මියුසියස් – ගේට්වේ මංගල දැල්පන්දු සංග්‍රාමයට සියල්ල සූදානම්

322

කොළඹ මියුසියස් විද්‍යාලය හා ගේට්වේ ජාත්‍යන්තර පාසල (Gateway College) පාසල්  දැල්පන්දු පිටිය නවමු මානයකට ගෙන යමින් ඉතිහාසයේ පළමු වරට දැල්පන්දු මහා තරගයක් සංවිධානය කිරීමට කටයුතු යොදා තිබේ. ප්‍රථම මියුසියස් – ගේට්වේ දැල්පන්දු මහා සංග්‍රාමය ‘මාරි මියුසියස්-රෝහිනී අලස් අභියෝගතා කුසලානය’ ලෙස නම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ දැල්පන්දුව ක්‍රීඩිකාවන්ගේ උස මතම යැපෙනවා ද?

තර්ජිනී සිවලිංගම්, මෙලනි විජේසිංහ සහ එලිලේන්තිනී සේතුකාවලර් යන නම්..

තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ හිටපු සභාපතිනියක වන වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය සහභාගී වන අතර විසාකා විද්‍යාලය හා මහනුවර ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර ප්‍රදර්ශනාත්මක තරගයක් හා මියුසියස් ගේට්වේ වයස අවුරුදු 15න් පහළ තරගයක් ද පැවැත්වෙන්නේ වයස අවුරුදු 20න් පහළ ක්‍රීඩිකාවන්ගේ මහා තරගයට සමගාමීවයි.

වයස අවුරුදු 15න් පහළ තරගයෙන් මේ සැණකෙළිය ආරම්භ වන අතර සහභාගී වන ප්‍රේක්ෂකයින් උදෙසා ද විශේෂ අංග රැසක් එදින පැවැත්වෙනු ඇත.

“ශ්‍රී ලංකාවේ පෞද්ගලික පාසලක් හා රජයේ පාසලක් දැල්පන්දු මහා තරගයකට සහභාගී වන පළමු අවස්ථාව මේක, මම හිතනවා මෙය ඉතා සාර්ථක වෙයි කියලා.” ආචාර්ය හර්ෂ් අලස් මහතා පැවසිය.

“විශේෂයෙන්ම ක්‍රිකට් හා රග්බි මහා තරග උණුසුම බොහොම ඉහළින් තිබෙනවා, ඒ නිසා මම සිතනවා බාලිකා මහා තරගත් ඉතා වැදගත් වේවි කියා, තරුණ ළමයි මේ වගේ අවස්ථා දැකල ක්‍රීඩාවට හා ක්‍රීඩාවේ කොටසක් වෙන්න ආසා කරාවි, මෑත කාලීන හොඳම උදාහරණය රාජකීය-ගේට්වේ පැසිපන්දු මහා තරගය” තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේය.

සිංගප්පූරු ක්‍රීඩිකාවන් හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කළ සිව්කොන් ආරාධිත ජාත්‍යන්තර දැල්පන්දු…

ජුනි 30 දා රාජකීය විද්‍යාලය ක්‍රීඩා සංකීර්ණයේ දී මේ තරගය පැවැත්වෙන අතර මියුසියස් විද්‍යාලයීය දැල්පන්දු සංගමය හා ගේට්වේ විද්‍යාලයීය දැල්පන්දු සංගමය සම සමව මේ අවස්ථාවේ සත්කාරකත්වය දක්වනු ඇත.

මියුසියස් විද්‍යාලයේ විදුහල්පතිනී නෙලුම් සේනාධීර මහත්මිය පවසා සිටියේ “මේ අවස්ථාව මතකයේ රැඳෙන අවස්ථාවක් කරන්න සියලු දෙනා බොහොම මහන්සි වෙනවා.”

ශ්‍රී ලංකාවේ නිදහස් බෞද්ධ කාන්තා අධ්‍යාපනය ඉතා වැදගත් අංගයක් බව හඳුනා ගත් ජර්මන් අධ්‍යාපනඥ මාරි මියුසියස් හිඟින්ස් මහත්මිය මියුසියස් විද්‍යාලයේ නිර්මාපකයා මෙන්ම පළමු විදුහල්පතිනිය ද වන අතර ඇය බුද්ධ ධර්මය හා සිංහල සංස්කෘතිය පිළිබඳ ද ග්‍රන්ථ රචනා කළ විද්වතියක්.

රෝහිනී අලස් මහත්මිය රාජකීය විද්‍යාලයේ හිටපු ආචාර්යවරියක් මෙන්ම ජනාධිපති විද්‍යාලයේ ආරම්භක නියෝජ්‍ය විදුහල්පතිවරිය ද වෙනවා. අලස් මහත්මිය ගේට්වේ විද්‍යාලයේ ආරම්භයේ දී ඉමහත් සේවයක් සිදු කළ අතර විශේෂයෙන් ප්‍රාථමික අංශය පිහිටුවීමේ දී ඇගෙන් සුවිශේෂ මෙහෙයක් ඉටු වුනා.

ගේට්වේ  විද්‍යාලයේ නිර්මාතෘ ආර්. අයි. ටී. අලස් මහතාට ඉමහත් සහයක් දුන් ඇය වසර ගණනක් පුරා එම විද්‍යාලයේ සේවයට කැපවුණා.  

වයස අවුරුදු 15න් පහළ තරගය සවස 2.30ට ආරම්භ වන අතර ප්‍රදර්ශන තරගය සවස 3.15ටත්, වයස අවුරුදු 20න් පහළ මහා තරගය සවස 4.00ටත් ආරම්භ වීමට නියමිතයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<