විස්සයි විස්ස දැවැන්තයෙක් LPL පිටිය හැර යයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020 - Coverage powered by MyCola

1517

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක Chris Gayle පුද්ගලික හේතුවක් මත 2020 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබේ. 

පසුගිය 19 වැනිදා පැවැත්වුනු ක්‍රීඩකයින් කණ්ඩායම් ගත කිරීමේ දී (player draft) මහනුවර ටස්කර්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස Chris Gayle තෝරාගනු ලැබීය. 

කෙසේ නමුත් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ දී කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම නියෝජනය කළ Chris Gayle, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට අද දිනයේ දී මෙරටට පැමිණීමට නියමිතව සිටියේය. නමුත් මහනුවර ටස්කර්ස් කණ්ඩායමේ ඉහළ පෙළේ නිලධාරියෙකු ThePapare.com වෙත පවසා සිටියේ Chris Gayle මෙවර LPL තරගාවලිය සඳහා සහභාගී නොවන බවයි. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

ඒ වෙනුවෙන් තවමත් නිසි ආදේශක ක්‍රීඩකයෙකු තෝරාගෙන නොමැති නමුත් ඉතාමත් ඉක්මණින් මෙම හිඩැස පුරවා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය. Irfan Pathan, Naveen-ul-Haq, Rahmanullah Gurbaz, Munaf Patel සහ Sohail Tanvir මහනුවර ටස්කර්ස් කණ්ඩායමේ සිටින අනෙක් විදෙස් ක්‍රීඩකයින් වේ. 

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්නගේ පුහුණුකරීත්වයෙන් යුත් මහනුවර ටස්කර්ස් කණ්ඩායමේ නායකත්වය කුසල් පෙරේරා වෙත හිමිව ඇති අතර ඔවුන් සහභාගී වන පළමු තරගය මෙම මස 26 වැනිදා කොළඹ කිංග්ස් කණ්ඩායම සමඟ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ. 

MyCola සමඟ සවිබල ගැන්වෙන ලංකා ප්‍රිමියර් ප්‍රිමියර් ලීගයේ සියලු තොරතුරු ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න, අපි සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<