ආධුනික කැරම් ශුරයා බ්‍රින්ඩල් ශුරිය මින්සාදි

310

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය විසින් මෙහෙයවන ලද `ලංකා ප්ලේට්´ ආධුනික කැරම් ශුරතාවලිය පසුගියදා කොහුවල කැරම් මුලස්ථාන පරිශ්‍රයේදි නිමාවට පත් වි‍ය.

පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල හා කාන්තා යුගල වශයෙන් තරඟ ඉසව් 4ක් යටතේ තරඟ සංවිධානය වි තිබු අතර දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 180කට අධික පිරිසක් තරඟාවලිය සඳහා සහභාගි විය.

තරඟාවලියේ පිරිමි කේවල අවසන් මහා තරඟයේදී බ්‍රින්ඩල් වික්‍රමසිංහ සමඟින් ශශික මුතුනායක තරඟ වැදුණු අතර එහිදි තරඟ වට 3-2ක් ලෙස ජයගත් බ්‍රින්ඩල් වික්‍රමසිංහ පිරිමි කේවල ශුරතාව තමන් සතු කරගන්නට සමත් විය.

කාන්තා කේවල අවසන් මහා තරඟයේදි මින්සාදි ලක්නාරා සමඟින් එල්.ඩබ්ලිව්.ආර් මදුෂානි තරඟ වැදුණු අතර එහිදි තරඟ වට 2-0ක් ලෙස පහසු ජයක් ලැබු මින්සාදි ලක්නාරා කාන්තා කේවල ශුරතාව තමන් සතුකරගන්නට සමත් විය.

පිරිමි යුගල අවසන් මහා තරඟයේදී ප්‍රමෝද මෙන්ඩිස් හා ශශික මුතුනායක යුගලය සමගින් ඒ.එස් සේනාධි හාඒ.එන්.එම් අමිර් යුගලය තරඟ වැදුණු අතර එහිදී තරඟ වට 2-0ක් ලෙස ජයගත් ප්‍රමෝද මෙන්ඩිස් හා ශශික මුතුනායක යුගලය පිරිමි යුගල ශුරතාවට හිමිකම් කියන ලදි.

කාන්තා යුගල අවසන් මහා තරඟයේදී රෙබේකා ගේබ්‍රියල් හා නිමාලි මධුෂානි යුගලය සමඟින් සුචිනි ශෂිකලා හාමාෂා නිර්මාණි යුගලය තරඟ වැදුණු අතර එහිදි තරඟ වට 2-0ක් ලෙස පහසු ජයක් ලැබු රෙබේකා ගේබ්‍රියල් හා නිමාලි මධුෂානි යුගලය කාන්තා යුගල ශුරතාව තමන් සතුකරගන්නට සමත් විය.