්න නොදැවී 36
තරගයේ විසඳුමක් නෑ.
SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<