CDB A අපරාජිතව ඉදිරියට

Singer-MCA Super Premier League T20

107
Singer-MCA Super Premier League T20

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් පවත්වනු ලබන Singer-MCA Super Premier League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (24) වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූවා.

එම තරගයේ දී Hayleys Group A කණ්ඩායම පරාජය කරමින් CDB A කණ්ඩායම ජයගත් අතර මෙම තරගයේ දී CDB A කණ්ඩායම නියෝජනය කළ පවන්ත වීරසිංහ පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 61ක් ලබා ගනිමින් දිනයේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුනා.

ඊට අමතර ව Hayleys Group A කණ්ඩායමේ කලන පෙරේරා පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 40ක් ද සහ සහන් නානායක්කාර පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 40ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී CDB A කණ්ඩායමේ මොවින් සුබසිංහ ලකුණු 6කට කඩුලු 3ක් දවා ගත් අතර නායක තරිඳු රත්නායක ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත්තා.

  • CDB A සහ Hayleys Group A අතර තරගය

Hayleys Group A – සියලුම දෙනා දැවී 136 (19.3) කවිෂ්ක අංජුල 17, කලන පෙරේරා 40, සහන් නානායක්කාර 40, ඩිල්ශාන් අබේසිංහ 2/32, තරිඳු රත්නායක 3/19, මොවින් සුබසිංහ 3/06

CDB A – කඩුලු 4ක් දැවී 137 (18.2) පවන්ත වීරසිංහ 61, පවන් රත්නායක 20, කසුන් අබේරත්න නොදැවී 22, සොනාල් දිනූෂ නොදැවී 19, සහන් නානායක්කාර 2/43

CDB A කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

මෙම තරගයත් සමඟින් මෙම තරගාවලියේ පළමු වටයේ තරග අද අවසන් වූ අතර ඒ අනුව සැකසුන ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයට පත් වීම CDB A කණ්ඩායම සමත් වුනා. ඔවුන් මෙම ස්ථානයට පත් වූයේ අපරාජිතවයි.

Singer-MCA Super Premier League T20 තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුව

  Team M W L T NR PT NRR
1 CDB A 4 4 0 0 0 16 0.981
2 Fairfirst Insuarance 4 2 1 0 1 10 0.136
3 Hayleys Group A 4 2 2 0 0 8 0.343
4 BBK Partnership 4 1 3 0 0 4 -0.571
5 Maliban Biscuits A 4 0 3 0 1 2 -1.345

ඒ අනුව මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා CDB A කණ්ඩායම සහ Fairfirst Insuarance කණ්ඩායම සුදුසුකම් ලබා ඇති අතර එම තරගය ඉදිරියේ දී පැවැත්විමට නියමිතයි.

Singer-MCA Super Premier League ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<