ඩක්වර්ත්-ලුවිස් ක්‍රමයේ සම-නිර්මාතෘ ටෝනි ලුවිස් අභාවප්‍රාප්ත වෙයි

319
TONY LEWIS

1997 වසරට පෙර ක්‍රිකට් තරගයක් අතරතුර වර්ෂාවෙන් හෝ යම් කාලගුණික තත්ත්වයක් හමුවේ තරගයට බාධාවක් එල්ල වුවහොත් සිදුකළේ තරගය අත්හැර දැමීමයි. නැතහොත් කණ්ඩායම් දෙකේ ලකුණු ලබා ගැනීමේ වේගය මත තරගයේ ප්‍රතිඵලය ලබා දීමයි. 

සුපිරි එංගලන්ත ක්‍රීඩකයා කොරෝනා වෙනුවෙන් ජර්සිය වෙන්දේසි කරයි

මේ දිනවල ලොව පුරා පැතිර යන COVID-19 හෙවත් කොරෝනා වෛරසය නිසා ගෝලීය අර්බුදයක් නිර්මාණය

1997 වසරේ දී ක්‍රිකට් ක්‍රීඩාවට නවමු ක්‍රමයක් හඳුන්වා දීමට ටෝනි ලුවිස් හා ෆ්‍රෑන්ක් ඩක්වර්ත් සමත් විය. පසුකලෙක “ඩක්වර්ත්-ලුවිස් න්‍යාය” ලෙස එය හැඳින්විනි. 

කාලගුණික විපර්යාස සහිත සීමිත ඕවර ක්‍රිකට් තරග සඳහා භාවිතා කළ මෙම “ඩක්වර්ත්-ලුවිස්-ස්ටර්න් ක්‍රමවේදය” ගොඩනැගීමට ප්‍රබල දායකත්වයක් දැක්වූ ටෝනි ලුවිස් වයස අවුරුදු 78 දී මෙලොව හැර ගිය බව එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලය පසුගියදා නිවේදනය කළේය. 

“මියයන විට වයස අවුරුදු 78ක් වූ ටෝනි ලුවිස්ගේ අභාවප්‍රාප්ත වීම පිළිබඳව එංගලන්ත ක්‍රිකට් ආයතනයට දැන ගන්න ලැබුනා. එය ඉතාමත් කණගාටුදායක ප්‍රවෘත්තියක්.” නිල නිවේදනයක් නිකුත් කරමින් එංගලන්ත ක්‍රිකට් ආයතනය පැවසීය. 

ටෝනි, සෙසු ගණිතඥයා වූ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් සමඟ 1997 වසරේ දී හඳුන්වා දුන් “ඩක්වර්ත්-ලුවිස් ක්‍රමය” 1999 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල වශයෙන් සම්මත කරන ලදී. 

2014 වසරේ දී “ඩක්වර්ත්-ලුවිස්-ස්ටර්න් ක්‍රමය” ලෙස නම් කරන ලද ගණිතමය සූත්‍රය, ලොව පුරා කාලගුණ විපර්යාස නිසා බාධා ඇති වන සීමිත ඕවර ක්‍රිකට් තරග සඳහා දිගටම භාවිතා කරයි. 

පසුකලෙක එංගලන්තයේ පදිංචි වූ මෙම වේල්ස් ජාතිකයා වෘත්තීය ගණිතඥයෙකු ලෙස සේවය කළේය. ටෝනි ලුවිස්ට 2010 වසරේ දී ක්‍රිකට් හා ගණිතය සඳහා කළ සේවය වෙනුවෙන් MBE (බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සාමාජිකයා/Member of British Empire) ගෞරව නාමය ද හිමි විය. 

“ටෝනි සහ ෆ්‍රෑන්ක් ක්‍රීඩාවට දැක්වූ දායකත්වයට ක්‍රිකට් ක්‍රීඩාව බෙහෙවින් ණයගැතියි” යනුවෙන් එංගලන්ත ක්‍රිකට් ආයතනය තවදුරටත් පැවසීය.

“ටෝනිගේ පවුලට අපගේ අවංක ශෝකය පළකරනවා.” 

වත්මන් නායකයාගෙන් ඉදිරි නායකත්වය පිළිබඳව පෙරවදනක්

ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමේ භාරධූර වගකීම ස්ටීව් ස්මිත්ගේ කර මත යළිත්

1992 වසරේ දී සිඩ්නි නුවර පැවති ලෝක කුසලාන අවසන් පූර්ව තරගය සඳහා වර්ෂාවෙන් බාධා එල්ල විය. එලෙස බාධා එල්ල වන තරග සඳහා එවකට භාවිතයේ පැවති ක්‍රමය වූයේ එක් එක් කණ්ඩායමේ ඉනිමෙන් අඩුම ලකුණු ලබා ගත් ඕවර ඉවත් කිරීමයි. එම තරගයේ දී එක් එක් කණ්ඩායම් ලබා ගත් අවම පන්දුවාර ඉවත් කිරීමෙන් අනතුරුව දිස්වූ අසාමාන්‍ය ප්‍රතිඵලය මෙම ඩක්වර්ත් ලුවිස් න්‍යාය සඳහා ප්‍රබලම අඩිතාලම සැපයීය. 

