Home Sinhala වර්ෂාවෙන් බාධා වෙද්දී නවසීලන්තයෙන් දුප්පත් ඉනිමක්

වර්ෂාවෙන් බාධා වෙද්දී නවසීලන්තයෙන් දුප්පත් ඉනිමක්

259

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය මැන්චෙස්ටර් එමිරේට්ස් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ දී අද (09) ආරම්භ වූව ද දිගින් දිගට ම වට වර්ෂාව හේතුවෙන් තරගය අතර මග නතර කරන විට නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 211ක් ලබා සිටියේය. 

පැවැති තත්ත්වය හමුවේ විනිසුරුවන් වර්ෂාවෙන් පසුව පිටිය පරීක්ෂා කිරීමට පිවිසේ පැය තුනකටත් අධික කාලයකට පසුවය. ක්‍රීඩාංගණ සේවකයන්ගේ සහයෝගය කෙතෙක් ලැබූව ද තරගය ආරම්භ කිරීමට තරම් තත්වයක් පිටියේ නොවීම හේතුවෙන් තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 10.45 පමණ පළමු දිනයට නතර කෙරුණි. 

මෙම තරගය හෙට (10) දෙවැනි දිනයට ක්‍රියාත්මක වෙන්නේ තරගය නතර කළ තැන සිටිය. 

කැන්ගරුවන් දෙවැනි තැනට දමා දකුණු අප්‍රිකාවනුවන් ගෙදර යයි

2019 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ අවසාන තරගය ඊයේ (06) ඕස්ට්‍රේලියාව හා දකුණු…

තරගය වර්ෂාව හේතුවෙන් අතර මග දී නතර කරන විට නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 211ක් ලබා සිටිය හ. ඒ වෙද්දී රොස් ටේලර් පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 67ක් ලබා සිටියේය. එය ඔහුගේ ජාත්‍යන්තර එක්දින තරග පිටියේ 50 වැනි අර්ධ ශතකයයි. ඔහු සමගින් අනෙක් අන්තයෙන් ටොම් ලේතම් ලකුණු 3ක් ලබා නොදැවී රැදී සිටියේය. 

කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායක කෙන් විලියම්සන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසියේ ඒ වෙද්දී 12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී එතෙක් හමු නොවූ කණ්ඩායම් දෙකක් ලෙසිනි. 

ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසියේ මාටින් ගප්තිල් සහ හෙන්රි නිකොල්ස් ය. ඔවුන් දෙදෙනා ඉනිම ආරම්භ කළේ නිලකුණු පන්දුවාර 2කිනි. තෙවැනි පන්දුවාරයේ දී ඉන්දීය ක්‍රීඩකයෝ තම පළමු ගොදුර ලෙසින් මාටින් ගප්තිල් එක් ලකුණකට දවා ගැනීමට ජස්ප්‍රීට් බුම්රා සමත් විය. ඒ නායක විරාට් කෝලි ගේ සහයෝගයක ද ලබා ගනිමිනි. ඒ වෙද්දී නවසීලන්ත ඉනිම කියැවුණේ පන්දු වාර 3.3ක දී ලකුණක් ලෙසිනි. 

එතැන් සිට සීරුමාරුවට ඉනිම ගොඩ ගැනීමට හෙන්රි නිකොල්ස් සහ නායක කෙන් විලියම්සන් පෙරමුණ ගත්හ. ඔවුන් දෙදෙනා එක්ව ගිය ගමනේ දී නවසීලන්ත ඉනිමේ පළමු පන්දුවාර 10ට එක්ව තිබුණේ ලකුණු 27ක් පමණි. එසේ වෙද්දී ඔවුන් දෙදනා දෙවැනි කඩුල්ලට ලකුණු 68ක සබඳතාවක් එක් කළහ. 

රවින්ද්‍ර ජඩේජා ගේ පන්දුවක් කෙලින් ම කඩුල්ලේ වැදීමෙන් ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසින් හෙන්රි නිකොලස් දැවී ගියේය. ඒ වෙද්දී ඔහු පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමගින් ලකුණු 28ක් ලබා සිටියේය.

>>ICC Cricket World Cup 2019 <<

අනතුරුව පිටියට එක් වූයේ රෝස් ටේලර් ය. ඔවුන් දෙදෙනා එක්ව සිටිය දී නවසීලන්ත ඉනිමේ ලකුණු 100 වා්තා වූයේය. ඒ වෙනුවෙන් ඔවුන් පන්දුවාර 28කුත් පන්දුවක් වැය කර තිබුණි. 

නවසීලන්ත ඉනිමේ තෙවැනි කඩුල්ල අහවර කිරීමට තිබූ අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි වෙතින් ගිලිහි ගියේ ලකුණු පුවරුව 120ක් වෙද්දීය. ඒ රොස් ටේලර් ගේ උඩ පන්දුව ගලිහීම නිසාය. කෙසේ වෙතත් එම අවස්ථාව ලබා ගැනීමට යුස්වේන්ද්‍රන් චාහල් සමත් වූයේ කෙන් විලියම්සන් දවා ගනිමිනි. රවින්ද්‍ර ජඩේජා අතට උඩ පන්දුවක් ලබා දෙමින් ඔහු දැවී යන විට පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමගින් ලකුණු 67ක් ලබා සිටියේය. එය ඔහුගේ ජාත්‍යන්තර එක්දින තරග පිටියේ 39 වැනි අර්ධ ශතකයයි. 

