මර බිය මැද්දේ රූට්ගේ කැපවීම

73

පුහුණුවීම් කරන්නට පුහුණු දැල් කිසිවක් යොදාගත හැකි නොවුනත්, යලිත් කවදා ක්‍රිකට් ක්‍රීඩා කරන්නට ලැබේ දැයි නොදන්නවා වුනත් එංගලන්ත ක්‍රිකට් නායකයා වන ජෝ රූට් හා කාන්තා කණ්ඩායමේ නායිකා හෙදර් නයිට් සිය පෞද්ගලික පුහුණු සැලසුම් තවමත් ක්‍රියාත්මක කරමින් සිටිනවා. 

කොරෝනා රෝගීන්ට සුවය ගේන්න ක්‍රිකට් ක්‍රීඩකයෝ එක්වෙයි

ලොව පුරා වසංගතයක් ලෙස පැතිර යන කොරෝනා හෙවත් COVID-19 වයිරසය නිසා ශ්‍රී ලංකාව තුල ද මේ …

පසුගිය සතියේ දී එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු පෙළ සිව්දින තරග ඇතුළත් “2020 කවුන්ටි ශූරතාවය” සති හතකින් කල් දැමුවා. තරගාවලිය ආරම්භ කරන්නට නියමිතව තිබුනේ අප්‍රේල් 12 වනදා යි.

එංගලන්තය සත්කාරකත්වය දරන බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය එළඹෙන ජුනි 04 වනදා ආරම්භ වන්නට නියමිතව තිබුනත් එංගලන්ත ක්‍රිකට් බලධාරින් අඟහරුවාදා පවසා සිටියේ “එංගලන්තයේ දේශීය තරග හෝ ජාත්‍යන්තර තරග ආරම්භය අවිනිශ්චිත බවයි.”

නමුත් එංගලන්තයේ කොන්ත්‍රාත්තුගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඔවුන් වෙනුවෙන්ම සකස් කරන ලද පුහුණු සැලැස්මක් ලබා දී තිබෙනවා. ටෙස්ට් නායක රූට්, අතහැර දැමුනු ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව නැවත එංගලන්තයට පැමිණි අතර ඔහු පවසා තිබුනේ “ශ්‍රී ලංකාවෙන් නැවත පැමිණීමෙන් අනතුරුව තරමක විවේකයක් ලබා ගැනීමට ලැබීම හොඳයි. නමුත් මම මගේ ශාරීරික යෝග්‍යතාව ඉතා ඉහළින් පවත්වා ගන්න එක වැදගත්. මොකද නැවත ක්‍රීඩාව ආරම්භ කළ පසුව මට මගේ සුපුරුදු දක්ෂතා වලම ඉන්න පුළුවන්.” ලෙසයි.  

“මම කොහොමත් ක්‍රියාශීලි කෙනෙක්. මගේ කුඩා පුතා සමඟ මම නිතරම සෙල්ලම් කරනවා. කෙසේ නමුත් ක්‍රීඩා පුහුණු සැලැස්මක් ඉතා වැදගත් වෙයි මේ කාලයේ.” 

දකුණු අප්‍රිකානු ගිවිසුම්ගත ක්‍රීඩක ලැයිස්තුවට අලුත් අයෙක්

2020/21 තරග වාරය සඳහා ජාතික කොන්ත්‍රාත්තු පිරිනැමීමට නියමිත පිරිමි සහ කාන්තා සඳහා ක්‍රීඩකයන්ගේ ලැයිස්තුව දකුණු අප්‍රිකානු ක්‍රිකට්…

“අපි කැමතියි ක්‍රීඩා කරන්නට. නමුත් ගෙවුනු මාස 12 දැඩි ලෙස මහන්සි වුනු ශරීර වලට විවේකයක් දෙන්නට මේ කාලය ඉතා හොඳයි. තරග ආරම්භ වුනාම අපිට නැවුම් ලෙස ක්‍රීඩා පිටියට පිවිසෙන්නට පුළුවන්.” 

ඉන්දියාවට එරෙහිව තරගාවලියක් ද මෙහෙයවන්නට සිටි එංගලන්ත කාන්තා ක්‍රිකට් නායිකා හෙදර් නයිට් පවසා සිටියේ “අපි බලාපොරොත්තු වුනු ලෙසම නැති වුනත් අපිට නිතරම හොඳ ශරීර සුවතාවයෙන් සිටින්නට මෙය ඉතා වැදගත් වෙයි.” ලෙසයි. 

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ ශරීර සුවතා පුහුණුකරු වන රොබ් අහ්මුන් පවසා සිටියේ කොන්ත්‍රාත්තුගත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගෙදර දීම ක්‍රියාත්මක කළ හැකි පුහුණු සැලැස්මක් හා අවශ්‍ය උපකරණ සපයා ඇති බවයි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<