Home Sinhala Jaffna Kings ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි

Jaffna Kings ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

1626
Sri Lanka Cricket

දේශීය ක්‍රිකට් පිටියේ ප්‍රධානතම විස්සයි විස්ස තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලියේ තෙවැනි අදියර අද (06) සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී නිල වශයෙන් ආරම්භ වුනා.

දහවල් වරුවේ පැවති සමාරම්භක උළෙලෙන් පසුව තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ ගියවර ශූරයින් වූ Jaffna Kings සහ අනුශූරයින් වූ Galle Gladiators කණ්ඩායම් අතරයි.

පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගත් Galle Gladiators නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දුවට පහර දීමට Jaffna Kings ක්‍රීඩකයින්ට ආරාධනා කළා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • Jaffna Kings: අවිශ්ක ප්‍රනාන්දු, Tom Kohler-Cadmore, Rahmanullah Gurbaz (wk), තිසර පෙරේරා (c), ධනජය ද සිල්වා, James Fuller, Shoaib Malik, මහීෂ් තීක්ෂණ, Vijayakanth Viyaskanth, බිනුර ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ.
  • Galle Gladiators: කුසල් මෙන්ඩිස් (c), Azam Khan (wk),නිවනිඳු ප්‍රනාන්දු, Iftikhar Ahmed,සම්මු අශාන්, මෝවින් සුබසිංහ, Imad Wasim,පුලින තරංග,නුවන් තුෂාර, නුවන් ප්‍රදීප්, Wahab Riaz

සිය නායකයාගේ තීරණයට උපරිම සාධාරණයක් ඉටු කරමින් Jaffna ආරම්භක පිතිකරුවන් යුගලයම මුළු ලකුණු සංඛ්‍යාව 11ක් වන විට ක්‍රීඩාගාරයට හරවා යැවීමට Gladiators පන්දු යවන්නන්ට හැකි වුනා.

පෙර තරග වාරයේ ඉහළ දස්කම් දැක්වූ Tom Kohler-Cadmore නුවන් තුෂාරගේ පන්දුවක් හමුවේ දැවී යන විට Jaffna Kings ලකුණු පුවරුව දිස් වුනේ කඩුලු තුනක් දැවී ලකුණු 138ක් ලෙසයි.

Jaffna Kings කණ්ඩායමේ මුල්පෙළ ආරක්ෂකයා බවට පත් වෙමින් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා, නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට පන්දු 19ක් තුළ ලකුණු 29ක් ලබා සිටියා.

පස්වැනි කඩුල්ල ලෙස තිසර පෙරේරා ලකුණු 16කට දවා ගැනීමට Imad Wasimට හැකි වුනේ දිනයේ දවා ගත් තෙවැනි කඩුල්ල ලෙසයි.

Jaffna Kings ඉනිමට තරමක ජීවයක් ගෙන දෙමින් හයවැනි කඩුල්ල සඳහා දුනිත් වෙල්ලාලගේ සමඟ එක්ව ලකුණු 39ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසුව Shoaib Malik ලකුණු 30කට දැවී ගියේ Iftikhar Ahmedගේ පන්දුවක් හමුවේයි.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පන්දු 20ක් තුළ ලකුණු 30ක් ලබා ගැනීමෙන් පසු Wahab Riazගේ පන්දුවක් හමුවේ පිටියෙන් ඉවත් වූ අතර ඉන්පසු පැමිණි පිතිකරුවන් කිසිවකුට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වුනේ නැහැ.

ඒ සමඟ තරගාවලියේ වත්මන් ශූරයින් ලකුණු 137කට සීමා කිරීමට Galle Gladiators ක්‍රීඩකයින්ට හැකි වුනා.

ලකුණු 138ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි Galle Gladiators කණ්ඩායමේ පළමු කඩුල්ල සඳහා ලකුණු 58ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසු නිවනිඳු ප්‍රනාන්දු ලකුණු 15කට දැවී ගියේ දුනිත්ගේ පන්දුවක් හමුවේයි.

ඉන්පසුව පිටියට පිවිසි Azam Khan සහ Iftikhar Ahmed පිළිවෙළින් ලකුණු 5කට සහ 7කට පිටියෙන් ඉවත් කිරීමට Vijayakanth Viyaskanthට හැකි වුනේ Gladiators ලකුණු පුවරුව 79/4ක් බවට පත් කරමිනුයි.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 42ක් තුළ ලකුණු 52ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් කඩුල්ල මුවාකිරීමේ වරදට හසු කර ගනිමින් දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වුනේ තරගයේ වැඩි වාසි Jaffna Kings කණ්ඩායමට ගෙන එමිනුයි.

කුසල් මෙන්ඩිස් දැවී යන විට Galle Gladiators ක්‍රීඩකයින්ට ජයග්‍රහණය සඳහා පන්දු 24ක් තුළ ලකුණු 41ක් ජයග්‍රහණයට අවශ්‍යව තිබුණා.