වර්ෂාවට පෙර එංගලන්තය පරාජය කිරීම සඳහා පන්දු 13ක දී ලකුණු 22ක් ලබා ගැනීමේ අභියෝගයට දකුණු අප්‍රිකාව මුහුණ දී සිටියේය. එය අපහසු ඉලක්කයක් වුවත් කෙසේ හෝ එය ලබා ගැනීමට යම් අවස්ථාවක් දකුණු අප්‍රිකාවට තිබිනි. එවකට පැවති ක්‍රමයට අනුව දකුණු අප්‍රිකාවට වර්ෂාවකින් පසු එක් පන්දුවකින් ලකුණු 21ක් ලබා ගැනීමේ අපහසු ඉලක්කයක් හිමිව තිබිනි. එම නිසා එංගලන්තය තරගය ජයග්‍රහණය කරමින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. 

ඩක්වර්ත්-ලුවිස් යුගලයේ වඩාත් ප්‍රසිද්ධ කථිකයා වූයේ ඩක්වර්ත් ය. සංඛ්‍යාලේඛන විශේෂඥයෙකු වූ ස්ටීවන් ස්ටර්න් වසර කිහිපයකට පසුව සූත්‍රය සංශෝධනය කිරීමට උදව් කළේය. 

මෙම තරගය පිළිබඳව අදහස් දක්වමින් ඩක්වර්ත් පසුකලෙක මෙසේ පැවසීය. 

“මට මතකයි ඒ තරගයේ විචාරක ක්‍රිස්ටෝපර් මාටින්-ජෙන්කින්ස් ගුවන් විදුලියෙන් මෙසේ පැවසුවා. ‘මෙවැනි තරග සඳහා වඩා හොඳ විසඳුමක් ලැබෙන දෙයක් කවුරු හරි කළ යුතුයි’ කියලා. ඒ වෙලාවේ මේ තත්ත්වය ගණිතමය විසඳුමක් අවශ්‍ය ගණිතමය ගැටලුවක් බව මට ඉක්මනින් වැටහුනා.” 

ඩක්වර්ත්-ලුවිස් ක්‍රමය සහ පෙර ක්‍රම අතර ඇති විශාල වෙනස වූයේ එය කඩුලු ලබා ගනිමින් ඉලක්කය ආරක්ෂා කිරීම මෙන්ම ලකුණු රැස් කිරීමෙන් ඉලක්කය හඹා යාම යන අංශ දෙකම සැලකිල්ලට ගැනීමයි. 

මෙම ක්‍රමයේ සැලකිය යුතු කරුණක් නම් තරගය එක් අවස්ථාවකට වඩා වැඩි වාර ගණනක් නැවැත්වුවද එහි ඉලක්කය සමානුපාතිකව සකස් කළ හැකි වීමයි. 

මෙම ඩක්වර්ත්-ලුවිස් පද්ධතිය පිළිබඳ ඇති එක් විවේචනයක් නම් එක් එක් පන්දුවාර අවසානයේ දී කණ්ඩායම් ඉක්මවා යා යුතු තැන පෙන්වන ප්‍රස්ථාරයකට ප්‍රවේශ නොවී එම පද්ධතිය තේරුම් ගැනීම අපහසු වීමයි. 

ඕස්ට්‍රේලියාවේ ‘ද ටෙස්ට්’ වාර්තා චිත්‍රපටය ගැන ජෝ රූට් කතා කරයි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම තම ක්‍රීඩක විවේකාගාරය තුළ සිදුවූ සිදුවීම් කිහිපයක් අළලා

නමුත් D/L ලෙස සඳහන් ඉලක්කයක් දැකීම ලොව පුරා ක්‍රිකට් ලකුණු පුවරුවල හුරුපුරුදු අංගයක් බවට පත්විය. 

කෙසේවෙතත් මෙම න්‍යාය හමුවේ තවමත් රටවල් කිහිපයකට පූර්ණ ලෙස එකඟ වීමට නොහැකි අවස්ථා කීපයක් උදාවිය. මෙම න්‍යායට අනුව තරගයක් ජයග්‍රහණය කිරීමට හා ජය පරාජයකින් තොරව අවසන් කිරීමට අවශ්‍ය ලකුණු ප්‍රමාණයන් එකිනෙකට වෙනස් වීම තරමක වික්ෂිප්ත කරන සුළුය. ඩර්බන් නුවර දී ශ්‍රී ලංකාවට එරෙහිව මෙම වැරැද්ද සිදුකළ සම-සත්කාරක දකුණු අප්‍රිකාවට 2003 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. 

ඩක්වර්ත්-ලුවිස් පිහිටුවීමෙන් පසුව ඇති වූ ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටිම ආකෘතිය වන විස්සයි විස්ස තරගවලට මෙම ක්‍රමය නොගැලපීම පිළිබඳව ද මෙම සූත්‍රයට විවේචන එල්ල වී තිබේ. 

කෙසේවෙතත් ඩක්වර්ත්-ලුවිස් න්‍යායට වෙනත් විකල්ප ක්‍රමයක් තවමත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සොයා ගෙන නොමැත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<