අනතුරුව පිටියට පිවිසියේ ජේම්ස් නීෂම් ය. ඔහුට වැඩි වේලාවක් පිටියේ රැදී සිටිමට ඉන්දීය පන්දු යවන්නෝ ඉඩ දුන්නේ නැත. ඔහු පන්දු 18කට ලකුණු 12ක් ලබා සිටිය දී සිවු වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් කිරීමට හරිදික් පාන්ඩ්‍යා සමත් විය .ඒ දිනේෂ් කාර්තික් විසින් ලබා ගත් උඩ පන්දුව හේතුවෙනි. 

කෝලි – විලියම්සන් ද්වන්ද සටන ගැන කෝලිගෙන් අදහසක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි වරෙක නවසීලන්ත නායක කේන් විලියම්සන් ගේ කඩුල්ල…

නවසීලන්ත ඉනිමේ 200 වැනි ලකුණ පන්දු 267ක් වැය කරමින් ලබා ගෙන යැවුණ ඊළඟ පන්දුවේ දී 5 වැනි කඩුල්ල ද නවසීලන්තයන්ට අහිමි කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. එවර ක්‍රියාත්මක වූයේ බුවනේෂ්වර් කුමාර් සහ කඩුලු රැකි ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි ය. එවර කඩුල්ල පුද කළේ කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් ය. 

තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට ඉන්දීයාව වෙනුවෙන් පන්දු යැවූ බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රීට් බුම්රා, හර්දික් පාන්ඩ්‍යා, රවින්ද්‍ර ජඩේජා සහ යුස්වෙන්ද්‍ර වාහල් කඩුල්ල බැගින් ලබා ගත්හ. 

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, තරග සේයා රූ, විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

Result


India
221/10 (49.3)

New Zealand
239/8 (50)

Batsmen R B 4s 6s SR
Martin Guptill c Virat Kohli b Jasprit Bumrah 1 14 0 0 7.14
Henry Nicholls b Ravindra Jadedja 28 51 2 0 54.90
Kane Williamson c Ravindra Jadedja b Yuzvendra Chahal 67 95 6 0 70.53
Ross Taylor run out (Ravindra Jadedja) 74 90 3 1 82.22
Jimmy Neesham c Dinesh Karthik b Hardik Pandya 12 18 1 0 66.67
Colin de Grandhomme c MS Dhoni b Bhuvneshwar Kumar 16 10 2 0 160.00
Tom Latham c Ravindra Jadedja b Bhuvneshwar Kumar 10 11 0 0 90.91
Mitchell Santner not out 9 6 1 0 150.00
Matt Henry c Virat Kohli b Bhuvneshwar Kumar 1 2 0 0 50.00
Trent Boult not out 3 3 0 0 100.00


Extras 18 (b 0 , lb 5 , nb 0, w 13, pen 0)
Total 239/8 (50 Overs, RR: 4.78)
Fall of Wickets 1-1 (3.3) Martin Guptill, 2-69 (18.2) Henry Nicholls, 3-134 (35.2) Kane Williamson, 4-162 (40.6) Jimmy Neesham, 5-200 (44.4) Colin de Grandhomme, 6-225 (47.6) Ross Taylor, 7-225 (48.1) Tom Latham, 8-232 (48.6) Matt Henry,

Bowling O M R W Econ
Bhuvneshwar Kumar 10 1 43 3 4.30
Jasprit Bumrah 10 1 39 1 3.90
Hardik Pandya 10 0 55 1 5.50
Ravindra Jadedja 10 0 34 1 3.40
Yuzvendra Chahal 10 0 63 1 6.30


Batsmen R B 4s 6s SR
KL Rahul c Tom Latham b Matt Henry 1 7 0 0 14.29
Rohit Sharma c Tom Latham b Matt Henry 1 4 0 0 25.00
Virat Kohli lbw b Trent Boult 1 6 0 0 16.67
Rishabh Pant c Colin de Grandhomme b Mitchell Santner 32 56 4 0 57.14
Dinesh Karthik c Jimmy Neesham b Matt Henry 6 25 1 0 24.00
Hardik Pandya c Kane Williamson b Mitchell Santner 32 62 0 0 51.61
MS Dhoni run out (Martin Guptill) 50 72 1 1 69.44
Ravindra Jadedja c Kane Williamson b Trent Boult 77 59 4 4 130.51
Bhuvneshwar Kumar b Lockie Ferguson 0 1 0 0 0.00
Yuzvendra Chahal c Tom Latham b Jimmy Neesham 5 5 1 0 100.00
Jasprit Bumrah not out 0 0 0 0 0.00


Extras 16 (b 0 , lb 3 , nb 0, w 13, pen 0)
Total 221/10 (49.3 Overs, RR: 4.46)
Fall of Wickets 1-4 (1.3) Rohit Sharma, 2-5 (2.4) Virat Kohli, 3-5 (3.1) KL Rahul, 4-24 (9.6) Dinesh Karthik, 5-71 (22.5) Rishabh Pant, 6-92 (30.3) Hardik Pandya, 7-208 (47.5) Ravindra Jadedja, 8-216 (48.3) MS Dhoni, 9-217 (48.6) Bhuvneshwar Kumar, 10-221 (49.3) Yuzvendra Chahal,

Bowling O M R W Econ
Trent Boult 10 2 42 2 4.20
Matt Henry 10 1 37 3 3.70
Lockie Ferguson 10 0 43 1 4.30
Colin de Grandhomme 2 0 13 0 6.50
Jimmy Neesham 7.3 0 49 1 6.71
Mitchell Santner 10 2 34 2 3.40




[/vc_column_text][/vc_column][/vc_row]