හිටපු නායකයා පාකිස්තාන ක්‍රිකට්වල රෙදි ගලවයි!

ICC Cricket World Cup 2023

6308

පාකිස්තානය විසින් එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයට පැමිණියේ දෙවැනි පෙළ කණ්ඩායම්වලට එරෙහිව ජයග්‍රහණ ලබමින් බව හිටපු පාකිස්තාන නායක Misbah-ul-Haq විසින් පවසනවා.

මෙම වසරේ මැයි මාසයේ දී පාකිස්තානය විසින් ICC එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්වීමට සමත් වුනා. නමුත් පසුගිය දා නිමාවට පත් වූ ආසියානු කුසලානයේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වීමට ඔවුන්ට සිදු වූ අතර මේ වන විට පාකිස්තානය ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව, එංගලන්තය සහ නවසීලන්තයට පිටුපසින් සිව්වැනි ස්ථානයේ රැඳී සිටිනවා. 

පාකිස්තානය මීට පෙර ළඟා කර ගත් මෙම ශ්‍රේණිගත කිරීම් පිරිසක් විසින් ඉතා ඉහළින් අගය කරද්දී, හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නෙකු වන Wasim Akram විසින් පවසන්නේ මෙම ශ්‍රේණිගත කිරීම්වල කිසිදු වටිනාකමක් නොමැති බවයි. 

වර්තමානයේ ශ්‍රේණිගත කිරීම්වල ඇති වැදගත්කම මොකක් ද? 

ලෝකයේ අංක එකේ කණ්ඩායම එංගලන්තය අංක 5 (2 ස්ථානයේ), ඕස්ට්‍රේලියාව අංක 6 (5 වැනි ස්ථානයේ) ඉන්නේ.  

මම ඒකට කැමතියි, නමුත් කාලසීමාව සැප්තැම්බර්වලින් ආරම්භ වෙනවා නම්, අපි සතියක්, එක හමාරක් අංක එකේ ඉන්නවා නම් අපි සතුටු වෙනවා අපි තමයි හොඳම කණ්ඩායම කියලා. නැහැ මාස හයක් අංක එකේ රැඳිලා ඉන්න, ඊට පස්සේ සමරන්න.” 

සීමිත කාලසීමාවකට ශ්‍රේණිගත කිරීම් හි ඉහළට පැමිණීමේ කිසිදු වටිනාකමක් නොමැති බවයි Akram විසින් පසුගිය දා සහභාගී වූ සාකච්ඡාවක දී සඳහන් කර තිබුණේ. 

මේ අතර හිටපු නායක Misbah විසින් පවසන්නේ පාකිස්තානය විසින් මෙම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට පැමිණියේ ප්‍රධාන පෙළේ කණ්ඩායම්වල දුර්වල/ අත්දැකීම් රහිත ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කරමින් ලැබූ ජයග්‍රහණ නිසා බවයි. 

පාකිස්තානය විසින් 2022 වසර ආරම්භයේ සිට මේ වන තෙක් ද්විපාර්ශ්වික තරගාවලි හයකට සහභාගී වෙමින් ඉන් පහක් ජයග්‍රහණය කර තිබෙනවා. මෙහි දී ඔවුන් විසින් ඕස්ට්‍රේලියාව (2-1), බටහිර ඉන්දීය කොදෙව් (3-0), නෙදර්ලන්තය (3-0), ඇෆ්ගනිස්තානය (3-0) සහ නවසීලන්තය (4-1) සමඟ තරගාවලි ජයග්‍රහණය කළා. එමෙන්ම නවසීලන්තය සමඟ තවත් තරගාවලියක් 2-1ක් ලෙස පරාජය වුනා. 

නමුත් IPL තරගාවලියට සහභාගී වීම සහ තවත් හේතු නිසා මෙම ප්‍රධාන පෙළේ කණ්ඩායම්වල ප්‍රධාන ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලිවලට සම්බන්ධ වුනේ නැහැ. 

“නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව පාකිස්තානයට ආවේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළම කණ්ඩායම් ලෙසයි. නමුත් ඔවුන් එව්වේ ඔවුන්ගේ C සහ D කණ්ඩායම්. අපි ඔවුන් සමඟ තරග කළා, ජයග්‍රහණය කළා. අපේ ශ්‍රේණිගත කිරීමේ ඉහළ ගියා.  

නමුත් අපි සියලු කරුණු සලකා බැලිය යුතුයි. අපි අංක එක වුනා, පාකිස්තානය අංක එක වීම ගැන අපි සතුටු වුනා. 

ඇත්තම කතාව තමයි ඕස්ට්‍රේලියාවේ C කණ්ඩායමයි ආවේ, ඔවුන් එක් තරගයක දී අපිව පරාජය කළා. තවත් තරගයක ලකුණු 350ක් (348/8) රැස් කළා. වාසනාවකට අපි එය හඹා ගියා.  

ඔවුන්ට දැනෙන පරිදි අපි ජයග්‍රහණය කළේ එක තරගයක් විතරයි. ඊට පස්සේ නවසීලන්තය ආවා. එය වසර තුනක් පමණ ක්‍රීඩා නොකළ ක්‍රීඩකයින් සිටි ඔවුන්ගේ D කණ්ඩායම වැනියි. ඔවුන්ට එරෙහිවත් තරගකාරී තරගයි පැවැත්වුණේ. අපි සිටින්නේ කොතැන ද කියලා අවබෝධ කර ගත යුතුයි. 

පාකිස්තානයේ හොඳම එකොළොස් දෙනා ක්‍රීඩා කරද්දී, ප්‍රතිවාදීන්ගේ තුන්වැනි හොඳ කණ්ඩායම ඇවිත් අපට සටනක් ලබා දෙනවා.” 

මෙම හේතු නිසා ශ්‍රේණිගත කිරීම් පිළිබඳ උදම් ඇනීම අනවශ්‍ය බවයි Misbah පවසන්නේ. 

එමෙන්ම මීට පෙර තවත් පාකිස්තාන වේගපන්දු යවන්නෙකු වන Mohammad Aamir විසින් ද පාකිස්තාන නායක Babar Azam දුර්වල කණ්ඩායම්වලට එරෙහිව දක්ෂතා දක්වමින් ශ්‍රේණිගත කිරීම් හි ඉහළට පැමිණීම ප්‍රශ්න කර තිබුණා.

කෙසේ වෙතත් මෙවර ලෝක කුසලානය නිමා වන විට පාකිස්තානයේ ශ්‍රේණිගත කිරීම් පිළිබඳ ඇති සියලු ගැටලු නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙතැයි අනුමාන කළ හැකි. 

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Wisden ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<