“ලෝක කුසාලන සත්කාරකත්වය ලැබීම ආඩම්බරයට කාරණයක්” – BCCI සභාපති

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2021

1214
Former cricketer Sourav Ganguly, newly-elected president of the Board of Control for Cricket in India (BCCI), speaks during a press conference at the BCCI headquarters in Mumbai on October 23, 2019. - Former captain Sourav Ganguly was unanimously elected on October 23 as president of India's troubled cricket board, the sport's most powerful body. (Photo by Punit PARANJPE / AFP) (Photo by PUNIT PARANJPE/AFP via Getty Images)

අනවසරයෙන් ඔරලෝසු අරන් ගිය Krunal Pandyaට මොකක් වෙයිද?එළඹෙන වසරේ දී ක්‍රියාත්මක වීමට නියමිත ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේහි සත්කාරකත්වය හිමි වීම සම්බන්ධයෙන් නිහතමානී ආඩම්බරයක් ඇති බවත්, එම සුවිශේෂී අවස්ථාව ඉතාමත් අභිමානයෙන් සහ උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට තමන් ඇතුළු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ලහිලහියේ සූදානම් වන බවත් BCCI සභාපති Sourav Ganguly මහතා පසුගිය දිනෙක මාධ්‍ය අමතමින් සඳහන් කර සිටියේය. 

ICCය විසින් සංවිධානය කළ ප්‍රමුඛ පෙළේ තරගාවලි 5ක් සඳහා ක්‍රීඩකයෙකු ලෙසින් තම දායකත්වය ලබා දී ඇති Sourav Ganguly, 2003 වර්ෂයේ දී එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය දක්වා ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ එරට ක්‍රිකට් ක්‍රීඩා වංශකතා පොතේ නව පරිච්ඡේදයකට අත්පොත් තැබීමට මුල් වූ පුරෝගාමියෙකු ලෙස ඉතිහාසගත වෙමිනි. 

ක්‍රීඩකයෙකු වශයෙන් තම මව්බිමේ කීර්තිනාමය ලෝකය ඉදිරියේ බැබළවීමට හැකි උපරිම අයුරින් දායක වූ බවත්, එම භූමිකාවෙන් ඔබ්බට ගොස් පරිපාලන නිලධාරියෙකු ලෙසද තම කාර්‍යභාර්‍ය අකුරටම ඉටු කිරීමට බලාපොරොත්තු වන බවත් Ganguly එහිදී අවධාරණය කර සිටියේය. ඒ අනුව ලබන වසරේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලිය ප්‍රේක්ෂකයින් හට වෙනස්ම තරග අත්දැකීමක් විඳගැනීමට හැකි වන අයුරින් සංවිධානය කිරීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුනි. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

 

“ක්‍රිකට් ක්‍රීඩා කරන ඕනම රටකට ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය හිමි වෙනවා කියන්නේ විශාල භාග්‍යයක් වගේම ගෞරවයක්. 1987 වසරේ ඉඳලා මේ වෙනකල් ලෝක කුසලාන තරගාවලි කිහිපයක්ම ඉතාමත් සාර්ථක අයුරින් ඉන්දියානු භූමිය තුළ පවත්වන්න අපිට හැකි වුනා. අනිත් රටවල ක්‍රීඩකයින් වුනත් ඉන්දියාවේ ඇවිත් තරග කරන්න ගොඩක් උනන්දුවෙන් සහ ඕනෑකමින් බලන් ඉන්න බවත් අපි දන්නවා.” 

“ක්‍රීඩකයෙක් විදියට ලෝක කුසලාන තරග අත්දැකීමක් අත්විඳින්න ලැබෙනවා කියන්නේ ඒක වචනයෙන් කියන්න අමාරු හැඟීමක්. මට දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා ඉහළ පෙළේ ක්‍රිකට් පරිපාලකයෙක් විදියට ඒ අත්දැකීම වෙනස්ම ආකරයකින් අත්විඳින්න. අපි බලාපොරොත්තු වෙනවා මේ පාර තරගාවලිය ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පවත්වන්න.” 

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 7වන අදියර ඉන්දියාවේ දී පැවැත්වීමට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විට සම්පාදනය වෙමින් පවතින අතර මීට වසර පහකට පෙරද එරට දී ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වූ නිසාවෙන් ඔවුන් හට මෙම තරගාවලිය සංවිධානය කිරීම එතරම් අපහසු කර්තව්‍යයක් නොවන බව ක්‍රිකට් විචාරකයින් මත පළකර සිටියි. 

කණ්ඩායම් 16ක් තරග වදින මෙම තරගාවලිය සඳහා එක්වන නවතම කණ්ඩායම බවට පත්වන්නේ පැපුවා නිව්ගිනියා දේශයයි. මීට අමතරව නැමීබියාව, නෙදර්ලන්තය, ස්කොට්ලන්තය සහ ඕමානය තවමත් ටෙස්ට් වරම් හිමි නොවූ රාජ්‍යයන් ලෙසින් තරගාවලිය නියෝජනය කිරීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<