එංගලන්ත ප්‍රේක්ෂකයන් Kohliට ඔච්චම් කරයි!

11803
CricketMr360

ඉන්දු – එංගලන්ත පස්වැනි ටෙස්ට් තරගය මේ දිනවල එංගලන්තයේ Edgbaston හිදී පැවැත්වෙනවා.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 416ක් රැස් කළ අතර එයට පිළිතුරු ලෙස එංගලන්තය රැස් කළේ ලකුණු 284ක් පමණයි.

එංගලන්ත පළමු ඉනිමේ දී සුපිරි පිතිකරු Jonny Bairstow ශතකයක් වාර්තා කර ගැනීමට සමත් වුනා. ක්‍රීඩා පිටිය තුළ Bairstow හා Virat Kohli වාදයකට පැටළුණු අතර එතෙක් නිශ්ශබ්දව සිටි Bairstow, එතැන් පටන් ප්‍රවේගකාරී පිතිකරණයකට ද පිවිසුණා.

ඉන්දීය දෙවැනි ඉනිමේ දී Kohli ලකුණු 20කට දැවී ගියා. Barmy Army ලෙසින් හැඳින්වෙන එංගලන්ත ක්‍රිකට් ප්‍රේක්ෂකයින් Kohli දැවී යාමෙන් අනතුරුව ඔහුට ඔච්චම් කිරීමට “Cheerio” නම් ගායනයක් ගායනා කර තිබෙනවා.

Kohli දැවී ගියේ එංගලන්ත නායක Ben Stokesගේ පන්දුවකටයි. නොසිතූ ලෙස පන්දුව ඉපිළුණු අතර ඉහළ නැගුණු පන්දුව Kohliගේ පිත්තේ වැදී කඩුලු රකින Sam Billings දෙසට ඇදී ගියා. Billingsට පන්දුව මඟහැරුණත් පළමු ස්ලිප් ක්‍රීඩකයා ලෙස සිටි Joe Root ක්ෂණයෙන් එම උඩ පන්දුව රැක ගත්තා.

දැවී ගිය Kohli නැවත ක්‍රීඩාගාරයට ඇවිද යන අතරතුර එංගලන්ත ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ගී ගායනා කරමින් ඔහුට අත වනන වීඩියෝවක් Twitter හි ද පළ වී තිබුණා.

දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 245ක් රැස් කරගත්තා. තරගය සිව්වැනි දිනය වන අද (04) එංගලන්තය ලකුණු 378ක ජයග්‍රාහී ඉලක්කය හඹා යෑම ආරම්භ කර තිබෙනවා.

Hindustan Times ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<