ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් පිටියේ ප්‍රධානතම විස්සයි විස්ස ලීගය වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි අදියර සඳහා සහභාගී වන කණ්ඩායම්වල නායකයින් සහ පුහුණුකරුවන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
තරගාවලියේ පළමු අදියර ද්විත්වයේම ශූරතාවය දිනා ගැනීමට සමත් වූ Jaffna Kings කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි තිසර පෙරේරා විසින් දරන අතර පෙර අවස්ථාවල දී මෙන්ම Colombo Stars නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් විසින් සහ Dambulla Aura නායකත්වය දසුන් ශානක විසින් දැරීමට නියමිතයි.
- ලංකා ප්‍රිමියර් ලීගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් වෙයි
- වෙල්ලාලගේ – අසලංකගේ පසුපෙළ ප්‍රහාරයෙන් ඇෆ්ගන් ක්‍රීඩකයින් මවිත වෙයි
- LPL තරගාවලියට විදෙස් විනිසුරුවන් දෙදෙනෙක්
- ශ්‍රී ලාංකිකයන් 13ක් බංග්ලාදේශ් ප්‍රිමියර් ලීගයට
- තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් IPL අත්හදා බැලීම් වලට
මෙවර තරගාවලියේ නායකත්ව වෙනස්කම් දෙකක් සිදුව ඇති අතර අවස්ථා ද්විත්වයේම අනුශූරතාව දිනා ගත් Galle Gladiators නායකත්වය මෙවර කුසල් මෙන්ඩිස් හට ලබා දී ඇති අතර අනෙක් කණ්ඩායම වන Kandy Warriors නායකත්වය දරන්නේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග විසිනුයි.
තරගාවලියේ නායකයින් සහ පුහුණුකරුවන්,
Colombo Stars | Jaffna Kings | Galle Gladiators | Dambulla Aura | Kandy Warriors | |
නායකයා | ඇන්ජලෝ මැතිවුස් | තිසර පෙරේරා | කුසල් මෙන්ඩිස් | දසුන් ශානක | වනිඳු හසරංග |
ප්‍රධාන පුහුණුකරු | රුවන් කල්පගේ | තිලිණ කණ්ඩම්බි | Moin Khan | Mickey Arthur | පියල් විජේසිංහ |
සහය පුහුණුකරු | චමිල ගමගේ | Mario Villavarayan | Umar Gul | අවිශ්ක ගුණවර්ධන | තරංග ධම්මික |
පිතිකරණ පුහුණුකරු | සම්පත් පෙරේරා | ජෙහාන් මුබාරක් | |||
පන්දු රැකීමේ පුහුණුකරු | උපුල් චන්දන | විමුක්ති දේශප්‍රිය | Muhammed Waqar Ali Syed | රුවින් පීරිස් | මනෝජ් අබේවික්‍රම |
2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙට (06) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ තොරතුරු සඳහා රැඳී ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<