ශ්‍රී ලංකාවේ 100 වන T-20 තරගයට ඉන්දියාවෙන් සාදයක්

239

ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට් ඉතිහාසයේ ශතක තරගය අවසන් වුණේ ලැජ්ජා සහගත පරාජයක් සමඟයි.

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ පැවති ඉන්දු – ශ්‍රී ලංකා පළමු පන්දුවාර 20 තරගය වූ මෙයින් ලකුණු 93ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩකයන් සමත් විය. මේ අනුව ශ්‍රී ලංකාවේ 100 වන පන්දුවාර 20  ක්‍රිකට් තරගය ඉතිහාසයට එක්වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම එතෙක් මෙතෙක් ලද දැවැන්තම පන්දුවාර 20 තරග පරාජය ලෙසයි.

වසරක නිමාවට පෙර සුභවාදී බලාපොරොත්තුවක්?

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග…

මේ තරගයේ ශ්‍රී ලංකාවේ වාසියට හිමි වූ එකම සිදුවීම කාසියේ වාසිය වූ අතර තිසර තෝරා ගත්තේ පන්දු යැවීමයි. ලෝකේශ් රාහුල් සහ නායක රෝහිත් ශර්මා ඉනිම ආරම්භ කරමින් ලකුණු 38ක සවිමත් අඩිතාලමක් සකස් කරද්දී, රෝහිත් ගේ ඉනිම ලකුණු 17ක දී නවතා දමන්නට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.

ඉන්දීය යොවුන් ක්‍රීඩකයන් තරගයේ වගකීම භාර ගනිමින් දෙවන කඩුල්ලට අර්ධ ශතක සබඳතාවක් ගොඩ නැගීමට කටයුතු කළ අතර එහි දී රාහුල්ගේ සහයට පැමිණියේ ශ්‍රේයාස් අයියර් ය. අයියර් ලකුණු 24ක් ලබා ගනිද්දී රාහුල් ලකුණු 61 ක් රැස් කළේ පන්දු 48ක් පමණක් වැය කරමින්.

11 වන පන්දු වාරයේ සිට 16 වන පන්දු වාරය දක්වා යම්තාක් දුරකට ඉන්දීය පිතිකරුවන් පාලනය කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට හැකියාව ලැබුණි. කෙසේ වෙතත් පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබා අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි මහේන්ද්‍ර සිං දෝනි අවසන් පන්දුවාර කිහිපය තුළ ලකුණු වේගය වැඩි කිරීමේ වගකීම භාර ගත්තේ මනීෂ් පාන්ඩේගේ අගනා සහයක් ද ලබමිනුයි.

දෝනි පන්දු 22කින් ලකුණු 39 ක් ලබා ගත් අතර ඊට හතරේ පහර 4 ක් සහ හයේ පහරක් ඇතුලත් විය. පාන්ඩේ පන්දු 18 කින් ලකුණු 32 ක් රැස් කළේ හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් සමගයි.

ඔවුන් දෙදෙනා නොබිඳුණු ලකුණු 68 ක සබඳතාවක් සමගින් නියමිත පන්දු වාර 20 අවසානයේ ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 3කට ලකුණු 80 ක් දක්වා ඉහල දමන්නට සමත් විය.

එය හුදෙක් ඉන්දීය පිතිකරුවන්ගේ දක්ෂතාව හේතුවෙන් ලබා ගත් ලකුණු සංඛ්‍යාවක් යයි පැවසීම අසාධාරණ වන අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන් යොමු කළ දුර්වල පන්දු ඉන්දියානුවන්ට විශාල සහයක් විය.

ලකුණු 181 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් කිසිවෙකුත් සාර්ථකත්වයේ පෙර ලකුණක් හෝ පෙන්වීමට සමත් නොවීය. අධික පින්නකින් යුතු කථක් ක්‍රීඩාංගනයේ පවා විශිෂ්ට පාලනයකින් යුතුව පන්දු යැවූ යුශ්වේන්ද්‍ර චහාල් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන් ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීමට වැය කළේ පන්දු වාර 16 ක් පමණි.

“ඔවුන් දන්නවා මගේ වැඩ” – හතුරුසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා පත්වීම් භාර ගැනීමෙන්…

ශ්‍රී ලංකා සියලු පිතිකරුවන් ලකුණු 87 ක ට දැවී ගිය අතර ලකුණු 20 සීමාව ඉක්මවා යාමට සමත් වූ එකම ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත් වුනේ උපුල් තරංග පමණි. චහාල් තම පන්දු වාර 4 තුළ ලකුණු 22 කට කඩුලු 4ක් බිඳ හෙලූ අතර හර්දික් පාණ්ඩ්යා කඩුලු 3ක් සහ කුල්දීප් යාදව් කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

තරංග ගේ ලකුණු 23 ට අමතරව කුසල් ජනිත් ලකුණු 19 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 13 ක් ලබා ගන්නා ලදී.

මේ අනුව ශ්‍රී ලංකාවේ 100 වන පන්දු වාර 20 තරගයේ ලකුණු පුවරුව සටහන් වුනේ පන්දුවාර 16 ක් තුළ සියල්ලන් දැවී ලකුණු 87 ක් ලෙසිනි. ඒ අනුව ඉන්දියාවට හිමි වූ ලකුණු 93 ක ජයග්‍රහණය ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසයේ විශාලතම ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් තරග ජයග්‍රහණය ලෙස ද සනිටුහන් විය. දෙරට අතර දෙවන පන්දු වාර 20 ක්‍රිකට් තරගය අනිද්දා (22) ඉන්දෝර් හීදී පැවැත්වීමට නියමිතය.

ඉන්දියාව – 180/3 (20) – ලෝකේශ් රාහුල් – 61, මහේන්ද්‍ර සිං දෝනි – 39*, මනීෂ් පාන්ඩේ – 32*, ඇන්ජලෝ මැතිව්ස් – 1/19 (3), තිසර පෙරේරා – 1/37 (4), නුවන් ප්‍රදීප් – 1/38 (4)

ශ්‍රී ලංකාව – සියල්ලන් දැවී – 87 (16) , උපුල් තරංග – 23, කුසල් ජනිත් – 19, නිරෝෂන් දික්වැල්ල – 13, දුෂ්මන්ත චමීර – 12,, යුශ්වේන්ද්‍ර චහාල් – 4/22 (4), හාර්දික් පාන්ඩ්යා – 3/29 , කුල්දීප් යාදව් – 2/18

ප්‍රතිඵලය ඉන්දියාවට ලකුණු 93 ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<