සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයින් හමුවේ රාජකීයයන් පසුබසී

144

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද (11) දිවයින පුරා විසිරුණු ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්විය.

දෙවන දිනය සඳහා පැවති තරග දෙක අතරින් රාජකීය හා සාන්ත ඇලෝසියස් විද්‍යාල තරගය දෙස බොහෝ දෙනා අවධානයෙන් බලා  සිටියේ පළමු දිනය අවසන් වන විට සාන්ත ඇලෝසියස් විද්‍යාලය ඉදිරියෙන් සිටි නිසාවෙනි. කෙසේ නමුත් එම ඇතුළුව දෙවන දිනය සඳහා පැවති තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් විය.

15 පොඩ්ඩෙක්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ…..

පළමු දිනය සඳහා ද තරග පහක් ක්‍රියාත්මක වූ අතර එම තරග බොහෝමයක් සඳහා වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා තරග නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. 

  • දෙවන දිනයට පැවැත්වූ තරග

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය 

A කාණ්ඩයේ මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට රාජකීය විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 31ක් ලබා ගෙන සිටින ලදි. කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත ඇලෝසියස් විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 181ක් ලබා ගත් අතර එයට පිළිතුරු දුන් රාජකීය ඉනිම ලකුණු 139කට සීමා විය. 

රාජකීය විද්‍යාල පසුපෙළ සවිමත් කළ කවිඳු පතිරත්න ලකුණු 49ක් ලබාගෙන රාජකීය ඉනිම එවැනි මට්ටමකට ඔසවා තැබීමට කටයුතු කරන ලදි. 

ලකුණු 41ක පළමු ඉනිමේ වාසියක් අතැතිව දෙවන ඉනිම දියත් කළ සාන්ත ඇලෝසියස් විද්‍යාලය පන්දුවාර 43කුත් පන්දු 2ක් තුල කඩුලු 5ක් දැවී ලකුණු 184ක් ලබා ගනිමින් තරගයේ වැඩි වාසිය තමන් දෙසට නතු කරගෙන ඉනිම අත්හිටු වූයේ රාජකීය විද්‍යාලයට ලකුණු 226ක ඉලක්කයක් ලබා දෙමිනි. 

සංදීප චමෝද්  ලකුණු 75යි. කෙසේ නමුත්0 තරගයේ නියමිත කාලය අවසන් වූ නිසා තරගය නැවත දැමීමට තරග විනිසුරුවරුන් තීරණය කළ නිසා පළමු ඉනිමේ ජයකින් සෑහීමකට පත්වීමට සාන්ත ඇලෝසියස් විද්‍යාලයට සිදු විය.

සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිම – 181 (62.4): රවිඳු කාංචන 36, කවිඳු දිල්හාර 30, ඔමල් සන්දිත් 29, ගිශාන් බාලසූරිය 4/30, මනුල පෙරේරා 2/43, කෞෂාන් කුලසූරිය 2/46.

රාජකීය විද්‍යාලය – 139 (49.4): කවිඳු පතිරත්න 49, ලහිරු මදුසංක 31, නිදුක මල්සිත් 3/18, මිතුන් නිශාක 2/17, දුල්මිණ දසුන් 2/24

සාන්ත ඇලෝසියස් විද්‍යාල දෙවන ඉනිම – 184/5d (43.2): සංදීප චමෝද් 75, රවිඳු කාංචන 33, කවිඳු දිල්හාර 30*, ගිශාන් බාලසූරිය 2/35.

රාජකීය විද්‍යාලය දෙවන ඉනිම – 13/1 (3): 

කවිඳු, ජොහෑන්, සඳුන් සහ කෞෂිතගෙන් අර්ධ ශතක

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ…..

කඳාන ද මැසනොඩ් විද්‍යාලය හා ගාල්ල සාන්ත සර්වේසස් විද්‍යාලය

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත සර්වේසස් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. දකුණතින් පිතිකරණයේ නිරත වන සහන් කෝසල ලබා ගත් වටිනා ලකුණු 96 නිසා මැසනොඩ් විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම සඳහා ලකුණු 224ක් ලබා ගන්නා ලදි. චිරන් මෙත්තරු කඩුලු 4යි. 