Galle Gladiators ක්‍රීඩකයින්ට තවත් පීඩනයක් එල්ල කරමින් සම්මු අශාන් එක් ලකුණකට පිටියෙන් ඉවත් කිරීමට James Fullerට හැකි වුනා.

Jaffna Kings පන්දු යවන්නන්ට අභියෝගයක් එල්ල කරමින් ලකුණු 17ක් ලබා සිටි වමත් පිතිකරු Imad Wasim පිටියෙන් ඉවත් කරමින් තරගයේ වැඩි වාසි සිය කණ්ඩායමට ගෙන ඒමට බිනුර ප්‍රනාන්දු සමත් වුනා.

අවසන් පන්දුවාර කිහිපයේ Jaffna Kings ක්‍රීඩකයින්ගේ සුපිරි පන්දු යැවීම නිසා නියමිත පන්දුවාර 20 අවසානයේ Galle Gladiators කණ්ඩායමට සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 113ක් පමණයි.

ඒ අනුව තරගය ලකුණු 24කින් ජයග්‍රහණය කරමින් ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ සූරියවැව ක්‍රීඩාංගණයේ අඩුම ලකුණු ගණනක් ආරක්ෂා කළ කණ්ඩායම බවට Jaffna Kings පත් වුනා.

Result


Jaffna Kings
137/10 (19.5)

Galle Gladiators
113/10 (20)

Batsmen R B 4s 6s SR
Avishka Fernando lbw b Imad Wasim 9 9 1 0 100.00
Rahmanullah Gurbaz c Imad Wasim b Wahab Riaz 1 9 0 0 11.11
Dhananjaya de Silva c Azam Khan b Nuwan Pradeep 29 19 3 2 152.63
Tom Kohler-Cadmore c Movin Subasingha b Nuwan Thushara 6 6 1 0 100.00
Shoaib Malik c & b Iftikhar Ahmed 30 27 1 0 111.11
Thisara Perera c Nuwan Pradeep b Imad Wasim 16 16 1 0 100.00
Dunith wellalage c Azam Khan b Wahab Riaz 30 20 4 0 150.00
James Fuller c Nuwanidu Fernando b Iftikhar Ahmed 1 2 0 0 50.00
Vijayakanth Viyaskanth b Nuwan Thushara 4 4 0 0 100.00
Mahesh Theekshana c Nuwanidu Fernando b Nuwan Pradeep 0 3 0 0 0.00
Binura Fernando not out 3 4 0 0 75.00


Extras 8 (b 4 , lb 0 , nb 0, w 4, pen 0)
Total 137/10 (19.5 Overs, RR: 6.91)
Bowling O M R W Econ
Wahab Riaz 4 0 23 2 5.75
Imad Wasim 4 0 22 2 5.50
Nuwan Thushara 3.5 0 31 2 8.86
Nuwan Pradeep 4 0 23 2 5.75
Pulina Tharanga 3 0 26 0 8.67
Iftikhar Ahmed 1 0 8 1 8.00


Batsmen R B 4s 6s SR
Nuwanidu Fernando c & b Dunith wellalage 15 21 1 0 71.43
Kusal Mendis lbw b Mahesh Theekshana 51 43 5 0 118.60
Azam Khan c Dunith wellalage b Vijayakanth Viyaskanth 5 6 1 0 83.33
Movin Subasingha run out (Thisara Perera) 2 3 0 0 66.67
Iftikhar Ahmed c Thisara Perera b Vijayakanth Viyaskanth 6 8 1 0 75.00
Imad Wasim c Sadeera Samarawickrama b Binura Fernando 17 22 0 1 77.27
Sammu Ashan c Sadeera Samarawickrama b James Fuller 1 2 0 0 50.00
Pulina Tharanga not out 1 4 0 0 25.00
Wahab Riaz run out (Sadeera Samarawickrama) 4 3 0 0 133.33
Nuwan Pradeep c Shoaib Malik b Binura Fernando 1 7 0 0 14.29
Nuwan Thushara c Sadeera Samarawickrama b Binura Fernando 0 1 0 0 0.00


Extras 10 (b 3 , lb 2 , nb 0, w 5, pen 0)
Total 113/10 (20 Overs, RR: 5.65)
Bowling O M R W Econ
Thisara Perera 1 0 4 0 4.00
Mahesh Theekshana 4 0 24 1 6.00
Binura Fernando 3 1 22 3 7.33
James Fuller 4 0 19 1 4.75
Vijayakanth Viyaskanth 4 0 20 2 5.00
Dunith wellalage 3 0 15 1 5.00
Dhananjaya de Silva 1 0 5 0 5.00



තරගාවලියේ මූලික වටයේ Colombo Stars සහ Kandy Falcons අතර තරගය අද (06) රාත්‍රියේ දී පැවැත්වීමට නියමිතයි. එම තරගයේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<