23න් පහළ වොලිබෝල් ක්‍රීඩකයෝ ඩකා යයි

273

CAVA U23 Men’s Volleyball Championship තරගාවලිය 2022 දෙසැම්බර් 20 දින සිට 27 දින දක්වා බංග්ලාදේශයේ ඩකා නුවර දී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ පිරිමි වොලිබෝල් කණ්ඩායම හෙට (20) දිවයිනෙන් පිටත් වීමට නියමිතයි. මෙම තරගාවලිය සඳහා කිරිකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව සහභාගී වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස රුචිර සම්පත් කටයුතු කරනු ලබන අතර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චමින්ද කුමාර ජයරත්න මහතා කටයුතු කරනු ලබයි.

දිවයිනෙන් පිටත් වීමට ප්‍රථම ශ්‍රී ලංකා අවුරුදු 23න් පහළ පිරිමි වොලිබෝල් කණ්ඩායම සමූහ ඡායාරූපයකට ද පෙනි සිටින ලදි.

අසුන් ගෙන වමේ සිට

මොරිස් චමින්ද- අභ්‍යාසක, චමින්ද කුමාර ජයරත්න – ප්‍රධාන පුහුණුකරු, ඒ්. එස් නාලක මහතා – ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, . කංචන ජයරත්න මහතා – සභාපති, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, කොමදෝරු ටී.ඩී.එස්. සිල්වා මහතා – කළමනාකරු, මිල්රෝයි තිසේරා – සහාය පුහුණුකරු,  රුචිර සම්පත් – නායක

පසුපස පේළිය වමේ සිට

සුජිත් තිලංක (යුද හමුදාව), ලහිරු මධුවන්ත (ගුවන් හමුදාව), ප්‍රනීත් දිනේන්ද්‍ර (නාවික හමුදාව), අශේන් මලින්ත (මැලිබන් පුද්ගලික සමාගම), දෙනෙත් හංසන, ලහිරු ප්‍රමුදිත (ගුවන් හමුදා), සචිත මලිත් (ගුවන් හමුදාව), ශානුක මධුභාෂන (ඕෂන් ලංකා), දුලංජන් සංදීප, කවිෂ්ක මධුසංක, නවීන් කෞෂල්‍ය

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<