එයට පිළිතුරු දුන් සාන්ත සර්වේසස් විද්‍යාල කණ්ඩායම නායක කේෂර නුවන්ත ලබා ගත් අර්ධ ශතකය නිසා ඔවුන්ගේ පළමු ඉනිම යම් මට්ටමකට ඔසවා තබා ගැනීමට ඔවුන්ට හැකි විය. කෙසේ නමුත් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම සුනුවිසුනු කළ සෙනාෂ් ප්‍රනාන්දු ලකුණු 35කට කඩුලු 7ක් දවා ගත්තේය.

ලකුණු 63ක පළමු ඉනිමේ වාසියක් අත්හිටුවා සිය දෙවන ඉනිම දියත් කළ ද මැසනොඩ් ක්‍රීඩකයෝ තරගයේ දෙවන දිනය අවසන් වන තෙක් ක්‍රීඩා කරමින් ඔවුන්ගේ පිතිකරණ අංශය යම් මට්ටමකින් පද්ම කරගන්නා ලදි. සාලිය ජූඩ් ලකුණු 44යි.

ද මැසනොඩ් විද්‍යාලය – 224 (55.3): සහන් කෝසල 96, නිම්න ප්‍රනාන්දු 24, චමෝද් දනංජය 24, චිරන් මෙත්තරු 4/16.

සාන්ත සර්වේසස් විද්‍යාල – 161 (49.2): කේෂර නුවන්ත 54, නිපුන් අංජන 23, සෙනාෂ් ප්‍රනාන්දු 7/35.

ද මැසනොඩ් විද්‍යාල දෙවන ඉනිම – 130/4 (34): සාලිය ජූඩ් 44, රුවින් ෆොන්සේකා 38, නිම්න ප්‍රනාන්දු 29, චිරාන් මෙත්තරු 2/27

ආසියානු නැගී එන කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා සංචිතය

පළමු වතාවට පැවැත්වීමට නියමිත 2019 ආසියානු කුසලාන නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු……

  • පළමු දිනයට පැවැත්වූ තරග 

සාන්ත පීතර විද්‍යාලය හා මොරටු මහා විද්‍යාලය 

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත පීතර විද්‍යාලය මේ තරගයේ පළමුව පන්දුවට පහර දෙන ලදි. තරගය B කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වේ. 

සාන්ත පීතර විද්‍යාලය – 113/6 (41): වනුජ කුමාර 33*


ආනන්ද විද්‍යාලය හා සහිරා විද්‍යාලය 

D කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සංචාරක සහිරා විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

ආනන්ද විද්‍යාලය -276 (60.3): ශෂික උමයංග 76, නෙත්ම කරුණාරත්න 52, සුදීප අගුළුගහ 30, මොහොමඩ් මහධී 3/28.

සහිරා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 20/0 (8.1): 


මහින්ද විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 

කාසියේ වාසිය දිනා ගත් සංචාරක සාන්ත බෙනඩික්ට් විද්‍යාලය මේ තරගයේ පළමුව පන්දුවට පහර දෙන ලදි. තරගය A කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වේ. 

මහින්ද විද්‍යාලය (පළමු දිනය අවසානයේ)  – 85/8 (32.2): තේනුක නන්දලාල් 4/31.


සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය 

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ත්‍රිත්ව විද්‍යාලය මේ තරගයේ පළමුව පන්දු රකින ලදි. තරගය D කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වේ. 

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ)  – 48 (32.3): උවිඳු විමලධර්ම 7/18, රුවින් පීරිස්  2/05.


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය 

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත අන්තෝනි විද්‍යාලය මේ තරගයේ පළමුව පන්දු යවන ලදි. තරගය B කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වේ. 

සාන්ත තෝමස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 38/3 (14.3): දිල්මින් රත්නායක 23*, සසිත් හිරුදික 3//09.

තරගාවලියේ උණුසුම් තතු, තරග වාර්තා, තරග සේයා රූ ඇතුළු තවත් බොහෝ දේ  ඔබේ වෙත සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න අප සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<