ශ්‍රී ලංකාවට තවත් ජාතික තලයේ ක්‍රීඩාංගණයක්!

75

දේශීය පළමු  පෙළ ක්‍රිකට් තරග සහ පාසල් ක්‍රිකට් තරග පැවැත්වීමේ දී දැඩි අඩුපාඩුවක්ව පවතින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩාංගණ ගැටලුවට විසඳුමක් ලබා දීමේ තවත් එක් පියවරක් ලෙස පාදුක්ක ප්‍රදේශයේ සියලු පහසුකම්වලින් යුතු ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මේ වන විට පියවර ගෙන තිබේ.

ලක්ෂාන් සහ සදීර ජය මාවත විවර කරයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය ………

ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට (SLT) අනුබද්ධ පාදුක්ක ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් විශ්වවිද්‍යාලය (SLT campus) යටතේ පවතින භූමි ප්‍රමාණයෙන් කොටසක මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබෙන අතර ඒ වෙනුවෙන් වූ ගිවිසුමට පසුගිය දා දෙපාර්ශවය විසින් අත්සන් තබා ඇත. 

අක්කර 36ක පමණ භූමි ප්‍රමාණයක පැතිර ඇති SLT විශ්වවිද්‍යාල භූමියේ ඉදිකිරීමට නියමිත මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය අදියර කිහිපයකින් ඉදිකර අවසන් කිරීමට සැලසුම් කර තිබෙන අතර එහි පළමු අදියර ලෙස SLT ආයතනය විසින් හිස්ව පවතින එම භූමි භාගය ක්‍රිකට් ක්‍රීඩාංගණයකට උචිත ආකාරයට සකස් කිරීම සිදු කරනු ලැබේ. අනතුරුව අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් බවට එය පත් කිරීමේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරයේ පවතිනු ඇත.

මේ සඳහා අත්සන් තබා තිබෙන අදාළ ගිවිසුමට අනුව ජාත්‍යන්තර මට්ටමේ තණතීරු 6කින් සමන්විත ප්‍රධාන තණතීරුව, ජලය බැස යෑමේ පද්ධතිය, නවීන පහසුකම්වලින් සහිත ක්‍රීඩාගාර සහ පැති පුහුණු තණතීරු ඉදිකිරීමේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරනු ඇත. ඉදිරි වසර 18ක කාලය සඳහා මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කොට තිබෙන අතර ක්‍රීඩාංගණයේ පාලනය දෙපාර්ශ්වයේම එකතුවෙන් සමන්විත කළමනාකාර කමිටුවක් විසින් සිදු කිරීමට නියමිතය.

වේගපන්දුවේ දඩබ්බරයා – ඩේල් ස්ටේන්

පන්දුවාර 5යි. ලකුණු 58යි. කඩුලු 1යි. දල ලකුණු ලබා දීමේ වේගය …….

ගිවිසුමට අනුව ක්‍රීඩාංගණයේ සියලුම නඩත්තු කිරීමේ කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරනු ලබන අතර එමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ ක්‍රීඩා සමාජ හා SLT ආයතනයට ද ක්‍රීඩාංගණය භාවිතා කිරීමේ අවස්ථාව හිමි වනු ඇත. 

දෙපාර්ශවය අතර වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට SLT ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ගරු ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ දී සිදු කෙරිණ. 

මෙම අවස්ථාවට SLT විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරි රංජිත් රූබසිංහ, මෙහෙයුම් අධ්‍යක්ෂ රංජිත් ගුණවර්ධන, නීති අංශ ප්‍රධානී මිරාන් ප්‍රනාන්දු, මූල්‍ය අංශ ප්‍රධානී මහේෂ් ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න, විධායක කමිටු සාමාජික සහ ජාතික ක්‍රිකට් ව්‍යාපෘති කමිටු ලේකම් සුජීව ගොඩලියැද්ද සහ ජාතික ක්‍රිකට් සංවර්ධිත මධ්‍යස්ථාන ප්‍රධානී කමල් ධර්මසිරි යන මහත්වරුන් සහභාගී වූහ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<