මහරුෆ් ඉල්ලා අස්වෙයි

7656

හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම විස්තර විචාරකයෙකු වන ෆර්විස් මහරුෆ් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ විස්තර විචාරකයෙකු ලෙස ද කටයුතු කරන මහරුෆ් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ඔහුගේ විස්තර විචාරාත්මක කටයුතු සහ පවුලේ බැඳීම් හේතුවෙන් කමිටුවේ රාජකාරි සඳහා සම්පූර්ණයෙන් කැපවීමට නොහැකි වන බව දැනුම් දෙමිනුයි.

මහරුෆ්, මීට මාස දෙකකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ කරුණු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට උපදෙස් දීම සඳහා පත් කළ පස් දෙනෙකුගෙන් යුත් තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයෙක් ලෙස තේරීපත් විය.

කමිටුවේ සිටින සෙසු සාමාජිකයින් වන්නේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය, චරිත් සේනානායක, අසන්ත ද මෙල් සහ කපිල විජේගුණවර්ධන යන මහත්වරුන්ය.

දේශීය විදේශීය ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<