වත්මන් නායකයාගෙන් ඉදිරි නායකත්වය පිළිබඳව පෙරවදනක්

97

ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමේ භාරධූර වගකීම ස්ටීව් ස්මිත්ගේ කර මත යළිත් වතාවක් පැවරීම සුදුසුද නැද්ද යන්න පිළිබඳව මේ වන විට විශාල කතිකාවක් නිර්මණය වෙමින් පවතියි. එරට ටෙස්ට් කණ්ඩායමේ වත්මන් නායක ටිම් පේන් පසුගියදා මාධ්‍ය අමතමින් සඳහන් කර සිටියේ එවැනි වැදගත් තීරණයක් ගැනීමට පෙරාතුව විමසා බැලිය යුතු කරුණු කාරණා කිහිපයක් පවතින බවයි. 

ඕස්ට්‍රේලියාවේ ‘ද ටෙස්ට්’ වාර්තා චිත්‍රපටය ගැන ජෝ රූට් කතා කරයි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම තම ක්‍රීඩක විවේකාගාරය තුළ සිදුවූ සිදුවීම් කිහිපයක් අළලා වාර්තා චිත්‍රපටයක්……

2018 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයක් අතරතුර දී සිතාමතා පන්දුව පළුදු කිරීමට අනුබල දීමේ චෝදනාව යටතේ වරදකරු බවට පත්වූ ස්ටීව් ස්මිත් හට වසර දෙකක කාලයක් බල පවත්වනා පරිදි අන්තර්ජාතික තරගයන් හිදී නායකත්වය දැරීමේ අවස්ථාව අහිමි කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගන්නා ලදි. 

දෙවසරක දඬුවම් කාලය අවසන් කිරීමෙන් අනතුරුව නායකත්ව භූමිකාවට නැවත වතාවක් පණ පෙවීමේ අපේක්ෂාවෙන් පසුවන ස්මිත් හට එය එතරම් පහසු කර්තව්‍යයක් නොවනු ඇතැයි වත්මන් නායක ටිම් පේන් ඇතුළු බොහෝ ක්‍රිකට් විශාරදයින් විශ්වාස කරයි. ඒ ඉතාමත් දක්ෂ, නායකත්ව ගුණාංගයන්ගෙන් හෙඹි යොවුන් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම පසුගිය කාල සමයේ දී තේරිම් කමිටුවේ විශේෂ අවධානයක් දිනා ගැනීමට සමත්කම් දැක්වූ නිසාවෙනි. 

35 හැවිරිදි වියේ පසුවන වත්මන් ටෙස්ට් කණ්ඩායමේ නායක ටිම් පේන්, ඔහුගේ ක්‍රීඩා දිවියේ සැඳෑ කාල සීමාව පසු කරමින් සිටින බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබුනි. නමුත් ටෙස්ට් පිටියට සමුදීමේ බලාපොරොත්තුවක් තවමත් නොමැති බවද ඔහු අවධාරණය කර සිටියේය. 

තමන් නික්ම යා යුතු කාල සීමාව පිළිබඳ අවසන් තීරණය ඉදිරියේ දී දැනුම් දීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ පේන්, තමන් මේ පිළිබඳ මින් ඉහත අවස්ථා කිහිපයක දීම ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැංගර් මහතා ඇතුළු කළමණාකාරීත්වය සමඟ සාකච්ඡා කළ බව ද සඳහන් කර තිබුනි. 

ශ්‍රී ලංකා තරගාවලිය අවලංගු වුන නිසා බලාපොරොත්තු සුන් වුන ජෙනිංග්ස්

2019-20 තරග වාරය කීටන් ජෙනිංග්ස්ගේ සිහිනවලට එතරම් හොඳ කාලයක් බව පෙනෙන්නට නොතිබුණි. බලාපොරොත්තු….

“පවතින වාතාවරණයත් එක්ක මට තව කොච්චර කාලෙකට ක්‍රීඩා කරන්න පුළුවන්ද කියන එක ගැන හරියටම කියන්න බැහැ. නමුත් මම දන්නවා ඕනම දේකට එක්තරා සීමාවක් තියෙනවා. සීමාව පහු කරගෙන ගියාම එතෙන ලොකු ගැටළුවක් නිර්මාණය වෙන්න ඉඩකඩක් තියෙනවා.” 

වීඩියෝ ඇමතුමක් ඔස්සේ මාධ්‍යවේදීන් නැඟූ පැනයන්ට පිළිතුරු දුන් ටිම් පේන්, ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමේ සුක්කානම කා අතට පත්විය යුතුද යන්න පිළිබඳව ඇසූ පැනයට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසිනි. 

“ඒක එහෙම සරලව ගන්න පුළුවන් කාරණයක් නෙමෙයි. මේ වෙලාවේ දී අපිට විකල්ප කිහිපයක්ම තියෙනවා. ඒ අය අතරින් වඩාත්ම සුදුසුම පුද්ගලයට නායකත්වය ලැබේවි කියලා මම හිතනවා.” 

“ස්මිත්ට කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා කියන්නේ නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. ඔහුට ඒ පිළිබඳව හොඳ පළපුරුද්දක් තියෙනවා වගේම ඔහු සාර්ථක නායකයෙක් කියන එක ඉතිහාසය පුරාවටම ඔප්පු කරලත් තියෙනවා. ඒත් එක්කම ට්‍රැවිස් හෙඩ්, මානස් ලබුෂේන්, ඇලෙක්ස් කේරී සහ පැට් කමින්ස් වගේ දක්ෂතා අතර සිටින ක්‍රීඩකයින්ටත් ඉතාමත් හොඳ අවස්ථාවක් තියෙනවා නායකත්වයේ බර කරට ගන්න. මොකද එයාලා තමයි අපේ අනාගතය. අපි සැලසුම් සකස් කරන්න ඕන අද ගැනට වඩා හෙට දවස ගැන හිතලා.” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<