ශ්‍රී ලාංකිකයන් 13ක් බංග්ලාදේශ් ප්‍රිමියර් ලීගයට

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය

1128

2023 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 13 දෙනෙකු ගිවිසුම් ගතව තිබෙනවා.

තරගාවලියට අදාළ ක්‍රීඩකයින් කණ්ඩායම් වලට බෙදා වෙන් කිරීම ඊයේ (23 ) පැවැත්වුනා.

මෙම තරගාවලිය සඳහා ආබාධයක් නිසාවෙන් කලක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටි කුසල් ජනිත් එක්ව සිටීම ද විශේෂත්වයක්.

තරගාවලියේ ක්‍රීඩකයින් බෙදා වෙන් කිරීමට පෙර අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, තිසර පෙරේරා සහ ධනංජය ද සිල්වා කණ්ඩායම්වලට එක්ව තිබුණා.

 කණ්ඩායම් සඳහා ගිවිසුම් ගත වූ ක්‍රීඩකයින්,

  • Chattogram Challengers: විශ්ව ප්‍රනාන්දු, අශාන් ප්‍රියන්ජන්
  • Dhaka Dominators: චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මුණවීර
  • Khulna Tigers: අවිශ්ක ප්‍රනාන්දු, දසුන් ශානක
  • Rangpur Riders: ජෙෆ්රි වැන්ඩර්සේ, පැතුම් නිස්සංක
  • Sylhet Strikers: කමිඳු මෙන්ඩිස්, තිසර පෙරේරා, ධනංජය ද සිල්වා
  • Fortune Barishal: කුසල් ජනිත්, චතුරංග ද සිල්වා

2023 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය ජනවාරි මස 06 සිට පෙබරවාරි මස 16 දක්ගා පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<