LPL නිල විනිසුරු මණ්ඩලය නම් කරයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය - Coverage powered by MyCola

3438
LPL Umpire and Match Referee

2020 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (LPL) සඳහා සහභාගී වන නිල විනිසුරු මණ්ඩලය සඳහා ICC ප්‍රධාන තරග තීරකවරයෙකු වන රංජන් මඩුගල්ල මහතා සහ ICC Elite මණ්ඩලයේ විනිසුරුවරයෙකු වන කුමාර් ධර්මසේන යන මහත්වරුන්ගෙන් සමන්විත නිලධාරි මණ්ඩලයක් පත් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG ආයතනය එක්ව සංවිධානය කරනු ලබන මංගල LPL තරගාවලිය සඳහා සහභාගී වන සියලුම නිලධාරීන් ශ්‍රී ලංකාවේ නිලධාරීන් වීම විශේෂත්වයක්. ඒ අතර සිටින ප්‍රධානතම නිලධාරීන් දෙදෙනා වන්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 7ක සහ අවසන් මහා තරග 4ක (1999, 2003, 2015, 2019) තරග තීරක ලෙස කටයුතු කර තිබෙන රංජන් මඩුගල්ල සහ පසුගිය ලෝක කුසලාන තරගාවලි දෙකේ දී ම අවසන් මහා තරගය සඳහා විනිසුරුවෙකු ලෙස එක්ව ඇති කුමාර් ධර්මසේන යන මහත්වරුන් දෙදෙනායි. ධර්මසේන මහතා 2012 සහ 2018 වසරේ ‘වසරේ විනිසුරුවරයා’ ලෙස ද සම්මානයට පාත්‍ර විය.  

තවත් ක්‍රිකට් පුවත්:

රංජන් මඩුගල්ල මහතාට අමතරව තරගාවලියේ තරග තීරකවරුන් ලෙස කටයුතු කරනු ලබන අනෙක් නිලධාරීන් තිදෙනා වන්නේ ග්‍රැහැම් ලැබ්රෝයි, වෙන්ඩ්ල් ලැබ්රෝයි සහ මනෝජ් මෙන්ඩිස් යන මහත්වරුන්ය. 

ග්‍රැහැම් ලැබ්රෝයි, වෙන්ඩෙල් ලැබ්රෝයි මහත්වරුන් දෙදෙනා ICC තරග විනිසුරුවන්ගේ කමිටුවේ (ICC International Panel of Umpires) නිලධාරීන් වන අතර  මනෝජ් මෙන්ඩිස් මහතා ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් තරග රටාව තුල තරග තීරකවරයෙක් ලෙස කටයුතු කර තිබෙන තරග තීරකවරයෙකි.

තරග විනිසුරුවරු මණ්ඩලය තුල ධර්මසේන මහතාට අමතරව තවත් නිලධාරීන් 10 දෙනෙකු සිටින අතර ඒ අතර ICC තරග විනිසුරුවන්ගේ කමිටුවේ (ICC International Panel of Umpires) නිලධාරි මහත්වරුන් වන රුචිර පල්ලියගුරු, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල යන ජාත්‍යන්තර ක්‍රිකට් තරග තුල ද අත්දැකීම් තිබෙන ප්‍රවීණ විනිසුරු මණ්ඩලයක් සිටියි.  

ඊට අමතරව ICC පළමු කොටසේ විනිසුරුවරුන් වන (Level 01 Umpires) දීපාල් ගුණවර්ධන , හේමන්ත බොතේජු , කීර්ති බණ්ඩාර , අසංග ජයසූරිය, රෝහිත කොට්ටහච්චි, රවීන්ද්‍ර කොට්ටහච්චි යන මහත්වරුන් ද 2020 LPL තරගාවලියේ  නිල විනිසුරු මණ්ඩලය සඳහා ඇතුලත්ව සිටියි.

2020 LPL තරග තීරකවරුන්:

රංජන් මඩුගල්ල, ග්‍රැහැම් ලැබ්රෝයි, වෙන්ඩෙල් ලැබ්රෝයි, මනෝජ් මෙන්ඩිස්

2020 LPL තරග විනිසුරුවරුන්:

කුමාර් ධර්මසේන , රුචිර පල්ලියගුරු, රවීන්ද්‍ර විමලසිරි , ලින්ඩන් හැනිබල් , ප්‍රගීත් රඹුක්වැල්ල, දීපාල් ගුණවර්ධන , හේමන්ත බොතේජු , කීර්ති බණ්ඩාර , අසංග ජයසූරිය, රෝහිත කොට්ටහච්චි, රවීන්ද්‍ර කොට්ටහච්චි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලු තොරතුරු MyCola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<